E   |     |  

 දිනය: 2026-03-03   පිළිතුර ලබා දී ඇත 

1302/2026: දීඝවාපි-ආලංකුලම් කෘෂි මාර්ගය සහ වෙල්ලක්කල් තෝට්ටම් සපත්තු පාලම: ප්‍රතිසංස්කරණය

1302/2025

ගරු එම්.එස්. උදුමාලෙබ්බේ මහතා,—  කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)         (i)     2022 වර්ෂයේ ඇතිවූ ගංවතුර හේතුවෙන් අක්කරපත්තුව වාරිමාර්ග ඉංජිනේරු කාර්යාල පරිපාලන කොට්ඨාසයේ පිහිටා ඇති දීඝවාපි-ආලංකුලම් කෘෂි මාර්ගය සහ වෙල්ලක්කල් තෝට්ටම් සපත්තු පාලම හානි වීම සම්බන්ධයෙන් අදාළ ප්‍රදේශවල ගොවීන් වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම්දී ඇති බවත්;

(ii) වාරිමාර්ග අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ අංක DI/AM/WG/AP/002/2022 හා 2022.11.28 දිනැති ලිපිය මඟින් ඉහත මාර්ගය සහ සපත්තු පාලම ප්‍රතිසංස්කරණය කිරීමට අදාළ තක්සේරු වාර්තාව ලබා දෙන ලෙස අම්පාර දිස්ත්‍රික් වාරිමාර්ග අධ්‍යක්ෂකවරයා වෙත දන්වා ඇති බවත්;

(iii) 2023 වර්ෂයට අදාළ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සංවර්ධන සැලසුමට එම මාර්ගය සහ සපත්තු පාලම ප්‍රතිසංස්කරණය කිරීම ඇතුළත් කිරීමට නිර්දේශ කර ඇති බවත්;

 එතුමා දන්නෙහිද?

(ආ) (i) දීඝවාපි-ආලංකුලම් කෘෂි මාර්ගය සහ වෙල්ලක්කල් තෝට්ටම් සපත්තු පාලම ප්‍රතිසංස්කරණය කිරීම සඳහාවූ තක්සේරු වාර්තාව මේ වනවිට වාරිමාර්ග දෙපාර්තමේන්තුවට ලැබී තිබේද;

(ii) එම තක්සේරු වාර්තාව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත  ලැබුණු දිනය කවරේද;

  (iii) මාර්ගය සහ සපත්තු පාලම ප්‍රතිසංස්කරණය  කිරීමට  ගෙන ඇති පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2026-03-03

අසන ලද්දේ

ගරු එම්.එස්. උදුමාලෙබ්බේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      සපත්තු පාලම සහ මාර්ගය හානිවීම සම්බන්ධව වෙල්ලක්කල් තෝට්ටම් ගොවි සංවිධානය විසින් දැනුම් දී තාවකාලිකව පිළියම් යොදන ලෙස ඉල්ලීම් කර ඇත.

              (ii)      ප්‍රධාන කාර්යාලයේ වාරිමාර්ග අධ්‍යක්ෂ (වත්කම් කළමනාකරණ) විසින් ඇස්තමේන්තු ඉදිරිපත් කරන ලෙස අම්පාර වාරිමාර්ග අධ්‍යක්ෂ වෙත DI/AM/WG/AP/002/2022 හා 2022.11.28 දිනැති ලිපියෙන් දන්වා ඇත.

(iii) ඉහත (ii)හි ලිපියෙන් 2023 වාර්ෂික වැඩසටහනට ඇතුළත් කරන ලෙස ද දන්වා ඇත.

(ආ) (i) ඇස්තමේන්තුව ලැබී නොමැත.

  (ii) 2023 ප්‍රමුඛතා ලේඛන සඳහා ඇතුළත් කළමුත්, ප්‍රතිපාදන නොලැබීම ‍නිසා සහ තාක්ෂණික කාර්ය මණ්ඩලයේ ඌනතාව හේතුවෙන් සහ යල මහ දෙකන්නය සඳහා ජලය සැපයීමට අවශ්‍ය නිර්මිත අලුත්වැඩියාව සඳහා ප්‍රමුඛතාව ලබා දී ඇති බැවින්, ඇස්තමේන්තු සකස් කර නොමැත.

(iii) මාර්ගය සහ සපත්තු පාලම ප්‍රතිසංස්කරණය කිරීම 2026 ප්‍රමුඛතා ලේඛනයෙහි ඇතුළත් කර ඇති අතර, ඉදිරියේදී ප්‍රතිපාදන වෙන් කිරීමට අපේක්ෂා කරයි.

(ඇ) ඉහත පිළිතුරු අනුව අදාළ නොවේ.

 

 

පිළිතුරු දුන් දිනය

2026-03-03

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අරවින්ද සෙනරත් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks