පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1370/2025
ගරු නීතිඥ චමින්ද්‍රාණී කිරිඇල්ල මහත්මිය,— පරිසර අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) පේරාදෙණිය, රාජකීය උද්භිද උද්‍යානයේ ද්වි ශත සංවත්සරය පවත්වන ලද දිනය කවරේද;
(ii) එම සැමරුම සඳහා සමරු ඵලක සහ සමරු පොත් මිලදී ගැනීමට වැය කරන ලද මුදල කොපමණද;
(iii) ඒවා මිලදී ගැනීමේදී නිසි ඇගයීමක් සිදුකර තිබේද;
(iv) ඉහත සඳහන් සමරු ඵලක සහ සමරු පොත් මේ වනවිට කිසිදු ප්‍රයෝජනයකට නොගෙන පවතින බවට විගණන වාර්තාවේ දැක්වෙන කරුණු සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-03-03
අසන ලද්දේ
ගරු නීතිඥ චමින්ද්‍රාණී කිරිඇල්ල මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
පරිසර
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය 1822 වර්ෂයේදී ආරම්භ කර ඇති නමුත් එම උද්‍යානය ආරම්භ කරන ලද නිශ්චිත දිනයක් උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව සතුව පවතින ලිපි ලේඛනවල සඳහන් වී නොමැත. එනමුත් රාජකීය උද්භිද උද්‍යානයට වසර 200 සම්පූර්ණ වීම නිමිති කොට ද්වි ශත සංවත්සරය 2022 වසරේ පවත්වමින් පෙබරවාරි මස සිට 2022 වසර පුරාවට වැඩසටහන් රාශියක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබුණි.
මෙම සංවත්සරයට සමගාමීව (2022 සහ 2023 වර්ෂවල) ක්‍රියාත්මක කළ වැඩසටහන් පහත දැක්වේ.
|
අංකය |
වැඩසටහන |
දිනය |
|
i |
සර්ව ආගමික වැඩසටහන |
2022.02.02 |
|
ii |
පිරිත් දේශනාව හා දානමය පින්කම |
2022.02.25 හා 26 |
|
iii |
දෙශතවර්ෂ පූර්ණ සැමරුමට අදාළව වීඩියෝ පටය එළිදැක්වීම දෙශතවර්ෂ පූර්ණ සැමරුම් ග්‍රන්ථය එළිදැක්වීම විසිතුරු පත්‍ර ශාක ගෘහය විවෘත කිරීම |
2022.04.06 |
|
iv |
කාර්යය මණ්ඩල අභිනන්දන උළෙල පැවැත්වීම |
2022.04.30 |
|
v |
සුවහස් මල් ප්‍රදර්ශනය පැවැත්වීම |
2022.06.10 - 2022.06.15 |
|
vi |
දෙශතවර්ෂ පූර්ණ සැමරුම් මුද්දරය ප්‍රකාශයට පත් කිරීම |
2022.09.12 |
|
vii |
ළමා දින ක්‍රියාකාරකම් මැයෙන් පාසල් ළමුන් සඳහා චිත්‍ර තරගය |
2022.10.25 - 2022.11.04 |
|
viii |
"Botanical Garden Gala" මානවවංශ උද්භිද විද්‍යා සංකල්ප ප්‍රවර්ධනය, ශාක හඳුනා ගැනීමේ වැඩසටහන්, ශාක සංරක්ෂණය පිළිබඳ වැඩසටහන්, ආහාර ප්‍රදර්ශන, පැළ තවාන් ආශ්‍රිතව විවෘත දිනයන් පැවැත්වීම |
2022.10.18 සිට 24 දක්වා |
|
ix |
අවසන් චිත්‍ර තරගය හා ත්‍යාග ප්‍රදානෝත්සවය |
2023.01.06 |
(ii) සමරු ඵලක සඳහා - රු. 3,096,360.00 ක මුදලක්
දෙශත සංවත්සර සමරු - රු. 4,115,000.00 ක මුදලක්
පුස්තක සඳහා
(iii) ඔව්.
(iv) 2023-2026 දක්වා උද්භිද උද්‍යාන තුළ පැවැත්වීමට යෙදුණු විශේෂ ප්‍රභූ වැඩසටහන්, අධ්‍යාපනික වැඩසටහන් දෙපාර්තමේන්තුව තුළ පවත්නා විශේෂ උත්සවවලදී අවස්ථානුකූලව එම සමරු ඵලක සහ පොත් තිලිණ වශයෙන් ද ලබා දීමට කටයුතු කර ඇත.
එසේම ජාතික උදභිද උද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ පවතින සියලුම උද්භිද උද්‍යානවල අළෙවි සැල් මඟින් ඉතිරිව පවතින සමරු පොත් හා මිල කමිටුවක් මඟින් ඉතිරිව පවතින සමරු ඵලකවල මිල සංශෝධනය කර 2024.04.01 දින සිට අළෙවි කිරීම සිදු කරමින් පවතී.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-03-03
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) දම්මික පටබැඳි මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks