E   |     |  

 දිනය: 2026-07-22   පිළිතුර ලබා දී ඇත 

1355/2026: අරාබි විද්‍යාල ලියාපදිංචි කිරීම: ප්‍රමාදය

ගරු එම්.එස්. උදුමාලෙබ්බේ මහතා,— බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)       අරාබි විද්‍යාල ලියාපදිංචි කිරීම සඳහා මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද අයදුම්පත් 130කට පසුගිය වර්ෂ 04 තුළ එම දෙපාර්තමේන්තුව විසින් අනුමතිය ලබාදී නොමැති බව දන්නේද;

(ii) එසේ නම්, එම අරාබි විද්‍යාල 130 ලියාපදිංචි කිරීම සඳහා පියවර ගන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

 (ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

අසන ලද දිනය

2026-07-22

අසන ලද්දේ

ගරු එම්.එස්. උදුමාලෙබ්බේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)       ඒවාට අනුමැතිය ලබා දීලා නැහැ.

                         ඔව්.

                         ගරු මන්ත්‍රීතුමනි, නමුත් කරුණක් නිවැරදි කිරීමට තිබෙනවා. අයදුම්පත්‍ර ප්‍රමාණය 130ක් නොවෙයි, 82යි.

              (ii)       පියවර ගන්නවා.

                         2019.04.19වැනි දා ඉඳලා මේ දක්වා නව අරාබි විද්‍යාල ලියාපදිංචි කිරීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගේ උපදෙස් පරිදි අරාබි විද්‍යාල සඳහා වන පනත් කෙටුම්පත, අධ්‍යයන වැඩසටහන සහ විෂය නිර්දේශයන්ට අදාළ කරුණු පිළිබඳව සොයා බැලීම සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.ඩී.ඒ. ද සිල්වා මහතාගේ සභාපතිත්වය යටතේ නිලධාරින් 13 දෙනෙකුගෙන් යුත් විද්වත් කමිටුවක් පත් කරලා තිබෙනවා.  ඒ 13දෙනාගේ නාම ලේඛනය ඇමුණුමෙහි දක්වා තිබෙනවා. එම කමිටුවේ නිර්දේශ අනුව අරාබි විද්‍යාල සම්බන්ධයෙන් හා ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ඔබතුමාට දැනුම් දෙන්න කැමැතියි. එම නිලධාරින්ගේ නම් පහතින් දක්වා තිබෙනවා.

 

ඇමුණුම:

 

Committee Members to reform Arabic Colleges

 

1. Dr. A.D.A. De Silva (Committee Chairman)

Deputy Director General, 

Faculty of Teacher Education and Alternative Education, National Institute of Education.

2. Prof. Fareena Ruzaik (Committee Deputy Chairman)

Head, Department of Geography,

Faculty of Arts, University of Colombo.

3. Ms. M. F. K. Nissa (Committee Secretary)

Senior Assistant Secretary (Land and Administration),

Ministry of Education, Higher Education and Vocational Education.

4. Mr. K.K.P. Ariyasingha (Committee Member)

Additional Secretary (Education Services Establishment),

Ministry of Education, Higher Education and Vocational Education.

5. Ms. H.M. Kumari (Committee Member)

Additional Secretary (Religious Affairs),

Ministry of Buddhasasana, Religious and Cultural Affairs.

6. Ms. Surangi Perera (Committee Member)

Legal Officer, Legal Branch,

Ministry of Education, Higher Education and Vocational Education.

7. Mr. M.S.M. Nawas (Committee Member)

Director,

Department of Muslim Religious and Cultural Affairs, Colombo 10.

8. Ms. B.D. Wickramathilaka  (Committee Member)

Director of Education, Government Approved Private Schools Branch,

Ministry Education, Higher Education and Vocational Education.

9. Ash-Sheikh M. Arkam Nooramith (Committee Member)

General Secretary, All Ceylon Jamiyyathul Ulama.

10. Prof. M.S.M. Jalaldeen (Committee Member)

Dean (Rtd.), Faculty of Islamic Studies and Arabic Language, South Eastern University of Sri Lanka,

No.48/14, Dharmashala Mawatha, Obesekarapura, Rajagiriya.

11. Mr. M.U.M. Riswan (Committee Member)

Attorney-at-Law, 334/1A, Bopetta, Gothatuwa.

12. Dr. M.L. Mubarak (Committee Member)

Director, Dharul Huda Ladies College for Arabic and Islamic Studies,

Maruthamunai.

13. Ms. M.H. Fathima Nuskiya (Committee Member)

Lecturer, Department of Geography,

Faculty of Arts and Culture, South Eastern University of Sri Lanka.

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2026-07-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (ආචාර්ය) හිනිදුම සුනිල් සෙ‍නෙවි මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks