01

E   |     |  

 දිනය: 2025-10-23   පිළිතුර ලබා දී ඇත 

1361/2025: 2021 සිට විශ්වවිද්‍යාලවලට ආයුර්වේද, සිද්ධ සහ යුනානි වෛද්‍ය විද්‍යාව සඳහා ඇතුළත් කරගත් සිසුන්: විස්තර

1361/2025

ගරු තුරෛරාසා රවිකරන් මහතා,— සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන්  ඇසීමට,—

(අ)          (i)     2021 වර්ෂයේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ රජයේ විශ්වවිද්‍යාලවලට ආයුර්වේද, සිද්ධ හා යුනානි වෛද්‍ය අධ්‍යාපනය හැදෑරීම සඳහා ඇතුළත් කරගනු ලැබූ සිසුන් සංඛ්‍යාව එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

   (ii)  ආයුර්වේද, සිද්ධ හා යුනානි වෛද්‍ය අධ්‍යාපනය හදාරා, සීමාවාසික පුහුණුව අවසන් කර, මේ වනවිට රැකියා අපේක්ෂාවෙන් සිටින වෛද්‍යවරුන් සංඛ්‍යාව කොපමණද;

  (iii)  සිද්ධ රෝහල් සහ ආයුර්වේද රෝහල්වල ආයුර්වේද, සිද්ධ හා යුනානි වෛද්‍යවරුන් සඳහා අනුමත කාර්ය මණ්ඩලය, මේ වනවිට සේවය කරනු ලබන කාර්ය මණ්ඩලය සහ මේ වනවිට පවතින පුරප්පාඩු සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

  (iv)  කාර්යක්ෂම දේශීය වෛද්‍ය සේවාවක් ලබා දීම සඳහා, මේ වනවිට රැකියා විරහිත දේශීය වෛද්‍ය උපාධිධාරින්ට රජයේ ආයුර්වේද රෝහල්වල පත්වීම් ලබා දීමට ඇති බාධාවන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ)  නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2025-10-23

අසන ලද්දේ

ගරු තුරෛරාසා රවිකරන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)            (i)

වර්ෂය

කොළඹ විශ්ව විද්‍යාලය

ගම්පහ විශ්ව විද්‍යාලය

යාපනය විශ්ව විද්‍යාලය

නැ‌‌‌‌‌‍ඟෙනහිර විශ්ව විද්‍යාලය

එකතුව

 

ආයුර්වේද

යුනානි

ආයුර්වේද

සිද්ධ

සිද්ධ

 

2021

198

80

121

122

77

598

2022

196

82

115

135

45

573

2023

180

48

108

90

35

461

2024

168

46

161

87

48

510

2025

209

63

134

103

58

567

(ii)

වර්ෂය

කොළඹ විශ්ව විද්‍යාලය

ගම්පහ විශ්ව විද්‍යාලය

යාපනය විශ්ව විද්‍යාලය

නැ‌‌‌‌‌‍ඟෙනහිර විශ්ව විද්‍යාලය

එකතුව

 

ආයුර්වේද

යුනානි

ආයුර්වේද

සිද්ධ

සිද්ධ

 

2021

106

50

77

38

20

291

2022

150

37

81

25

31

612

2022

198

70

 

 

20

 

2023

57

20

15

61

23

176

2024

270

75

63

60

46

514

2025

210

53

92

 

42

397

දැන් සීමාවාසික පුහුණුව අවසන් කරලා රැකියා අපේක්ෂාවෙන් සිටින වෛද්‍යවරුන් ගත්තොත්, ඔක්කෝම 1,990ක් ඉන්නවා.

             (iii)      ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සේවය සඳහා ආයුර්වේද, සිද්ධ සහ යුනානි උපාධිධාරින් පොදුවේ ආයුර්වේද වෛද්‍ය නිලධාරි තනතුර සඳහා බඳවා ගෙන ඇත.       

                        කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් පහත රෝහල් සඳහා පමණක් සිද්ධ සහ යුනානි තනතුරු වෙන වෙනම අනුමත කර ඇත.

 

 

ආයතනය

තනතුර

සිද්ධ/ යුනානි

අනුමත සංඛ්‍යාව

දැනට සිටින සංඛ්‍යාව

පුරප්පාඩු සංඛ්‍යාව

01

බොරැල්ල ආයුර්වේද ජාතික රෝහල

විශේෂඥ වෛද්‍ය

සිද්ධ

01

 0

01

 

 

 

යුනානි

01

01

 0

 

 

වෛද්‍ය නිලධාරි

සිද්ධ

05

05

 0

 

 

 

යුනානි

15

16

-1

02

කයිතඩි සිද්ධ ශික්ෂණ රෝහල

විශේෂඥ වෛද්‍ය

සිද්ධ

04

02

02

03

කෝනේෂ්පූර් සිද්ධ ශික්ෂණ රෝහල

විශේෂඥ වෛද්‍ය

සිද්ධ

02

 0

02

04

බස්නාහිර පළාත් සභාව

වෛද්‍ය නිලධාරි

සිද්ධ

01

01

 0

 

 

 

යුනානි

01

01

 0

ඉහත කාර්ය මණ්ඩලයට අමතරව ආයුර්වේද වෛද්‍ය නිලධාරි කාර්ය මණ්ඩලය තුළ පොදුවේ ආයුර්වේද, සිද්ධ හා යුනානි ලෙස උපාධි හදාරා ඇති වෛද්‍ය නිලධාරින් රඳවා ඇත. ඒ අනුව ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සේවයේ 2025.06.30 දිනට වෛද්‍ය නිලධාරි කාර්ය මණ්ඩල තොරතුරු පහත පරිදි වේ.

 

අනුමත සංඛ්‍යාව

දැනට සේවයේ නියුතු සංඛ්‍යාව

පුරප්පාඩු සංඛ්‍යාව

2,567

2,065

502

(iv) කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සේවය සඳහා දීප ව්‍යාප්තව අනුමත කර ඇති ආයුර්වේද වෛද්‍ය නිලධාරි තනතුරුවල පවතින පුරප්පාඩු සඳහා නව බඳවා ගැනීම් සිදු කිරීමට අනුමැතිය ලැබී තිබෙනවා.

                        ඒ අනුව 2024.06.30 දිනට අනුමත කාර්ය මණ්ඩල පුරප්පාඩු අතුරින් -මා කලින් සඳහන් කළ 502 අතුරින්- ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරි තනතුරු 304ක් බඳවා ගැනීමට අවශ්‍ය අමාත්‍ය මණ්ඩල අනුමැතිය මේ වන විටත් ලැබී ඇති අතර, ඒ අනුව බඳවා ගැනීම් කටයුතු සිදු කරමින් පවතී.

ගරු මන්ත්‍රීතුමනි, මේ අනුමැතිය අනුව 2009/2010 අධ්‍යයන වර්ෂය, 2010/2011 අධ්‍යයන වර්ෂය, 2011/2012 අධ්‍යයන වර්ෂය කියන අධ්‍යයන වර්ෂ තුනේ ආයු‍ර්වේද උපාධිධාරින් 304දෙනෙකුට අපි නොවැම්බර් 03වැනි දා පත්වීම් ලබා දෙනවා. එ් උපාධිධාරින් 304දෙනාට පත්වීම් ලබා දුන්නාට පස්සේ ඉතිරි පුරප්පාඩුවලට අපි අනුමැතිය ලබාගෙන බඳවා ගන්න බලාපොරොත්තු වනවා.

(ආ) අදාළ ‍නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2025-10-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks