පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1309/2025
ගරු චන්දන සූරියආරච්චි මහතා,— අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ ජාතික පාසැල්වලට හා පළාත් සභා පාසැල්වලට අනුයුක්ත කර ඇති මුළු සංවර්ධන නිලධාරින් සංඛ්‍යාව කොපමණද;
(ii) එම සංවර්ධන නිලධාරින් අනුයුක්ත කරන ලද වර්ෂ සහ එම එක් එක් වර්ෂයේදී අනුයුක්ත කර ඇති සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කවරේද;
(iii) රජයේ ගුරු පුරප්පාඩු පිරවීමේදී ඉහත සංවර්ධන නිලධාරින් සඳහා යම් සහනයක් ලබා දිය හැකිද;
(iv) එසේ නම්, එම සහන කවරේද;
යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) රජයේ ගුරු පුරප්පාඩුවලට බඳවාගැනීම සඳහා පැවැත්වීමට නියමිතව තිබූ තරඟ විභාගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවති නඩුව මේ වනවිට අවසන්වී තිබේද;
(ii) එසේ නම්, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදී ඇති නිර්දේශ/නියෝග කවරේද;
යන්නත් එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-10-24
අසන ලද්දේ
ගරු චන්දන සූරියආරච්චි මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (අ) (i) · ජාතික පාසල්වලට අනුයුක්ත කර ඇති මුළු සංවර්ධන නිලධාරින් සංඛ්‍යාව 2,939කි.
· පළාත් සභා පාසල්වලට අනුයුක්ත කර ඇති මුළු සංවර්ධන නිලධාරින් සංඛ්‍යාව
|
පළාත |
අනුයුක්ත කර ඇති මුළු සංවර්ධන නිලධාරින් සංඛ්‍යාව |
|
බස්නාහිර |
3,891 |
|
දකුණ |
2,471 |
|
මධ්‍යම |
2,974 |
|
වයඹ |
2,416 |
|
ඌව |
1,580 |
|
උතුරු මැද |
1,337 |
|
සබරගමුව |
2,235 |
|
උතුර |
471 |
|
නැඟෙනහිර |
2,727 |
|
එකතුව |
* 20,102 |
* මෙම සංඛ්‍යාව මඟින් දක්වා ඇත්තේ 1999 වර්ෂයේ සිට අනුයුක්ත කරන ලද සංවර්ධන නිලධාරින් ප්‍රමාණය වේ.
(ii) එක් එක් වර්ෂයේදී ජාතික පාසල්වලට අනුයුක්ත කර ඇති මුළු සංවර්ධන නිලධාරින් සංඛ්‍යාව
|
වර්ෂය |
අනුයුක්ත කර ඇති මුළු සංවර්ධන නිලධාරින් සංඛ්‍යාව |
|
2021ට පෙර |
517 |
|
2021 |
488 |
|
2022 |
1,934 |
|
එකතුව |
2,939 |
කෙසේ වෙතත්, ස්ථාන මාරු මත හා ගුරු සේවය වැනි වෙනත් සේවාවලට මුදා හැරීම මත මේ වන විට ජාතික පාසල්වල සංවර්ධන නිලධාරින් 1,992ක් පමණක් සේවය කරයි.
පළාත් සභා පාසල්වලට අනුයුක්ත කර ඇති මුළු සංවර්ධන නිලධාරින් සංඛ්‍යාව පහත ඇමුණුම මඟින් ඉදිරිපත් කර තිබෙනවා.
(iii) අධිකරණ නීති කෘත්‍යයෙහි අවසන් නියෝගයට යටත්ව හා ශ්‍රී ලංකා ගුරු සේවා ව්‍යවස්ථාවේ සඳහන් ප්‍රතිපාදනයන්ට අනුව සංවර්ධන නිලධාරින් ගුරු සේවයට පිවිසීම සඳහා අවස්ථාව සලසා දිය හැකිය.
(iv) දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරින් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලදී. එම ශ්‍රේෂ්ඨාධිකරණ නඩු අංක 77/2023 හා 88/2023 දරන නඩු 2025.08.06 දිනැතිව නිෂ්ප්‍රභ කරන ලද අතර, අංක 78/2023 හා 95/2023 දරන නඩු අනුව, අංක 2317 හා 2023.01.27 දිනැති ගැසට් නිවේදනය අනුව, විභාගය සඳහා අයදුම්පත් කැඳවීමේ නිවේදනයේ සඳහන් අයදුම්කරුවන්ගේ උපරිම වයස අවුරුදු 40 යන්න, වයස අවුරුදු 45 දක්වා මෙම අවස්ථාවට පමණක් සීමා වන පරිදි දීර්ඝ කිරීමට නියම කර ඇත. ඒ අනුව එම ශ්‍රේෂ්ඨාධිකරණ නඩු අවසන් වුවද ඒ වන විට අභියාචනාධිකරණයේ පවතින CA 92/2023 (Writ) නඩුවේ අවසන් තීරණයක් ලබා දී නොමැති වූ බැවින් විභාගය පැවැත්වීමට මේ දක්වා නොහැකි වී තිබුණි. ඒ අනුව, උක්ත ශ්‍රේෂ්ඨාධිකරණ නඩු මඟින් ලබා දෙන ලද උපරිම වයස සංශෝධනය කිරීමේ නියෝගය පරිදි ශ්‍රී ලංකා ගුරු සේවා ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන යටතේ 3-I (අ) ශ්‍රේණියට උපාධිධාරින් බඳවා ගැනීමට අදාළ සුදුසුකම් සපුරනු ලබන අය බඳවා ගැනීමට කටයුතු කිරීම පිණිස පාසල්වල සේවයේ නියුතු සංවර්ධන නිලධාරින් ද ඇතුළුව රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරින් හා සෙසු උපාධිධාරින් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීම මැයෙන් අමාත්‍ය මණ්ඩල සන්දේශයක් 2025.10.08 දිනැතිව ඉදිරිපත් කර ඇත. ඒ සඳහා 2025.10.26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය ලැබී ඇති අතර, එම තීරණය සම්බන්ධව නැවත අභියාචනාධිකරණය වෙත කරුණු වාර්තා කළ පසු එම අභියාචනාධිකරණ නඩුවද 2025.11.20 දින අවසන් කර ඇත. ඒ අනුව, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දී ඇති නඩු තීන්දුව ප්‍රකාරව රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරින් හා රාජ්‍ය සේවයේ නියුතු නොවන අනෙකුත් උපාධිධාරින් සඳහා බඳවා ගැනීමේ වයස් සීමාව සංශෝධනය කරමින් වෙන වෙනම විභාගය පවත්වා ගුරු සේවයේ පවතින පුරප්පාඩු සඳහා ගුරු සේවයේ 3-I (අ) ශ්‍රේණියට උපාධිධාරින් බඳවා ගැනීමට කටයුතු සිදු කරමින් පවතී.
(ආ) (i) ඔව්.
(ii) ඒ අනුව, ඉදිරියේදී වයස් සීමාව සංශෝධනය කර විභාග පවත්වා ගුරු සේවයේ පවතින පුරප්පාඩු සඳහා ගුරු සේවයේ 3-I (අ) ශ්‍රේණියට උපාධිධාරින් බඳවා ගැනීමට කටයුතු කිරීමට නියමිතය. (ඉහත (අ) (iv) යටතේ මේ පිළිබඳව වැඩි විස්තර දන්වා ඇත.)
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-12-05
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ආචාර්ය හරිනි අමරසූරිය, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks