01

E   |     |  

 දිනය: 2026-03-17   පිළිතුර ලබා දී ඇත 

1372/2026: අනාථ දරුවන් සඳහා නිසි රැකවරණය: ගෙන ඇති පියවර

.

අසන ලද දිනය

2026-03-17

අසන ලද්දේ

ගරු නීතිඥ චමින්ද්‍රාණී කිරිඇල්ල මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

කාන්තා සහ ළමා කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)        (i)    දෙමව්පියන් අහිමි හා රැකවරණය අවශ්‍ය ළමුන් බරපතළ අවදානමකට ලක්වීමේ ළමුන් ලෙස හඳුනාගත් අවස්ථාවලදී රැකවරණ සැලසුම් සකස් කර ක්‍රියාවට නංවන අතර එවැනි දරුවන් 13,521දෙනෙකු 2025 වර්ෂයේදී හඳුනාගෙන ඇත.

              (ii)      එම දරුවන්ගේ රැකවරණය වෙනුවෙන් ඒ ඒ දරුවාගේ රැකවරණයට බලපා ඇති කරුණු සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව අදාළ මැදිහත්වීම් ඒකාබද්ධ ප්‍රවේශයක් යටතේ පහත පරිදි සිදු කෙරේ.

Ø රැකවරණ සැලසුම් සකස් කර ක්‍රියාවට නැංවීම

Ø විවිධ ආධාර ලබා දීම (අධ්‍යාපන, පෝෂණ, වෛද්‍ය, හදිසි විපත්, නිවුන් දරු ආධාර වැනි)

Ø දරුවන් පවුල තුළ සුරක්ෂිත කිරීම සඳහා විකල්ප රැකවරණය පිළිබඳ ජාතික ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම

Ø දරුවන්ගේ සහභාගිත්ව අයිතිය සුරක්ෂිත කිරීම සඳහා ළමා සමාජ සහ ළමා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම

Ø බරපතළ අවදානමට ලක්වී නොමැති දරුවන් හඳුනා ගැනීමට ග්‍රාමීය ළමා සංවර්ධන කමිටු ක්‍රියාවට නැංවීම

Ø ළමා අයිතිවාසිකම් තහවුරු කිරීම මෙන්ම දරුවන්ගේ ‍රැකවරණය වෙනුවෙන් සමාජ ව්‍යුහය ස්ථාපිත කිරීම හා බලගැන්වීම උදෙසා දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම

(iii) පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව විසින් සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරින් සහ ළමා හිමිකම් ප්‍රවර්ධන සහකාරවරුන් අනුයුක්ත කර ඇති අතර, එම නිලධාරින් සෑම ග්‍රාම නිලධාරි වසමක්ම ආවරණය වන පරිදි රාජකාරි කටයුතු සඳහා යොදවා ඇත.

(iv) 393කි.

ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරින් - 189

ළමා හිමිකම් ප්‍රවර්ධන සහකාර (ක්ෂේත්‍රගත) - 201

ළමා හිමිකම් ප්‍රවර්ධන සහකාර

(දෙපාර්තමේන්තුගත) - 03

(ක්ෂේත්‍රගත ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරින් සහ ළමා හිමිකම් ප්‍රවර්ධන සහකාර අනුමත කාර්ය මණ්ඩල නිලධාරින් සංඛ්‍යාව 426ක් වන අතර, ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරින් විශ්‍රාම යාමෙන් පසුව එම තනතුර අහෝසි වන බැවින් ඒ සඳහා සංවර්ධන නිලධාරි සේවයේ නිලධාරින් ළමා හිමිකම් ප්‍රවර්ධන සහකාර ලෙස අනුයුක්ත කිරීමට හැකියාවක් නොමැති බැවින් ඇතැම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරි තනතුරු පුරප්පාඩු වී ඇත. මේ පිළිබඳව දැනුම් දෙමින් ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරි තනතුරේ පුරප්පාඩු සඳහා සංවර්ධන නිලධාරින් අනුයුක්ත කිරීමට කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවෙන් අනුමැතිය ඉල්ලා ඇත.)

(v) මෙම නිලධාරින්ගේ කාර්යභාරය පිළිබඳව ඍජු අධීක්ෂණය එම නිලධාරින් අනුයුක්ත කර සිටින ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ප්‍රාදේශීය ලේකම් සහ සහකාර ප්‍රාදේශීය ලේකම් විසින් සිදු කරනු ලබන අතර, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව විසින් එම නිලධාරින්ගේ කාර්යභාරය මාසික ප්‍රගති වාර්තා ගෙන්වා ගැනීම මඟින් අධීක්ෂණයට ලක් කරනු ලබයි.

ඊට අමතරව, දිස්ත්‍රික්, පළාත් සහ ජාතික මට්ටමින් පැවැත්වෙන ප්‍රගති සමාලෝචන රැස්වීම්වලදී මෙම නිලධාරින්ගේ කාර්යභාරය අධීක්ෂණයට ලක් කෙරෙන අතර, අහඹු ලෙස ක්ෂේත්‍ර මට්ටමට ගොස් නිලධාරින්ගේ කාර්යයන් අධීක්ෂණයට ලක් කිරීම ද සිදු කරනු ලබයි.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2026-03-17

විසින් පිළිතුරු දෙන ලදී

ගරු සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks