පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1371/2025
ගරු නීතිඥ චමින්ද්‍රාණී කිරිඇල්ල මහත්මිය,— අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට,— (1)
(අ) (i) සුරක්ෂා සිසු රක්ෂණාවරණ වැඩසටහන ආරම්භ කළ දිනය කවරේද;
(ii) එහි ආරම්භක අරමුණු කවරේද;
(iii) එම රක්ෂණාවරණය හඳුන්වා දුන් වර්ෂයේ සිට මේ දක්වා ප්‍රතිලාභ හිමිවූ පාසල් සිසුන් සංඛ්‍යාව වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iv) උක්ත රක්ෂණාවරණය ක්‍රියාත්මක කරන රක්ෂණ සමාගමේ නම කවරේද;
(v) එම රක්ෂණාවරණය පිළිබඳ වත්මන් රජයේ ස්ථාවරය කවරේද;
යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-05-21
අසන ලද්දේ
ගරු නීතිඥ චමින්ද්‍රාණී කිරිඇල්ල මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) සුරක්ෂා සිසු රක්ෂණාවරණ වැඩසටහන ආරම්භ කළ දිනය 2017.10.01 වේ.
(ii) පාසල තුළදී හා ඉන් පිටතදී ඇතිවන රෝග, අනතුරු හා ආබාධ සඳහා රක්ෂණාවරණ ප්‍රතිලාභ ලබා දීම තුළින් සෞඛ්‍ය හා අධ්‍යාපනය තහවුරු කිරීමේ පියවරක් ලෙස මෙම රක්ෂණාවරණය හඳුන්වා දී ඇති අතර රෝග, අනතුරු හා ආබාධ තත්ත්වවලදී ඉක්මන් සෞඛ්‍ය සේවා සඳහා යොමු කරමින් පාසල් පැමිණීම වැඩි කිරීම, ආබාධ තත්ත්වවලදී අවශ්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීමට සහාය වීම යන අරමුණු මෙහි ආරම්භක අරමුණු වේ.
(iii)
|
2017 වර්ෂයේ සිට ප්‍රතිලාභ ගෙවා ඇති සිසුන් සංඛ්‍යාව |
|
|
කාල සීමාව |
ප්‍රතිලාභ හිමි වූ සිසුන් සංඛ්‍යාව |
|
2017.10.01 - 2018.11.30 |
40,978 |
|
2018.12.01 - 2019.11.30 |
74,983 |
|
2019.12.01 - 2020.05.30 |
28,431 |
|
2020.05.31 - 2020.12.01 |
30,545 |
|
2020.12.02 - 2021.12.01 |
34,712 |
|
2021.12.02 - 2022.12.01 |
28,968 |
|
2022.12.02 - 2024.06.30 |
මෙම රක්ෂණාවරණය ක්‍රියාත්මක නොවුණි. |
|
2024.07.01 - 2025.08.31 |
49,730 |
|
2025.09.01 - 2026.03.31 දින තෙක් |
18,654 |
(iv)
|
2017 වර්ෂයේ සිට රක්ෂණාවරණය සැපයීම සඳහා ගිවිසුම්ගත වී ඇති ආයතන |
|
|
කාල සීමාව |
රක්ෂණය සැපයූ ආයතනය |
|
2017.10.01 - 2018.11.30 |
ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව |
|
2018.12.01 - 2019.11.30 |
අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් ආයතනය |
|
2019.12.01 - 2020.05.30 |
අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් ආයතනය |
|
2020.05.31 - 2020.12.01 |
ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව |
|
2020.12.02 - 2021.12.01 |
ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව |
|
2021.12.02 -2022.12.01 |
ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව |
|
2022.12.02 - 2024.06.30 |
මෙම රක්ෂණාවරණය ක්‍රියාත්මක නොවුණි |
|
2024.07.01 - 2025.08.31 |
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් ආයතනය |
|
2025.09.01 - 2026.08.31 |
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් ආයතනය |
(v) මේ වනවිට ක්‍රියාත්මක සුරක්ෂා සිසු රක්ෂණාවරණ වැඩසටහන 2027.08.31 දිනෙන් අවසන් වන අතර, වැඩි පාසල් දරුවන් පිරිසක් සඳහා ප්‍රතිලාභ හිමි වන අයුරින් ඉදිරි වර්ෂවලදීත් මෙම රක්ෂණාවරණ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම මෙම රජයේ ස්ථාවරයයි.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-05-21
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නලින් හේවගේ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks