E   |     |  

 දිනය: 2026-03-04   පිළිතුර ලබා දී ඇත 

1406/2026: වවුනියාව දිස්ත්‍රික්කය: ලියාපදිංචි වාරි වැව්

.

අසන ලද දිනය

2026-03-04

අසන ලද්දේ

ගරු (වෛද්‍ය) පත්මනාදන් සත්‍යලිංගම් මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

 (අ)         (i)      වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය හා නඩත්තු වන මන්නාරම කලාපයට යටත්ව, වවුනියාව දිස්ත්‍රික්කයේ ප්‍රධාන වැව් 01ක්ද, මධ්‍ය පරිමාණ වැව් 04ක් ද පිහිටා ඇත.

                        ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යටතේ ලියාපදිංචි කර ඇති වාරි වැව් සංඛ්‍යාව 05කි. (වවුනියාව දිස්ත්‍රික්කයට අයත් වනුයේ මහවැලි "එල්" කලාපයේ වෙහෙරතැන්න කොට්ඨාසය පමණි.)

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි කර ඇති වාරි වැව් සංඛ්‍යාව 823කි. ඒ අනුව, මුළු එකතුව වැව් 833ක් ලෙස සඳහන් වනවා.

  (ii) ඉහත (අ) (i) හි සඳහන් පරිදි වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය හා නඩත්තු වන ප්‍රධාන වැව් යටතේ අක්කර 4,134ක කුඹුරු ඉඩම් ප්‍රමාණයක්ද, මධ්‍ය පරිමාණ වැව් යටතේ අක්කර 2,194ක සමස්ත කුඹුරු ඉඩම් ප්‍රමාණයක් ද ඇත.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යටතේ කුඹුරු ඉඩම් අක්කර 460ක් ද, ‍ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ අක්කර 34,806ක්ද වශයෙන් මුළු එකතුව අක්කර 41,594ක ප්‍රමාණයක් සඳහන් වනවා.

  (iii) ඉහත සඳහන්, වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය හා නඩත්තු වන මහා පරිමාණ සහ මධ්‍ය පරිමාණ වැව් සියල්ල භෝග වගාව සඳහා ජලය සපයනු ලබයි.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යටතේ වැව් 04ක්, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ වැව් 602ක් වනවා. ඒ අනුව, 611ක වැව් පද්ධතියක් භෝග වගාව සඳහා ජලය සපයමින් තිබෙනවා.

  (iv) වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ වන අක්කර 6,328ක් වන මුළු කුඹුරු වගා බිම් ප්‍රමාණයම සාර්ථක ලෙස පෝෂණය වේ.

මීට අමතරව ප්‍රධාන අමුණක් වන කල්ආරු අමුණ ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් පාලනය වන අතර, එමඟින් අක්කර 600ක පමණ කුඹුරු ප්‍රමාණයක් පෝෂණය කරයි.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය අක්කර 335ක් ද, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව  අක්කර 32,087ක් පෝෂණය කරනවා. ඒ අනුව  සමස්ත වාරි පද්ධතිය ඇතුළේ පෝෂණය කරන වගා භූමි ප්‍රමාණය අක්කර 38,750ක් ලෙස සඳහන් වනවා.

  (v) වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය හා නඩත්තු කටයුතු කර අතහැර දැමූ වැව් කිසිවක් නොමැත.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යටතේ වන වැව් 01ක් ද, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ වන වැව් 221ක් ද වශයෙන් සමස්ත වැව් ප්‍රමාණය 222ක් ලෙස සඳහන් වෙනවා.

(vi) ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යටතේ වන වැව්වලට අදාළව අක්කර 125ක්, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට යටතේ වන වැව්වලට අදාළව අක්කර 2,719ක් වශයෙන් එකතුව අක්කර 2,844ක් ලෙස සඳහන් වනවා.

 (ආ) (i) • වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ නඩත්තු වන අතහැර දැමූ වැව් නොමැත.

• ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යටතේ අතහැර දමා ඇති වැව් සංවර්ධනය කිවුල් ඔය ව්‍යාපෘතිය යටතේ සිදුවේ.

• අත්හැර දමා ඇති වාරි වැව් 2026 වර්ෂය සඳහා ප්‍රතිසංස්කරණය කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරී සැලැස්මට ඇතුළත් කර ඇත. දිස්ත්‍රික්ක 13ක් සඳහා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන මාර්ගෝපදේශ සංග්‍රහයට අනුව තෝරාගනු ලබන වැව් සඳහා රුපියල් මිලියන 125ක ප්‍රමාණයක් වෙන් කර ඇත.

ගරු මන්ත්‍රීතුමා විමසන ප්‍රශ්නයට අදාළව ගත්තොත්, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව යටතේ තිබෙන වැව් ප්‍රතිසංස්කරණය කරන්න අපි විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරමින් තිබෙනවා, "වාරි මහිම - අපේ උරුමය" කියලා. ඒ සඳහා මෙවර අය වැයෙන් රුපියල් මිලියන 10,000ක් වෙන් කළා. ඒ වාගේම 2026 වර්ෂයට අදාළව අපි රුපියල් මිලියන 3,000ක් යොදා ගත්තා. විශේෂයෙන්ම එතුමා ප්‍රශ්න කළ ප්‍රදේශයට අදාළවත් විශේෂ ව්‍යාපෘති කිහිපයක් අපි සූදානම් කර තිබෙනවා.

(ii) ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යටතේ කුඹුරු ඉඩම් ජනතාවට බෙදා දිය හැක.

(iii) කිවුල් ඔය ව්‍යාපෘතියට අදාළ ඉදිකිරීම් හා සංවර්ධන කටයුතු අවසන් වූ පසුව ඉඩම් ලබා දීම සිදු වේ. දිනය නිශ්චිතව කිව නොහැක.

(ඇ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2026-03-04

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අරවින්ද සෙනරත් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks