E   |     |  

 දිනය: 2026-07-22   පිළිතුර ලබා දී ඇත 

1377/2026: හීලෑ අලි-ඇතුන් සහ හිමිකරුවන් මුහුණ දෙන ගැටලු: විසඳුම්

ගරු නීතිඥ චමින්ද්‍රාණී කිරිඇල්ල මහත්මිය,— පරිසර අමාත්‍යතුමාගෙන්  ඇසීමට,— (1)

 (අ)      (i)       මේ වනවිට ශ්‍රී ලංකාවේ සිටින හීළෑ අලි-ඇතුන් සංඛ්‍යාව කොපමණද;

            (ii)       එම හීළෑ අලි-ඇතුන් සහ හිමිකරුවන් මුහුණ දෙන ගැටලු විසඳීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

අසන ලද දිනය

2026-07-22

අසන ලද්දේ

ගරු නීතිඥ චමින්ද්‍රාණී කිරිඇල්ල මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

පරිසර

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      ලියාපදිංචි ලිපිගොනු පදනම් කර ගනිමින් නෛතික ගැටලු නොමැති හීලෑ අලි ඇතුන් 56දෙනෙකු දැනට හඳුනාගෙන ඇත.

              (ii)      හීලෑ අලි ඇතුන්හට යම් හිංසාවක් හෝ අකටයුත්තක් සිදුවන බවට යම් පැමිණිල්ලක් ලද විට ඒ සම්බන්ධව සොයා බලනු ලබයි. එසේම හීලෑ අලි ඇතුන් හිමිකරුවන් විසින් මෙම දෙපාර්තමේන්තුව වෙත යොමු කරන ගැටලුව වන්නේ ඔවුන්ගේ ලියාපදිංචි හීලෑ අලි ඇතුන් සඳහා වාර්ෂික බලපත්‍ර නිකුත් කරන්නේ ද යන්නය. වර්තමානය වනවිට හීලෑ අලි ඇතුන් ලියාපදිංචිය සහ වාර්ෂික බලපත්‍ර සම්බන්ධව නෛතික ගැටලුකාරී තත්ත්වයක් පවතින හෙයින් හීලෑ අලි ඇතුන් සඳහා වාර්ෂික බලපත්‍ර නිකුත් නොකරන අතර, නීතිපති උපදෙස් මත මේ සම්බන්ධ නව රෙගුලාසි සම්පාදනය කරමින් පවතී.

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2026-07-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks