පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු (වෛද්‍ය) පත්මනාදන් සත්‍යලිංගම් මහතා,— මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)
(අ) (i) 2009 වර්ෂයේ සිට මේ දක්වා වන්නි මැතිවරණ දිස්ත්‍රික්කයේ රැකියා අවස්ථා ලබා දීම සඳහා ආරම්භ කර ඇති රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ ආයෝජන ව්‍යාපෘති සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීමට රජය විසින් ලබා දෙනු ලබන සහන කවරේද;
(iii) ආයෝජකයින්ට දුෂ්කරතාවයකින් තොරව රජයේ ඉඩම් ලබාගැනීම සඳහා සරල ක්‍රමවේදයක් හඳුන්වාදී තිබේද;
(iv) සියලු සේවා එකම ස්ථානයකින් සැපයීමට හැකි වන පරිදි දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල ආයෝජන මණ්ඩලය මඟින් විශේෂ ඒකක ආරම්භ කිරීමට සැලසුම් කර තිබේද;
(v) එසේ නම්, ඒවා ක්‍රියාත්මක කරනු ලබන දිනය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-02-17
අසන ලද්දේ
ගරු (වෛද්‍ය) පත්මනාදන් සත්‍යලිංගම් මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 2009 සිට ආයෝජන මණ්ඩල ව්‍යාපෘති 19ක් වන්නි මැතිවරණ දිස්ත්‍රික්කයේ - මන්නාරම, වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්ක - වාණිජ මෙහෙයුම් ආරම්භ කර ඇත.
(ii) ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීමට දැනට පවතින සහන පහත දැක්වේ.
(iii) ආයෝජන මණ්ඩලය විසින් අනුමත කරන ලද ආයෝජන ව්‍යාපෘතියක් ආයෝජන මණ්ඩල කලාප ඉඩමක් තුළ මෙහෙයුම් ආරම්භ කිරීමට තෝරා ගන්නේ නම්, අවම කාල රාමුවක් තුළ ඉඩම වෙන් කිරීමට ආයෝජන මණ්ඩලයට පියවර ගත හැකිය. ආයෝජකයා වෙනත් රජයේ ආයතන සතු ඉඩම් ලබා ගැනීමට අදහස් කරන්නේ නම්, අදාළ ඉඩම් හිමිකාරී ආයතනය විසින් අනුගමනය කරන ලද ඉඩම් වෙන් කිරීමේ ක්‍රියා පටිපාටි අනුගමනය කළ යුතුය.
(iv) ඍජු විදේශ ආයෝජන - FDI - ආකර්ෂණය කර ගැනීම සඳහා ආයෝජන මණ්ඩලය - BoI - නියෝජිතායතනය ලෙස කටයුතු කරන අතර, ආයෝජකයින්ට අන්තර්ජාලය හරහා ආයෝජන අයදුම්පත් ඉදිරිපත් කිරීමට අවස්ථාව සපයා ඇත. ආයෝජකයින්ට ඔවුන්ගේ ව්‍යාපෘතිවල ජීවන චක්‍රය පුරාවටම ආයෝජන මණ්ඩලය ප්‍රධාන කාර්යාලය මඟින් මෙන්ම රට පුරා පිහිටුවා ඇති ආයෝජන මණ්ඩල කලාප සහ ප්‍රාදේශීය කාර්යාල හරහා පහසුකම් සපයනු ලබන අතර, සෑම අදියරකදීම කාර්යක්ෂම සහ පුළුල් සහයෝගයක් සහතික කෙරේ.
(v) පැන නොනඟී.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2026-07-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නිශාන්ත ජයවීර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks