පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
.
අසන ලද දිනය
2026-04-22
අසන ලද්දේ
ගරු නීතිඥ චමින්ද්‍රාණී කිරිඇල්ල මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) අධ්‍යාපනවේදී උපාධිය ප්‍රදානය කරනු ලබන රජයේ විශ්වවිද්‍යාල 06ක් සහ අධ්‍යාපනවේදී උපාධිය ප්‍රදානය කරනු ලබන උසස් අධ්‍යාපන අංශය යටතේ ඇති උපාධි පිරිනැමීමේ ආයතන 09ක් තිබෙනවා.
අධ්‍යාපනවේදී උපාධිය ප්‍රදානය කරනු ලබන රජයේ විශ්වවිද්‍යාල 06
අධ්‍යාපනවේදී උපාධිය ප්‍රදානය කරනු ලබන උසස් අධ්‍යාපන අංශය යටතේ ඇති උපාධි පිරිනැමීමේ ආයතන 09
පෞද්ගලික විශ්වවිද්‍යාල
රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 16/92 ප්‍රකාරව විදේශීය විශ්වවිද්‍යාල, පොදු රාජ්‍ය මණ්ඩලීය විශ්වවිද්‍යාල වාර්ෂික ප්‍රකාශනයේ - Commonwealth Universities Yearbookහි - තිබෙන විශ්වවිද්‍යාල සහ ලෝක උසස් අධ්‍යාපන දත්ත පද්ධතියේ -World Higher Education Databaseහි - තිබෙන විශ්වවිද්‍යාල තමයි අනුබද්ධ විශ්වවිද්‍යාල ලෙස නම් වෙලා තිබෙන්නේ.
ඒ විශ්වවිද්‍යාල මඟිනුත් මේ අධ්‍යාපනවේදී උපාධිය පිරිනමනවා. ඉතිරි ප්‍රශ්නවලට උත්තර සැපයීමේදී මම නියාමනය සම්බන්ධයෙනුත් කරුණු සපයන්නම්.
(ii) 2025.01.01 සිට මේ දක්වා බඳවා ගනු ලැබූ සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් පහත පරිදි ඉදිරිපත් කරමි.
(iii) ඔව්.
මේක සමාජයේ කථා බහ වන කාරණයකුත් නිසා මේ සම්බන්ධයෙන් නිර්දේශ ලබා ගැනීම සඳහා අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් අධ්‍යාපන ශාඛාව, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ ජාතික අධ්‍යාපන ආයතනය යන ආයතන නියෝජනය වන පරිදි කමිටුවක් පත් කර එම කමිටු නිර්දේශයන් රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර ඇත.
(iv) මේ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ තත්ත්ව ආරක්ෂණ කවුන්සලය SLQF කියන තත්ත්වය ආරක්ෂා කිරීම සඳහා පරීක්ෂා කරනවා. රජයේ නොවන විශ්වවිද්‍යාල, non-State universities කියලා අපි හඳුන්වන විශ්වවිද්‍යාල අවුරුදු පහෙන් පහට මෙම සම්මත නිර්ණායක පවත්වනවාද යන්න පිළිබඳව ආයතනික හා විෂය ප්‍රතිසමාලෝචනයක් කරනවා. අවුරුදු පහෙන් පහට. ඒ, non-State universities කියන කොටස.
ඊළඟට, අධ්‍යාපනවේදී උපාධිධාරින්ගේ උපාධිවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් මම කලින් කියපු කමිටුව මඟින් රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරලා තිබෙනවා. මෙතැනදී මම කියන්නම්, සලකා බලන ලද කාර්යයන් සහ නිර්ණායක සම්බන්ධයෙන්. විශේෂයෙන් credits සංඛ්‍යාව, අවුරුදු 4ක් විය යුතුයි කියන එක, මාර්ගගත නොවන,- මේක ප්‍රශ්නයක් විධියට ආවා. මාර්ගගත උපාධි පිරිනමන ආයතන සම්බන්ධයෙන් සමාජයේ කතිකාවක් තිබුණා, පූර්ණකාලීන විය යුතුයි කියලා. ඊළඟට, අඩු ගණනේ සති 10කවත් internship එකක්, කාලයක් ලබාගත යුතුයි කියන කරණාව. ඒ සම්බන්ධයෙන් නිර්ණායක රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත ලබා දීලා තිබෙනවා, මේ වෙනකොට.
ඊට අමතරව අහනවා, සෙසු උපාධි පාඨමාලා සම්බන්ධයෙන්. මේ සම්බන්ධයෙන් දැන් අපි උසස් අධ්‍යාපන ප්‍රතිපත්ති සකස් කරමින් තිබෙනවා. එතැනදී ගැටලුවක් එන්නේ transnational education, ඒ කියන්නේ දේශාන්තර අධ්‍යාපනය කියන කොටසට. එතැනදී තමයි ඔය අනුබද්ධ - affiliated - විශ්වවිද්‍යාල ශාඛා ලංකාවේ හැදිලා, සමහර වෙලාවට අපට එහි ප්‍රතීතනය, ගුණාත්මකභාවය මැන බැලීම සඳහා විධි ක්‍රමයක් දැනට නැත්තේ. ඒ සම්බන්ධයෙන් අවසන් කෙටුම්පතත් අපි දැන් සකස් කර තිබෙනවා. මේ වෙනකොට සියලුම transnational education institutions, අනුබද්ධ විශ්වවිද්‍යාල, සියලුම ආයතන එක තැනකට අරගෙන නියාමනය කිරීම සඳහා අවශ්‍ය කටයුතුවල අවසාන අදියරේ තිබෙන්නේ.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2026-06-12
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) මධුර සෙනෙවිරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks