පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1407/2025
ගරු (වෛද්‍ය) පත්මනාදන් සත්‍යලිංගම් මහතා,— නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) වවුනියා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් ජාතික නිවාස සංවර්ධන අධිකාරියට භාර කර ඇති 2011 වර්ෂයේදී රජයේ සේවකයන්ට ලබා දුන් වවුනියාව දිස්ත්‍රික්කයේ ඕමන්ත-වේප්පන්කුලම් ප්‍රදේශයේ පර්චස් 20ක් බැඟින්වූ ඉඩම් කැබැලි 125ක් සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් දීමනා පත්‍ර ලබා දිය යුතු බව දන්නේද;
(ii) වසර 14කට පෙර රජයේ සේවකයන්ට ලබා දුන් සංවර්ධනය නොකළ එම ඉඩම් සංවර්ධනය කිරීමෙන් පසු වත්මන් වටිනාකමට ඇස්තමේන්තු කර තිබේද;
(iii) එසේ නම්, එම ඉඩම් ලබාදුන් අවස්ථාවේදී තිබූ වටිනාකම සැලකිල්ලට ගනිමින් එම දේපළ නැවත තක්සේරු කරනු ලබන්නේද;
(iv) නැවත ඇස්තමේන්තු කිරීම සිදු කරන කාලවකවානු කවරේද;
(v) නැවත ඇස්තමේන්තු කිරීමෙන් අනතුරුව, අදාළ පදිංචිකරුවන්ට ඉඩම් බලපත්‍ර ලබා දිය හැකි කාලවකවානුව කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-03-18
අසන ලද්දේ
ගරු (වෛද්‍ය) පත්මනාදන් සත්‍යලිංගම් මහතා, පා.ම.
අමාත්‍යාංශය
නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) මෙම ව්‍යාපෘතිය 2011 වසරේදී වවුනියාව ප්‍රාදේශීය ලේකම් විසින් තෝරා ගනු ලැබූ රාජ්‍ය සේවකයන් 709ක් සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් ලබා දෙනු ලැබූ ණය හා ආධාර සහිතව ඉදිකරනු ලැබූ නිවාස ව්‍යාපෘතියකි. වර්තමානය වන විට මෙහි පදිංචිව සිටින ප්‍රතිලාභින් සංඛ්‍යාව 171ක් වන අතර, අනෙක් අය පිළිබඳ වර්ගීකරණය පහත පරිදි වේ.
එහෙයින් ඉඩම් කැබලි 125ක් සඳහා නොව වර්තමානයේ මෙලෙස පදිංචිව ඇති ප්‍රතිලාභීන් නිවැරදිව හඳුනාගෙන ඒ සියලුදෙනා වෙත ඔප්පු ලබා දීමට අවශ්‍ය කටයුතු ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් සිදු කරමින් පවතී.
(ii) 2012 වසරේදී මෙම ඉඩම් සඳහා රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවෙන් තක්සේරුවක් ලබාගෙන ඇත.
(iii) 2011 වසරේදී ආරම්භ කරන ලද මෙම නිවාස ව්‍යාපෘතියේ ඉඩම් සඳහා 2012 වසරට අදාළව තක්සේරුව ලබාගෙන ඇති බැවින්, නැවත තක්සේරු ලබා ගැනීමක් අවශ්‍ය නොවේ.
(iv) අදාළ නොවේ.
(v) වවුනියාව ප්‍රාදේශීය ලේකම් සතුව තිබූ මෙම ඉඩම 2022 වසරේදී දීමනා පත්‍රයක් මඟින් ජාතික නිවාස සංවර්ධන අධිකාරියට පවරා දී ඇති අතර, එම ඉඩම් සඳහා ප්‍රතිලාභින්ගෙන් ඉඩමේ වටිනාකම අය නොකරන ලෙසත්, මෙම නිවාස ව්‍යාපෘතිය ඉදිකිරීමේදී ජාතික නිවාස සංවර්ධන අධිකාරියට වැය වූ මුදල් පමණක් ප්‍රතිලාභින්ගෙන් අයකර ඔප්පු ලබා දීමට කටයුතු කරන ලෙසත් එම දීමනා පත්‍රයේ සඳහන්ව ඇත.
මේ වන විට මිනින්දෝරු සැලැස්මට අනුව කැබලි ලේඛන ලැබී ඇති අතර, සුදුසුකම් සපුරා ඇති රාජ්‍ය සේවකයන් සඳහා ඔප්පු ලබා දීමට තහවුරු කළ ප්‍රතිලාභී නාම ලේඛනයක් ලබා දෙන ලෙස ප්‍රාදේශීය ලේකම් දැනුවත් කර ඇති අතර, එය ලද පසු අධ්‍යක්ෂ මණ්ඩලය වෙත යොමු කර අදාළ අනුමැතිය ලද වහාම ඔප්පු ලබා දීමට අවශ්‍ය කටයුතු කළ හැකිය.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-05-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ටී. බී. සරත් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks