01

E   |     |  

 දිනය: 2026-05-07   පිළිතුර ලබා දී ඇත 

1337/2026: අම්පාර දිස්ත්‍රික්කයේ ක්‍රීඩා නිලධාරින් සහ දිස්ත්‍රික් තරුණ සේවා නිලධාරි (දෙමළ) තනතුරු: පුරප්පාඩු

.

අසන ලද දිනය

2026-05-07

අසන ලද්දේ

ගරු එම්.එස්. උදුමාලෙබ්බේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

තරුණ කටයුතු සහ ක්‍රීඩා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් ක්‍රීඩා නිලධාරින් අනුයුක්ත කර ඇත්තේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට පමණි. ඒ අනුව, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් ක්‍රීඩා නිලධාරින් සේවය කරනු නොලැබේ. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් සේවය කරන ක්‍රීඩා නිලධාරින් අයත් වන්නේ පළාත් සභාවටයි.

(ii) පැන නොනඟී.

(iii) පැන නොනඟී.

(ආ) (i) අම්පාර දිස්ත්‍රික්කයේ මේ වන විට දමිළ මාධ්‍ය ජ්‍යෙෂ්ඨ තරුණ සේවා නිලධාරියෙකු නොමැති අතර, සිංහල මාධ්‍ය නිලධාරියෙකු ජ්‍යෙෂ්ඨ තරුණ සේවා නිලධාරි (ආවරණ) රාජකාරි ඉටු කරනු ලබයි. අදාළ ප්‍රදේශීය ලේකම් කොට්ඨාස භාර තරුණ සේවා නිලධාරින් දමිළ මාධ්‍ය කොට්ඨාස සඳහා යොදවා ඇත.

(ii) මේ වන විට පුරප්පාඩුව පවතින ජ්‍යෙෂ්ඨ තරුණ සේවා නිලධාරි තනතුරට උසස්වීම් ලබා දීමට අනුමැතිය ලැබී ඇති අතර, එ් සඳහා අයදුම්පත් කැඳවීම් සිදු කර ඇත. ඉදිරියේදී එම තනතුරට අදාළ සම්මුඛ පරීක්ෂණ පවත්වා තනතුරු ලබා දීමට කටයුතු කරනු ලැබේ.

(ඇ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2026-05-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු සුනිල් කුමාර ගමගේ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks