පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු නීතිඥ චමින්ද්‍රාණී කිරිඇල්ල මහත්මිය,— ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මඟින් මහනුවර දිස්ත්‍රික්කය තුළ මගී ප්‍රවාහනය සිදු කළ යුතු මාර්ග සංඛ්‍යාව කොපමණද;
(ii) එම මාර්ග අතරින් මණ්ඩලයේ බස්රථ මඟින් මගී ප්‍රවාහනය සිදු කරනු ලබන මාර්ග සංඛ්‍යාව සහ මගී ප්‍රවාහනය සිදු කරනු නොලබන මාර්ග සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) මගී ප්‍රවාහනය සිදු කරනු නොලබන මාර්ගවල එම මණ්ඩලයේ බස්රථ මඟින් මගී ප්‍රවාහනය සිදු නොකිරීමට හේතු කවරේද;
(iv) මහනුවර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස්රථ ධාවනය ඉහළ නැංවීමට ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
(v) මහනුවර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ සංවර්ධනය කිරීමට ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-07-22
අසන ලද්දේ
ගරු නීතිඥ චමින්ද්‍රාණී කිරිඇල්ල මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) මාර්ග සංඛ්‍යාව 454යි.
එයින් 324ක මාර්ගවල බස් රථ ධාවනය කරනු ලබයි.
(ii) මෙම එක් එක් ඩිපෝ බලප්‍රදේශ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ මගී ප්‍රවාහනය කළ යුතු මාර්ග පහත පරිදි වේ.
|
ඩිපෝව |
මාර්ග |
මගී ප්‍රවාහනය වන |
මගී ප්‍රවාහනය නොවන |
|
මහනුවර උතුර |
85 |
65 |
20 |
|
මහනුවර දකුණ |
58 |
41 |
17 |
|
යටිනුවර |
52 |
27 |
25 |
|
වත්තේගම |
31 |
31 |
0 |
|
තෙල්දෙණිය |
51 |
42 |
09 |
|
උඩුදුම්බර |
23 |
23 |
0 |
|
ගම්පොල |
76 |
52 |
24 |
|
නාවලපිටිය |
78 |
43 |
05 |
|
එකතුව |
454 |
324 |
100 |
මෙම මාර්ග අතරින් දැනට ශ්‍රීලංගම බස්රථ ධාවනය වන මාර්ග හා ධාවනය නොවන මාර්ගවල සමස්ත එකතුව පහත පරිදි වේ.
සමස්ත මාර්ග සංඛ්‍යාව - 454
මගී ප්‍රවාහනය සිදුවන මාර්ග - 324
මගී ප්‍රවාහනය සිදු නොවන මාර්ග - 100
(iii) මෙම මාර්ගවල බස් රථ ධාවනය නොවීමට හේතු පහත පරිදි වේ.
උදාහරණ: D type බස් රථ හිඟය
(iv) නව බස් රථ 200ක් ග්‍රාමීය මාර්ග සඳහා කුලී පදනම මත ලබා ගැනීමට පියවර ගනිමින් සිටින අතර ශ්‍රී ලංගමට නිත්‍ය වශයෙන් ග්‍රාමීයව මාර්ග සඳහා කුඩා C, D කාණ්ඩයේ බස් රථ ලැබෙන තුරු මෙම පියවර ක්‍රියාත්මක කිරීමට නියමිතය.
(v) • ආදර්ශ ඩිපෝ ව්‍යාපෘතිය මඟින් මේ වන විටද මහනුවර උතුර ඩිපෝවේ සංවර්ධනය පිළිබඳ පියවර ගනිමින් සිටියි.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-07-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks