බලන්න

E   |     |  

 දිනය: 2026-07-22   පිළිතුර ලබා දී ඇත 

1281/2026: අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල: වෛද්‍ය නිලධාරි පුරප්පාඩු

ගරු සුසන්ත කුමාර නවරත්න මහතා,— සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)       අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටුවා ඇති ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල සංඛ්‍යාව කොපමණද;

            (ii)       ඒවායේ වෛද්‍ය නිලධාරි පුරප්පාඩු තිබේද;

           (iii)       එසේ නම්, එම පුරප්පාඩු සංඛ්‍යාව කොපමණද;

(iv) ඉහත සඳහන් එක් එක් ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල යටතේ පවතින මාතෘ හා ළමා සායන මධ්‍යස්ථාන සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(v) අනුරාධපුර දිස්ත්‍රික්කයේ එක් එක් ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසය අනුව පිහිටුවිය යුතු මාතෘ හා ළමා සායන මධ්‍යස්ථාන සංඛ්‍යාව හඳුනාගෙන තිබේද;

(vi) එසේ නම්, එම සංඛ්‍යාව එක් එක් කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2026-07-22

අසන ලද්දේ

ගරු සුසන්ත කුමාර නවරත්න මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටුවා තිබෙන ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල සංඛ්‍යාව 23යි.

              (ii)      ඔව්. ඒවායේ වෛද්‍ය නිලධාරි පුරප්පාඩු පවතිනවා.

             (iii)      සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි තනතුරු පුරප්පාඩු 7ක් පවතිනවා.

                        පුරප්පාඩු පවතින MOH කාර්යාල පහත පරිදි වනවා.

  • මිහින්තලේ
  • නාච්චාදූව
  • රාජාංගනය
  • කැබිතිගොල්ලෑව
  • පලුගස්වැව
  • අනුරාධපුර මහ නගර සභා MOH
  • නැ‍‍ඟෙනහිර නුවරගම් පළාත MOH

(iv)

MOH ප්‍රදේශය

මාතෘ හා ළමා සෞඛ්‍ය සායන මධ්‍යස්ථාන සංඛ්‍යාව

ගලෙන්බිඳුණුවැව

9

ගල්නෑව

13

හොරොව්පතාන

16

ඉපලෝගම

11

කහටගස්දිගිලිය

13

කැබිතිගොල්ලෑව

11

කැකිරාව

15

මහවිලච්චිය

7

මැදවච්චිය

15

මිහින්තලේ

10

නාච්චදූව

7

නොච්චියාගම

15

නුවරගම් පළාත මධ්‍යම

12

නුවරගම් පළාත නැඟෙනහිර

11

පදවිය

6

පලාගල

14

පලුගස්වැව

6

රාජාංගනය

7

රඹෑව

13

තලාව

15

තඹුත්තේගම

10

තිරප්පනේ

9

 

 

 

 

 

 

 

 

 

 

 

(v) අනුරාධපුර දිස්ත්‍රික්කයේ එක් එක් ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස මට්ටමින් පිහිටුවිය යුතු මාතෘ හා ළමා සායන මධ්‍යස්ථාන හඳුනා ගෙන තිබෙනවා.

(vi) මාතෘ හා ළමා සායන සංඛ්‍යාව මූලික වශයෙන් MOH බල ප්‍රදේශයේ සමස්ත ජනගහනය පදනම් කර ගනිමින් තීරණය කරනු ලබනවා. සාමාන්‍යයෙන් ජනගහනය 10,000කට එක් සායනයක් යන ප්‍රමිතිය මත අවශ්‍ය සායන සංඛ්‍යාව ගණනය කරනු ලබනවා. එම ගණනයට අනුව අදාළ MOH බල ප්‍රදේශ සඳහා අවශ්‍ය සායන සංඛ්‍යාව ඇමුණුමෙහි දක්වා තිබෙනවා. එම ඇමුණුම මම සභාගත* කරනවා.

තවද, ඇතැම් MOH බල ප්‍රදේශවල භූගෝලීය ව්‍යාප්තිය, ජනතාවගේ ප්‍රවේශ පහසුව, දුරස්ථ ප්‍රදේශ ආවරණය කිරීම හා ප්‍රවාහන අපහසුතා සැලකිල්ලට ගනිමින් ප්‍රමිතිය වඩාත් වැඩි සායන සංඛ්‍යාවක් පවත්වාගෙන යනු ලබනවා.

(ආ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2026-07-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks