E   |     |  

 දිනය: 2026-08-21   පිළිතුර ලබා දී ඇත 

1365/2026: Flood related issues in Ampara District

 ගරු එම්.එස්. උදුමාලෙබ්බේ මහතා,— ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)       ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය විසින් 2025 වර්ෂයේදී අම්පාර දිස්ත්‍රික්ක‍යේ ක්‍රියාත්මක කළ සංවර්ධන ව්‍යාපෘති සඳහා වෙන්කළ මුදල් පිළිබද විස්තර එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(ii) තිල්ලෙයාරු-සම්බුක්කලප්පු, අඩ්ඩාලචේනෛ-කෝණාවත්ත යන ප්‍රදේශවල කාණු පද්ධතිවල පවතින අවහිරතා හේතුවෙන් අඩ්ඩාලචේනෛ, අක්කරපත්තුව සහ ආලයඩිවේම්බු ප්‍රදේශවල ජනතාව සෑම වර්ෂයකදීම ගංවතුර හේතුවෙන් පීඩාවට පත්වන බව දන්නේද;

(iii) එම කාණු පද්ධතිවල පවතින අවහිරතා ඉවත් කර එම ප්‍රදේශවල ජනතාව ගංවතුරෙන් පීඩාවට පත් නොවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන සැලැස්ම කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2026-08-21

අසන ලද්දේ

ගරු එම්.එස්. උදුමාලෙබ්බේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

ආරක්ෂක

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks