පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1336/2025
ගරු ලාල් ප්‍රේමනාත් මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව පිහිටුවීමේ අරමුණු මේ වනවිට ඉටුවී තිබේද;
(ii) එම කොමිෂන් සභාවට අයත් මුළු ඉඩම් ප්‍රමාණය කොපමණද;
(iii) රජයේ ඉඩම් අයත්ව තිබෙන රජයේ ආයතන සංඛ්‍යාව කොපමණද;
(iv) එම ආයතන කවරේද;
(v) එම එක් එක් ආයතනයට අයත් ඉඩම් අතරින් වෙනත් පාර්ශ්ව වෙත පවරා ඇති ඉඩම් ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-11-19
අසන ලද්දේ
ගරු ලාල් ප්‍රේමනාත් මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) බොහෝ අරමුණු ඉටුවී ඇත.
(ii) 1972 අංක 01 දරන ඉඩම් ප්‍රතිසංස්කරණ පනත මඟින් ප්‍රකාශිත ඉඩම් ප්‍රමාණය අක්කර 1,418,391 රූඩ් 3 පර්චස් 37 හා අංක 39 දරන පනත මඟින් ප්‍රකාශිත ඉඩම් ප්‍රමාණය අක්කර 418,754 රූඩ් 2 පර්චස් 28කි.
උක්ත ප්‍රකාශිත ඉඩම් අතුරින් වරින්වර සංශෝධිත 1972 අංක 1 දරන ඉඩම් ප්‍රතිසංස්කරණ පනත යටතේ මෙම කොමිෂන් සභාවට පැවරී ඇති ඉඩම් දිස්ත්‍රික් මට්ටමින් පැවරී ඇති අතර, පවරා ගැනීමේදී පැවරුණු සමස්ත ඉඩම් ප්‍රමාණය මැනුම් කර නොමැත. (ඇමුණුම**) මේ වනවිට පිළියෙල කර ඇති ඉඩම් ලේඛනයට අනුව හඳුනා ගනු ලැබූ ඉඩම් මිනින්දෝරු දෙපාර්තමේන්තුව හා සම්බන්ධ වී සිතියම්ගත කරමින් පවතී.
(iii) අදාළ නොවේ.
(iv) අදාළ නොවේ.
(v) අදාළ නොවේ.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-11-19
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අරවින්ද සෙනරත් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks