E   |     |  

 දිනය: 2026-03-06   පිළිතුර ලබා දී ඇත 

1310/2026: 2024 පෙබරවාරි සිට 2025 මාර්තු දක්වා NCMEC වෙත ලැබුණු විදේශ ආධාර: විස්තර

.

අසන ලද දිනය

2026-03-06

අසන ලද්දේ

ගරු චාමර සම්පත් දසනායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)       රට               -                     ජපානය

 

ආයතනය     -         ජාත්‍යන්තර සංක්‍රමණ

සංවිධානය - IOM

              (ii)      මුදල් වශයෙන් ආධාර ලැබී නොමැති අතර, ජාත්‍යන්තර සංක්‍රමණ සංවිධානය - IOM - විසින් ශ්‍රී ලංකා පොලීසිය සඳහා සිදු කරන ලද ව්‍යාපෘති අධීක්ෂණය කරන ලදී.

ශ්‍රී ලංකා පොලීසියේ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යාංශය යටතේ පවත්වාගෙන යන අතුරුදහන් වූ සහ සූරාකෑමට ලක් වූ දරුවන් සඳහා වූ ජාතික මධ්‍යස්ථානයට -NCMEC, ජාත්‍යන්තර සංක්‍රමණ සංවිධානය (IOM) හරහා ජපන් රජය විසින් ආධාර ලබා දීම සිදු කර ඇත.

මෙම ආධාර ලබා දීම ජපාන රජය විසින් ජාත්‍යන්තර සංක්‍රමණ සංවිධානය - IOM - හරහා ක්‍රියාත්මක වූ "UPLIFT" ව්‍යාපෘතියේ (අවදානමට ලක්වන සංක්‍රමණිකයින් සහ ප්‍රජාවන්ට ඔවුන්ගේ ජීවනෝපායන් නංවාලීමට, ඔවුන්ගේ කුසලතා වැඩිදියුණු කිරීමට සහ නිවැරැදි ක්‍රමවේදයන් අනුව සංක්‍රමණ ප්‍රවර්ධනය කිරීමට සහය වීමේ ව්‍යාපෘතිය) එක් අදියරක් ලෙස ක්‍රියාත්මක කර ඇත.

(iii) අදාළ නොවේ.

(iv) ජාත්‍යන්තර සංක්‍රමණ සංවිධානය - IOM - විසින් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා පරිත්‍යාග කිරීමට කැමැත්ත පළ කරන ලද උපකරණ භාරගෙන බඩු වට්ටෝරු ලේඛනයේ ලේඛනගත කිරීමට මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයාගේ අනුමැතිය ලබාගෙන ඇත.

(v) ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ සහ විමර්ශන කාර්යාංශයේ, නියෝජ්‍ය පොලිස්පති - රේණුකා ජයසුන්දර මහත්මිය

අධ්‍යක්ෂවරුන් ලෙස:

1. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නුවන් සුරංග මෙන්ඩිස් මයා.

2. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩබ්ලිව්.එල්.පී.එම්. අබේසේකර මයා.

3. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඒ.ජේ. ගුණසේකර මයා.

(vi) මූල්‍යමය ආධාර ලැබී නොමැත. එහෙත් ජාත්‍යන්තර සංක්‍රමණ සංවිධානය - IOM - විසින් පහත කාර්යයන් ඉටු කර ඇත.

1. ප්‍රධාන කාර්යය ලෙස ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යාංශ මෙහෙයුම් ධාරිතාව සහ සේවා සැපයීම වැඩිදියුණු කිරීම සඳහා උපකරණ ලබා දීම.

2. මිනිස් වෙළඳාම් මර්දන ඒකකය - Anti-human Trafficking Unit, අතුරුදහන් වූ සහ සූරාකෑමට ලක් වූ ළමුන් සඳහා වූ ජාතික මධ්‍යස්ථානය සහ කාන්තාවන්ට හා ළමුන්ට සිදුවන අපරාධ සම්බන්ධ පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා වන 109 මහජන පැමිණිලි ඒකකය - 109 Public Complaint Desk - ප්‍රතිසංස්කරණය කිරීම.

3. ප්‍රචණ්ඩත්වය හා හිංසනයට භාජන වූ කාන්තාවන් සඳහා තාවකාලිකව නවාතැන් ගැනීමට අවශ්‍ය පහසුකම් ඇති ස්ථානයක් ළමා හා කාන්තා කාර්යාංශ මූලස්ථානයේ ස්ථාපිත කිරීම.

4. ළමා හා කාන්තා කාර්යාංශ මූලස්ථානයට පැමිණෙන දරුවන්හට රැදී සිටීමට ඇති ආරක්ෂිත ස්ථානය පහසුකම් සහිතව ප්‍රතිසංස්කරණය කිරීම.

5. 109 ක්ෂණික දුරකථන ඇමතුම් මධ්‍යස්ථානයේ ක්‍රියාකරන නිලධාරින් සඳහා පුහුණු වැඩසටහන් පැවැත්වීම.

(ආ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2026-03-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ආනන්ද විජේපාල මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks