E   |     |  

 දිනය: 2026-02-05   පිළිතුර ලබා දී ඇත 

1297/2026: ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන: පවතින ඖෂධ ප්‍රමාණය

1297/2025

ගරු එස්. එම්. මරික්කාර් මහතා,— සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)      ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්ධන වැඩසටහන යටතේ පවත්වන සායන සංඛ්‍යාව කොපමණද;

             (ii)      ඒවායෙන් සේවා ලබා ගන්නා රෝගීන් සංඛ්‍යාව කොපමණද;

(iii) ඉහත වැඩසටහන පරිපාලනය කිරීමට ස්ථිර අධ්‍යක්ෂකවරයෙකු පත් කර තිබේද;

(iv) නොඑසේ නම්, පරිපාලන කටයුතු සිදු කරන ආකාරය කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) (i) ඒඩ්ස් රෝගය වැළැක්වීම සඳහා ලබාදෙන pre-exposure prophylaxis ඖෂධයෙන් මේ වනවිට පවතින තොග ප්‍රමාණය කොපමණද;

(ii) එම ඖෂධය ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් ලෙස ලැබෙන්නේද;

(iii) එසේ නම්, එම ඖෂධය ලබාදෙන ආයතනය කවරේද;

(iv) නොඑසේ නම්, එම ඖෂධය සපයා ගනු ලබන ආකාරය කවරේද;

යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) (i) ඒඩ්ස් රෝගය සඳහා ලබාදෙන ප්‍රතිවෛරස ඖෂධ වන Tenofovir, Lamivudine සහ Dolutegravir යන එක් එක් ඖෂධයෙන් මේ වනවිට පවතින තොග ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;

(ii) ඒඩ්ස් රෝගීන්ට අත්‍යවශ්‍ය ප්‍රතිවෛරස ඖෂධ හිඟයක් පවතින බව දන්නේද;

(iii) එසේ නම්, ඒ සම්බන්ධයෙන් වගකීම දරන්නේ කවුරුන්ද;

(iv) ඉහත හිඟය සම්බන්ධයෙන් ගන්නා පියවර කවරේද;

යන්න තවදුරටත් එතුමා සඳහන් කරන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2026-02-05

අසන ලද්දේ

ගරු එස්. එම්. මරික්කාර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)         (i)      ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් සඳහා පරීක්ෂණ හා ප්‍රතිකාර සායන 41ක් රට පුරා විසිරී පවතී.

              (ii)           

රෝගය

රෝගීන් සංඛ්‍යාව

HIV/AIDS

4,771

Syphilis (උපදංශය)

1,469

Gonorrhea (සුදු බිංදුම)

1,035

Herpes

2,891

 

 

(iii) ඔව්.

2025.11.06 දින සිට ස්ථිර අධ්‍යක්ෂකවරයෙකු සේවයට වාර්තා කර ඇත.

(iv) පැන නොනඟී.

(ආ) (i) 2025.12.31 දින වනවිට පෙති 36,420ක තොගයක් පවතින අතර එම ප්‍රමාණය මාස 4කට ප්‍රමාණවත් වේ.

(ii) ඔව්.

(iii) 1. ගෝලීය අරමුදල

2. ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය

(iv) දැනට ගෝලීය අරමුදලෙන්ද - Global Fund එකෙන්ද, ඉදිරියේදී රජයේ අරමුදල්වලින්ද - GoSL fundsවලින්ද - ඖෂධය සඳහා අරමුදල් සපයා ගන්නා අතර හදිසි අවශ්‍යතාවක් ලෙස මෑතකදී ශ්‍රී ලංකා පවුල් සැලසුම් සංවිධානයෙන් ඖෂධය සපයා ගන්නා ලදී.

(ඇ) (i) ප්‍රතිවයිරස ඖෂධ 3ක් ගැන ඔබතුමා කියනවා. ඖෂධ වර්ග 3ක් ලෙස පැවතියත් මෙය සංයෝජනය කරන ලද ඖෂධයකි. මෙය TLD නමින් හැඳින්වෙනවා. ඒ TLD තොග ප්‍රමාණය 2025 දෙසැම්බර් 31 දින වනවිට 101,280ක්ව පවතිනවා.

(ii) දැනට ඒඩ්ස් රෝගීන්ට ලබා දෙන අත්‍යවශ්‍ය ඖෂධවල හිඟයක් නොමැත. ගෝලීය අරමුදලෙන් ලැබෙන ඖෂධ බලාපොරොත්තු වූ කාල සීමාවේදී නොලැබුණු නිසා ඖෂධ මුලින් මාස තුනක් සඳහා නිකුත් කළද පසුව එම කාලය මාසයක් දක්වා අඩු කරන ලදී. ඖෂධ තොග මේ වනවිට ලැබීමට නියමිතව පවතින අතර, ලැබුණු විගස එම කාල සීමාව නැවතත් මාස තුනක් දක්වා දීර්ඝ කිරීමට කටයුතු කරනු ලැබේ. ඒ කියන්නේ, මාස තුනක කාලය අඩු කළා මිසක් ඖෂධ ලබා දෙන එක නතර කරලා නැහැ.

(iii) ඒඩ්ස් රෝගීන්ට ලබා දෙන අත්‍යවශ්‍ය ඖෂධ නිතිපතා සැපයීම සම්බන්ධ වගකීම දරන්නේ ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන හා වෛද්‍ය සැපයීම් අංශයයි.

(iv) දැනට ඒඩ්ස් රෝගීන්ට ලබා දෙන අත්‍යවශ්‍ය ඖෂධවල හිඟයක් නොමැත.

(ඈ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2026-02-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks