E   |     |  

 දිනය: 2026-07-10   පිළිතුර ලබා දී ඇත 

1410/2026: අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගවල සේවය කරන තාවකාලික සේවකයින්: ස්ථිර පත්වීම්

ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා,— ප්‍රවාහන, මහාම‍ාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)       ශ්‍රී ලංකාවේ ඇති අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග සංඛ්‍යාව කොපමණද;

            (ii)       මඩකලපුව දිස්ත්‍රික්කයේ ඇති අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග සංඛ්‍යාව කොපමණද;

(iii) එම අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගවල සේවයේ නියුතු ස්ථිර සහ තාවකාලික සේවකයින් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iv) තාවකාලික සේවකයින්ට ස්ථිර පත්වීම් ලබා දෙනු ලබන දිනය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2026-07-10

අසන ලද්දේ

ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      414කි.

              (ii)      37කි.

             (iii)      ස්ථිර සේවකයන් යොදවා නොමැත.

                        තාවකාලික සේවකයන් ගණන 51කි.

             (iv)      මෙම දෙපාර්තමේන්තුවේ අවසරයෙන් තොරව මහජනයා විසින් අනවසරයෙන් භාවිත කරන අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග සඳහා යොදවා ඇති සේවකයින් දුම්රිය දෙපාර්තමේන්තුවේ අනුමත කාර්ය මණ්ඩලයට අයත් නොවන අතර, එම සේවකයන් ස්ථිර කිරීමේ හැකියාවක් නොමැති බව කාරුණිකව දන්වමි.

 (ආ) මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්ගේ අංක BD/GPS/13/01/01/2026 හා 2026.01.14 දිනැති ලිපියෙහි සඳහන් උපදෙස් පරිදි 2026 අයවැය යෝජනා අනුව 2026 ජනවාරි මස සිට එම සේවකයින් සඳහා ගෙවීම් කිරීම පමණක් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මඟින් සිදු කරන බව කාරුණිකව දන්වමි.

අතීතයේදී මෙම දෙපාර්තමේන්තුවේ පැවැති උග්‍ර සේවක පුරප්පාඩු හේතුවෙන් දෙපාර්තමේන්තු මට්ටමෙන් පාලනය වුවද, ගේට්ටුකරුවන් යොදා නොමැති හරස් මාර්ග සහ මෙම දෙපාර්තමේන්තුවේ අවසරයෙන් තොරව මහ ජනයා විසින් අනවසරයෙන් භාවිත කරන හරස් මාර්ගවලදී සිදු වන අනතුරු ඉහළ යෑම හේතුවෙන් ප්‍රජා පොලිස් සේවාව යටතේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග ආරක්ෂිත කිරීමේ කාර්යය රජය විසින් පොලිස් දෙපාර්තමේන්තුව වෙත පවරා ඇත.

ඒක 2013දී පමණ ගත්තු තීන්දුවක්.

එහිදී අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග සඳහා තාවකාලික ගේට්ටු ස්ථාපිත කිරීම හා ගේට්ටු ක්‍රියාකරවන්නන් යෙදවීම පොලිස් දෙපාර්තමේන්තුව විසින් සිදු කර ඇති අතර, එම ගේට්ටුකරුවන් බඳවා ගැනීම ස්ථිර රැකියාවක් නොවන ස්වේච්ඡා සේවාවක් යටතේ සිදු කළ යුතු බව පොලිස්පතිවරයාගේ 2013.07.02 දිනැති ලිපිය අනුව තහවුරු වේ.

 

පිළිතුරු දුන් දිනය

2026-07-10

විසින් පිළිතුරු දෙන ලදී

ගරු බිමල් රත්නායක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks