E   |     |  

 දිනය: 2026-02-06   පිළිතුර ලබා දී ඇත 

1369/2026: 2015 සිට පාසල් පද්ධතිය තුළ සිදුවන අපයෝජන සහ හිංසන ක්‍රියා: විස්තර

.

අසන ලද දිනය

2026-02-06

අසන ලද්දේ

ගරු නීතිඥ චමින්ද්‍රාණී කිරිඇල්ල මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

 ගරු කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.

(අ) (i)

වර්ෂය

අපයෝජන සහ හිංසන ක්‍රියා සංඛ්‍යාව

2015

69

2016

67

2017

78

2018

86

2019

85

2020

66

2021

62

2022

  82

2023

    117

2024

   155

2025

   159

එකතුව

1,026

 

 

 

 

 

 

 

 

 

 

(ii) එම අපයෝජන සහ හිංසන ක්‍රියා හේතුවෙන් පාසල් හැර යෑම් 425ක් සහ සිය දිවි නසාගැනීම් 6ක් වාර්තා වී ඇත.

(iii) · පාසල් තුළ උපදේශන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ ඒවා ශක්තිමත් කිරීම.

· අනිවාර්ය අධ්‍යාපන නියෝග යටතේ පැමි‍ණීමේ කමිටු සක්‍රිය කර පාසල් නොයන දරුවන් පාසල්ගත කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම.

· ගුරු-විදුහල්පති සේවාරම්භක පුහුණු සැසි පැවැත්වීමේදී ගුරු ආචාර ධර්ම පිළිබඳ දැනුවත් කිරීම.

· "Search for Common Ground" වැනි රාජ්‍ය නොවන සංවිධාන හා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සම්බන්ධ කර ගනිමින් පළාත් මට්ටමින් විදුහල්පතිවරුන් හා ගුරුවරුන් දැනුවත් කිරීමේ වැඩසටහන් සංවිධානය.

· අධීක්ෂණය සඳහා පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව වෙත පැවරීම.

· සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා පොලීසිය සමඟ සම්බන්ධීකරණය පවත්වා ගනිමින් මෙවන් අනතුරුදායක තත්ත්වයන් කල් ඇතුව හඳුනා ගැනීම හා ඒ දරුවන් සම්බන්ධව දෙමව්පියන් වැඩිහිටියන් ලෙස ක්‍රියාකාරී විය යුතු ආකාරය සම්බන්ධව දැනුවත් කිරීම හරහා මෙවන් අපයෝජන හා හිංසනවලට මුහුණ දෙන පාර්ශ්ව නෛතික ක්‍රියාවලිය වෙත නොපැකිළව යොමු කරවීම.

(iv) · පාසල් ප්‍රජාවට ළමා හිංසනය හා අපචාර සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ හිංසනයක්, අපචාරයක් හෝ අපයෝජනයක් සිදු වූ විට ඒ පිළිබඳව ගත හැකි ක්ෂණික ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ළමා පරපුර හා විදුහල්පතිවරු දැනුවත් කිරීම.

· ළමා හිංසනය හා අපයෝජනය සම්බන්ධයෙන් වූ දඬුවම් නිසි පරිදි කඩිනමින් ක්‍රියාත්මක කිරීම.

· පාසල තුළ සිදු වන හිංසනය සම්බන්ධයෙන් දෙමව්පියන් දැනුවත් කර, දරුවන් හා දෙමව්පියන් අතර මනා සම්බන්ධතාවක් ගොඩනැඟීමට සුදුසු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම හා පාසල් උපදේශන සේවා විධිමත් කිරීම.

තවද, පාසල තුළ විනය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් මෙම අමාත්‍යාංශය විසින් මීට පෙර නිකුත් කරන ලද 2016.04.29 දිනැති අංක 12/2016 චක්‍රලේඛයේ සඳහන් කරුණු ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රේෂ්ඨාධිකරණ නඩු අංක 461/2012 (එෆ් ආර්)හි තීන්දුවේ කරුණු, එනම් "කිසිදු දරුවෙකුට දඬුවම් කිරීමේ ක්‍රමයක් ලෙස හෝ වෙනත් හේතුවක් නිසා හෝ කිසිදු ශාරීරික හෝ මානසික හෝ හානියක් සිදු නොකළ යුතුය. කිසිදු ආකාරයක ශාරීරික දඬුවමක් කවර මට්ටමකින්වත් සිදු කළ නොහැකි අතර, වැරදිකරුවන්ට නීතිය අනුව කටයුතු කරනු ලැබේ." යන්න කෙරෙහිද අවධානය යොමු කර කටයුතු කරන ලෙසට සියලුම අධ්‍යාපන බලධාරින් වෙත දැනුම් දෙමින් 2026.03.30 දිනැතිව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අංක 11/2026 දරන නව චක්‍රලේඛය නිකුත් කර ඇත.

ගරු කථානායකතුමනි, ඊට අමතරව සම්බන්ධීකරණ ආයතන ගණනාවක් තිබෙන නිසා මේ ප්‍රශ්න පිළිබඳව - එම ව්‍යුහාත්මක ගැටලු පිළිබඳව - අධ්‍යයනයක් සිදු කර වාර්තාවක් සැපයීම සඳහා ගිය අවුරුද්දේ අපි මහාචාර්ය අස්විනී ප්‍රනාන්දු සහ මහාචාර්ය ගමීලා සමරසිංහ පත් කළා. එම ව්‍යුහාත්මක ක්‍රියාවලිය ශක්තිමත් කිරීම පිළිබඳව වන එම වාර්තාව ලබා ගෙන අපි පොදු වැඩ පිළිවෙළක් සකස් කර තිබෙනවා. ඒ අනුව අපි කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය එක්ක වැඩ කරමින් ඉන්නවා.

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2026-04-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ආචාර්ය හරිනි අමරසූරිය, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks