පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1300/2025
ගරු එම්.එස්. උදුමාලෙබ්බේ මහතා,— අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට,—
(අ) (i) නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව ස්ථාපිත කිරීමට යෝජිත අධ්‍යාපන සභාව සම්බන්ධයෙන් කටයුතු කිරීම පිණිස අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පත් කර ඇති කමිටු සාමාජිකයන්ගේ නම් කවරේද;
(ii) එම කමිටුවේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් විස්තර කවරේද;
යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-11-20
අසන ලද්දේ
ගරු එම්.එස්. උදුමාලෙබ්බේ මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i)
|
නම |
තනතුර |
|
මහාචාර්ය ඕ.ජී. දයාරත්න මයා |
විශ්වවිද්‍යාල ආචාර්ය |
|
දර්ශන විජේසිංහ මයා |
සහකාර අධ්‍යක්ෂ (විදේශ භාෂා ශාඛාව) |
|
ටී.එම්.ඒ.කේ. ගුණසේකර මයා |
විදුහල්පති |
|
ආචාර්ය පූජ්‍ය දමන සුගතධම්ම හිමි |
ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවය |
|
එම්.ඒ. ප්‍රදීප් පුෂ්ප කුමාර මයා |
ශ්‍රී ලංකා විදුහල්පති සේවය |
|
සුජීවන් ප්‍රියන්ත චන්ද්‍රසේකර මයා |
ගුරු උපදේශක |
|
ඩබ්ලිව්.ජී.එස්.කේ. ප්‍රේමසිරි මයා |
ශ්‍රී ලංකා ගුරු සේවය |
|
ටී.එම්. ප්‍රේමවර්ධන මයා |
විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ අධ්‍යාපනඥ |
|
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුබ්‍රමනියම් රාජේන්ද්‍රන් මයා |
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය |
|
අමීර් මිහ්රාජ් මයා |
ගුරු අධ්‍යාපනඥ සේවය |
|
වී.එස්. තුෂාරි මිය |
සහකාර නීති කෙටුම්පත් සම්පාදක |
(ii) අධ්‍යාපන සේවාවන්හි ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ සහිතව අධ්‍යාපන සභාව පිහිටුවීමට අදාළ නිර්දේශ ඇතුළත් කමිටු වාර්තාව ඉදිරිපත් කර ඇත. එම කමිටු වාර්තාව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට දැන් ඉදිරිපත් කරලා තිබෙන්නේ. එම කමිටුවේදී සාකච්ඡා කරලා, ඒ නිර්දේශ අනුව අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-01-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ආචාර්ය හරිනි අමරසූරිය, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks