පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
.
අසන ලද දිනය
2026-03-20
අසන ලද්දේ
ගරු චාමර සම්පත් දසනායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i)
|
වර්ෂය |
මාලදිවයිනට ගිය ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව |
ශ්‍රී ලංකාවට පැමිණි මාලදිවයින් සංචාරකයින් සංඛ්‍යාව |
|
2022 |
93,406 |
18,880 |
|
2023 |
110,680 |
37,328 |
|
2024 |
85,244 |
47,222 |
|
එකතුව |
289,330 |
103,430 |
(ii) 1. සංචාරක සහ ව්‍යාපාරික ගමන් පහසු වීම.
* දින 90ක, පැමිණි විගස වීසා - visa on arrival - පහසුකම ලබා දීමෙන් වීසා පෙර ලබා ගැනීමේ අවශ්‍යතාව නැති වීම සහ සංචාරක වීසා ගාස්තු ගෙවීමට අවශ්‍ය නොවීම නිසා කාලය සහ මුදල් ඉතිරි වීම මත ශ්‍රී ලාංකිකයින්ට පහසුවෙන් මාලදිවයිනට ගමන් කළ හැකි වීම.
* කෙටි කාලීන සංචාර, ව්‍යාපාරික හමුවීම්, අධ්‍යාපන හුවමාරුව, වෛද්‍ය සංචාරක සේවා සහ නිවාඩු සංචාර වැඩි වීම.
2. ආර්ථික සහ වාණිජ සබඳතා වර්ධනය වීම.
* වාණිජ කටයුතු - trade - සහ ආයෝජන වැඩි වීමට උපකාරී වීම.
* ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින්ට නව වෙළෙඳ අවස්ථා ලබා ගත හැකි වීම.
3. සංස්කෘතික හා සමාජ සබඳතා ශක්තිමත් වීම.
* දෙරට ජනතාව අතර සම්බන්ධතා වැඩි වීම.
* සංස්කෘතික හුවමාරු - cultural exchanges - වැඩි වීම.
සමස්තයක් වශයෙන්, පැමිණි විගස වීසා පහසුකම ලබා දීමෙන් දෙරට අතර සමීප ද්විපාර්ශ්වික සබඳතා ප්‍රවර්ධනය කරන අතර, ශක්තිමත් රාජ්‍ය තන්ත්‍රික, ආර්ථික සහ සමාජයීය සබඳතා පවත්වා ගැනීමට දායක වේ.
(iii) නැත.
(iv) ශ්‍රී ලංකාවට පැමිණෙන මාලදිවයින් ජාතිකයින් සඳහා ද "පැමිණි විගස වීසා" - visa on arrival - ක්‍රමවේදය යටතේ ගාස්තු අය කිරීමකින් තොරව දින 90ක සංචාරක වීසාවක් ලබා දේ.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-03-20
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (මහාචාර්ය) රුවන් රණසිංහ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks