පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1359/2025
ගරු එම්.එස්. අබ්දුල් වාහිද් මහතා,— ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) අම්පාර දිස්ත්‍රික්කයේ, පොතුවිල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් ඩිපෝවක් තිබෙන බවත්;
(ii) එම බස් ඩිපෝව සංචාරක කර්මාන්තය සඳහා ප්‍රසිද්ධ ආරුගම්බේ ප්‍රදේශයේ පිහිටුවා ඇති බවත්;
(iii) මේ වනවිට එම ඩිපෝව මඟින් බස්රථ 10ක් පමණක් ධාවනයේ යොදවා ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) ඉහත ඩිපෝව මඟින් ආරුගම්බේ සිට කටුනායක සහ ඇල්ල වැනි ගමනාන්ත වෙත නව බස්රථ සේවා ආරම්භ කරන්නේද;
(ii) එම ඩිපෝව සඳහා ඉන්ධන පිරවුම්හලක්, නඩත්තු ඒකකයක් ඇතුළු මූලික පහසුකම් ලබා දෙන්නේද;
(iii) එම ඩිපෝව සඳහා නව බස්රථ ලබා දෙන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-10-24
අසන ලද්දේ
ගරු එම්.එස්. අබ්දුල් වාහිද් මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) අම්පාර දිස්ත්‍රික්කයේ, පොතුවිල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් ඩිපෝවක් තිබේ.
(ii) එම බස් ඩිපෝව සංචාරක කර්මාන්තය සඳහා ප්‍රසිද්ධ ආරුගම්බේ ප්‍රදේශයේ පිහිටුවා ඇත.
(iii) මුළු බස් රථ ඇණිය 17ක් වන අතර දැනට බස් රථ 7ක් පමණක් ධාවනය වේ.
(ආ) (i) සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම පවත්නා රජයේ ප්‍රමුඛ කාර්යයක් බැවින් ඉදිරියේදී නව බස් රථ ලැබීමත් සමඟ මගී අවශ්‍යතාව අනුව බස් රථ යෙදවීමට සැලසුම් කර ඇත.
මේ යටතේ සුඛෝපභෝගී ආසන 49-54 බස් රථ 200ක් ද, සාමාන්‍ය සේවා සඳහා ආසන 49-54 බස් රථ 600ක් ද මිලදී ගැනීමට සැලසුම් කර ඇත.
(ii) නඩත්තු ඒකකයක් ඇතුළු මූලික පහසුකම් ලබා දී ඇත. සැලසුම් කර ඇති පරිදි බස් රථ ප්‍රමාණය වැඩිවීමත් සමඟ ඉන්ධන පිරවුම්හලක් ලබා දීමට පියවර ගැනේ.
(iii) සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට අදාළව හා ප්‍රදේශයේ මගී ඉල්ලුමට සරිලන පරිදි ඉදිරියේදී බස් රථ ලබා දීමට කටයුතු කෙරේ.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-10-24
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) ප්‍රසන්න ගුණසේන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks