බලන්න

E   |     |  

 දිනය: 2026-07-22   පිළිතුර ලබා දී ඇත 

1280/2026: ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය: වායු විමෝචන පරීක්ෂණ ආයතන සහිත ඩිපෝ

ගරු සුසන්ත කුමාර නවරත්න මහතා,— ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)       ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස්රථවල වායු විමෝචන පරීක්ෂණ සිදු කිරීම සඳහා මණ්ඩලයේ ඩිපෝවල වායු විමෝචන පරීක්ෂණ ආයතන පිහිටුවා තිබේද;

(ii) එසේ නම්, එම ආයතන සංඛ්‍යාව කොපමණද;

(iii) ඒවා පිහිටුවා ඇති ඩිපෝ කවරේද;

‍(iv) එම වායු විමෝචන පරීක්ෂණ ආයතන පිහිටුවීම සඳහා වැය කර ඇති මුළු මුදල කොපමණද;

(v) මේ වනවිට එම වායු විමෝචන පරීක්ෂණ ආයතනවලින් සේවා සපයන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

අසන ලද දිනය

2026-07-22

අසන ලද්දේ

ගරු සුසන්ත කුමාර නවරත්න මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)       ඔව්.

              (ii)       ජංගම වායු විමෝචන බස් රථ 09ක් නවීකරණය කිරීමේ කටයුතු සිදු කර ඇත.

        (iii)      ·      රත්මලාන ඩිපෝව

  • අම්පාර ඩිපෝව
  • යාපනය ඩිපෝව
  • බදුල්ල ඩිපෝව
  • මාතර ඩිපෝව
  • යටිනුවර ඩිපෝව
  • මැදවච්චිය ඩිපෝව
  • කුරුණෑගල ඩිපෝව
  • · ඇඹිලිපිටිය ඩිපෝව

(iv) 2025 වර්ෂයේ ක්‍රියාකාරී සැලැස්මට අනුව ‍යෝජිත ව්‍යාපෘතියෙහි ශ්‍රීලංගම ප්‍රතිපාදන මඟින් රුපියල් මිලියන 9ක් වැය කිරීමට යෝජනා වී තිබුණි. නවීකරණ කටයුතු සඳහා පළමු කාර්තුවේ රුපියල් මිලියන 5ක්ද, දෙවන කාර්තුවේ රුපියල් මිලියන 2ක්ද, තෙවන කාර්තුවේදී රුපියල් මිලියන 2ක්ද ආදී වශයෙන් ශ්‍රීලංගම ප්‍රතිපාදන වෙන් කිරීම සැලසුම් කර තිබුණි.

(v) ජංගම වායු විමෝචන පරීක්ෂණ බස් රථ වශයෙන් සංවර්ධනය කර සේවා සැපයීම මුඛ්‍ය අරමුණ නමුදු දැනට ක්‍රියාත්මක මට්ටමේ නොපවතී. වායු විමෝචන බස් රථවල නවීකරණ කටයුතු සඳහා අදාළ කට්ටල් සවි කරමින් පවතින අතර ඉදිරියේදී සේවා සැපයීම සිදු කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කර ඇත.

ගරු මන්ත්‍රීතුමනි, අමතර වශයෙන් මම මේ කාරණයත් කියන්න ඕනෑ. ලංගම බස් රථවල මේ ජංගම වායු වි‍මෝචන කටයුතු කාලාන්තරයක් තිස්සේ හරියට කරලා නැහැ. එහෙම කරපු ඒවාත් තිබෙන්න පුළුවන්. ඇත්තටම ගත්තොත්, ඒ කටයුතු කරලා නැහැ. මේවා VETTF කියන fund එකෙන් අවුරුදු ගණනකට කලින් ලබා දීපු බස් රථ. මට මතක හැටියට නම් මේ බස් රථ ලබා දීලා මේ වනවිට අවුරුදු 5කටත් වඩා වැඩියි. නමුත්, ඒ බස් රථ පාවිච්චි කරලා නැහැ. ඒ නිසා අපි බලපෑම් කරලා දැන් ඒවා නවීකරණය කරනවා. දැනට බස් රථ 5ක් නවීකරණය කර අවසන් කරලා තිබෙන බව දැනුම් දී තිබෙනවා. ඒ කටයුතු අපි ඉතාම ඉක්මනින් පටන් ගන්න බලාපොරොත්තු වනවා.

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2026-07-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු බිමල් රත්නායක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks