පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
.
අසන ලද දිනය
2026-06-25
අසන ලද්දේ
ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
මඩකලපුව දිස්ත්‍රික්කයේ ඒකාබද්ධ කාලසටහන් සම්බන්ධයෙන් සාකච්ඡා තුනක් පවත්වා ඇත. පෞද්ගලික බස්රථවලට ලබා දී ඇති ඇතැම් නීත්‍යනුකූල බලපත්‍ර හේතුවෙන් ගැටලු මතු වී ඇති බැවින් එම සාකච්ඡා අසාර්ථක වී ඇත.
(ii) • අන්තර් පළාත් මාර්ග සඳහා ඒකාබද්ධ කාලසටහන් සකස් කර ක්‍රියාත්මක කිරීම මේ වනවිටත් ආරම්භ කර ඇති අතර, ඒ අනුව කොළඹ සිට පුත්තලම පිවිසුම් මාර්ගය ඔස්සේ ධාවනය වන සියලුම බස් සේවා සඳහා ඒකාබද්ධ කාලසටහන් 2025.08.25 දින සිට ක්‍රියාත්මක කරන ලදී.
(ආ) (i) වාර්තා වී නැත.
එම දිස්ත්‍රික්කයන් තුළ දුම්රිය හා බස් රථ ධාවනය පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුවේ හා ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ තොරතුරු පහත පරිදි වේ.
දුම්රිය දෙපාර්තමේන්තුව
මේ වන විට කොළඹ කොටුව සිට සහ මහව හන්දිය සිට මඩකලපුව දක්වාත් මඩකලපුව සිට මහව හන්දිය සහ කොළඹ කොටුව දක්වාත් ඇමුණුම 01හි සඳහන් පරිදි දුම්රිය ධාවනය වේ.
ඇමුණුම 01:
කොළඹ කොටුව සිට මඩකලපුව දක්වා
මඩකලපුව සිට කොළඹ කොටුව දක්වා
මහව හන්දිය සිට මඩකලපුව
මඩකලපුව සිට මහව හන්දිය
මඩකලපුව දිස්ත්‍රික්කයට අදාළව දුම්රිය ධාවනයේ වෙනසක් සිදුව නොමැති අතර දුම්රිය ධාවනය පෙර පරිදිම සිදු වේ.
ජාතික ගමනාගමන කොමිෂන් සභාව
ඇමුණුම 02:
|
අනු අංකය |
මාර්ගය |
සේවාව |
බස් රථ සේවාව |
|
1. |
මඩකලපුව - කොළඹ |
සාමාන්‍ය අර්ධ සුඛෝපභෝගී සුඛෝපභෝගී අධි සුඛෝපභෝගී |
4 8 4 2 |
|
2. |
මඩකලපුව - ගම්පොල |
සාමාන්‍ය |
1 |
|
3. |
මඩකලපුව - මහනුවර |
සාමාන්‍ය |
1 |
|
4. |
මඩකලපුව - ගාල්ල |
සාමාන්‍ය |
2 |
|
5. |
කාත්තන්කුඩි - කොළඹ |
අර්ධ සුඛෝපභෝගී |
2 |
|
6. |
ඔඩ්ඩුමාවඩි - කොළඹ |
අර්ධ සුඛෝපභෝගී |
1 |
|
7. |
කාත්තන්කුඩි - කදුරුවෙල |
සාමාන්‍ය |
2 |
|
8. |
කොළඹ - කොක්අඩිචෝලේ |
සුඛෝපභෝගී |
1 |
|
9. |
මඩකලපුව - පුත්තලම |
සාමාන්‍ය |
1 |
|
10. |
මඩකලපුව - වවුනියාව |
සාමාන්‍ය |
2 |
|
මුළු බස් රථ සංඛ්‍යාව |
31 |
||
ඇමුණුම් 03 සහ 04 සභාගත* කරමි.
(ii) දුම්රිය දෙපාර්තමේන්තුව
අදාළ නොවේ.
"දිට්වා" සුළි කුණාටුව නිසා උක්ත දුම්රිය මාර්ග සියල්ල ඇනහිටි අතර මාර්ගය යථාවත් කරමින් ක්‍රමානුකූලව දුම්රිය ධාවනය ආරම්භ කිරීම සිදු කර ඇත.
ජාතික ගමනාගමන කොමිෂන් සභාව - NTC
ඉහත සඳහන් මාර්ගවලට අමතරව තවදුරටත් අන්තර් පළාත් හෝ පළාත් තුළ මාර්ගවලට බස් රථ යෙදවීමට මගී අවශ්‍යතාවක් පවතී නම් අදාළ සමීක්ෂණ කටයුතු සිදු කර නව මාර්ග හඳුනාගෙන නියමිත ක්‍රමවේදය යටතේ මගී සේවා අවසර පත්‍ර නිකුත් කරන ලෙස ජාතික ගමනාගමන කොමිෂන් සභාවට සහ පළාත් ප්‍රවාහන අධිකාරියට උපදෙස් ලබා දී ඇත.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-06-25
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) ප්‍රසන්න ගුණසේන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks