04

E   |     |  

 දිනය: 2025-11-24   පිළිතුර ලබා දී ඇත 

1396/2025: අම්පාර දිස්ත්‍රික්‍කයේ වගා කළ හැකි පාරම්පරික ඉඩම්: නිදහස් කිරීම

1396/2025

ගරු එම්.එස්. අබ්දුල් වාහිද් මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)        (i)      1990 දශකය වනවිටත් ගොවිතැන් කටයුතු සිදු කරන ලද, වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට සහ වන සංරක්ෂණ දෙපාර්‌තමේන්තුවට පවරා ගන්නා ලද, පොතුවිල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ඇතුළු අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පාරම්පරික ඉඩම් පසුගිය රජය විසින් අදාළ පාර්‌ශ්ව වෙත නිදහස් කිරීම සඳහා මූලික පියවර ගනු ලැබූ බව දන්නේද;

(ii) එසේ නම්, ආමවට්ටුවාන්, බේගාමම්, පල්ලියඩිවට්ටෙයි, කිරාන්කෝවයි, පාලයියඩිවට්ටෙයි, කුම්මාවෙලි, කාට්ටුමඩු සහ තුක්කොල්ලයි යන ගම්මානවල ඇති වී ගොවිතැන් කරනු ලබන කුඹුරු ඉඩම්, අදාළ පුද්ගලයන්ට නිදහස් කිරීමට පියවර ගන්නේද;

(iii) ඒ තුළින් ශ්‍රී ලංකාවේ වී නිෂ්පාදනය ඉහළ නැංවීමට එම පුද්ගලයන්ගේ දායකත්වය ලබා ගැනීමට පියවර ගන්නේද;

(iv) ඉහත කුඹුරු ඉඩම් සඳහා ප්‍රවේශ මාර්‌ග, වාරිමාර්‌ග කාණු පද්ධති, බෝක්කු සහ කුඩා පාලම් ආදිය ඉදිකිරීමට පියවර ගන්නේද;

 යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-11-24

අසන ලද්දේ

ගරු එම්.එස්. අබ්දුල් වාහිද් මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්.

              (ii)      අදාළ ඉඩම් නිදහස් කිරීම සඳහා සමාලෝචනය කර අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඒ සඳහා අදහසක් ඉදිරිපත් කරන්න පුළුවන්. මේ ඉඩම් අතරින් පල්ලියඩිවට්ටෛ ඉඩම් සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ගයක් ගෙන ඇති නිසා එම ඉඩම් නිදහස් කිරීම සම්බන්ධව කටයුතු කිරීමට හැකියාවක් නැහැ.

(iii) ඔව්.

(iv) මහ ජනතාවගෙන් ලැබෙන ඉල්ලීම් සහ ඒ ප්‍රදේශයේ අදාළ ආයතනවල ඉල්ලීම් පිළිබඳව සමාලෝචනය කිරීමෙන් අනතුරුව, අධිකරණ ක්‍රියාමාර්ගයත් සැලකිල්ලට ගනිමින් මේ ආයතන සම්බන්ධීකරණය කර ගැනීමෙන් අනතුරුව ඒ කටයුතු කරන්න හැකියාවක් පවතින බව සඳහන් කරනවා.

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2025-11-24

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks