E   |     |  

 දිනය: 2026-02-06   පිළිතුර ලබා දී ඇත 

1301/2026: අක්කරපත්තුව, RB35 ප්‍රධාන ඇළ මාර්ගයේ නියාමක දොරටුවක් ඉදිකිරීම: ක්‍රියාමාර්ග

1301/2025

ගරු එම්.එස්. උදුමාලෙබ්බේ මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)       අක්කරපත්තුව වාරිමාර්ග ඉංජිනේරු කලාපයේ, කුරුඳන්කුලම කොට්ඨාසයේ, RB35 ප්‍රධාන ඇළ මාර්ගයේ, නියාමක දොරටුවක් ඉදිකිරීම සම්බන්ධයෙන් තක්සේරු වාර්තාවක් ලබා දෙන ලෙස වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල්ගේ අංක DI/AM/WG/002/2021 හා 2021.05.05 දිනැති ලිපිය මඟින් අම්පාර දිස්ත්‍රික් වාරිමාර්ග අධ්‍යක්ෂකවරයාගෙන් ඉල්ලා ඇති බවත්;

  (ii) ඉහත ලිපිය යොමු කර මේ වනවිට අවුරුදු 2කට වඩා ගතවී ඇතත් මේ දක්වා අදාළ තක්සේරු වාර්තාව ලබාදී නොමැති බවත්;

  (iii) ඒ හේතුවෙන් වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් විසින් මේ සම්බන්ධයෙන් නැවතත් අංක DI/AM/WG/AP/002/2023 හා 2023.09.20 දිනැතිව සිහිකැඳවීමේ ලිපියක් යොමු කර ඇති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) එසේ නම්, ඉහත සඳහන් නියාමක දොරටුව ඉදිකිරීම සඳහා මේ වනවිට ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2026-02-06

අසන ලද්දේ

ගරු එම්.එස්. උදුමාලෙබ්බේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්.

              (ii)      ඔව්.

            (iii)      ඔව්.

(ආ)     සකස් කර ඇති සැලසුම් අනුව ඇස්තමේන්තු සකස් කිරීම ආරම්භ කර ඇති අතර, 2026 වර්ෂයේ ප්‍රමුඛතා ලේඛනයට ඇතුළත් කර ඇත.

(ඇ)     ඉහත පිළිතුරු අනුව අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2026-02-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අරවින්ද සෙනරත් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks