E   |     |  

 දිනය: 2026-05-06   පිළිතුර ලබා දී ඇත 

1374/2026: මහනුවර දිස්ත්‍රික්කයේ උඩගම ග්‍රාමය: පානීය ජල ගැටලුව

.

අසන ලද දිනය

2026-05-06

අසන ලද්දේ

ගරු නීතිඥ චමින්ද්‍රාණී කිරිඇල්ල මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      මෙම පැනය මඟින් ඉදිරිපත් කර ඇති උඩගම නැමැති ග්‍රාමය මහනුවර දිස්ත්‍රික්කයේ ගඟවටකෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් උඩගම ග්‍රාමය ලෙස අනුමාන කරන අතර, එම ග්‍රාමයෙහි කොටසකට අපගේ අම්පිටිය ජල සම්පාදන ක්‍රමය මඟින් ජල සැපයුම කරනු ලබයි. වියළි කාලගුණ තත්ත්ව යටතේ උස් බිම් සදහා අඩු ජල සැපයුමක්ද, අනෙකුත් ප්‍රදේශ සඳහා නිසි ජල සැපයුමක්ද කරනු ලබයි. අපගේ අම්පිටිය ජල සම්පාදන ක්‍රමය මඟින් ආවරණය නොවන කොටසක්ද මෙම ග්‍රාමය තුළ පවතී.

(ii) මෙම පැනයෙන් අපේක්ෂිත ප්‍රදේශය උඩගම ග්‍රාමයේ කොටසක්ද යන බව තහවුරු කර ගැනීමෙන් පසුව තාක්ෂණික යෝග්‍යතාව පරීක්ෂා කර බලා නව ජල සැපයුම් ක්‍රමයක් මඟින් ආවරණය කළ හැකිද යන්න ශක්‍යතා අධ්‍යයනයකින් පසු තීරණය කළ හැකි ය.

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2026-05-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) සුසිල් රණසිංහ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks