E   |     |  

 පිළිතුර ලබා දීමට ඇත 

1268/2026: Agricultural Lands for farmers in Ampara District

ගරු එම්.එස්. උදුමාලෙබ්බේ මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)       අම්පාර දිස්ත්‍රික්කයේ, ඉරක්කාමම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නාවලඩිවට්ටෛ ප්‍රදේශයේ 1986,1989,1991 සහ 1997 වර්ෂවල එම දිස්ත්‍රික්කයේ දිසාපතිවරයා විසින් ඉඩම් කච්චේරියක් පවත්වා, ඉඩම් කොමසාරිස් ජනරාල්වරයාගේ අනුමැතිය මත අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මඟින් ගොවීන් 21කට බලපත්‍ර ලබාදී ඇති බව දන්නේද;

(ii) පසුගිය වර්ෂ 30 මුළුල්ලේ කෘෂිකාර්මික හා ගොඩ ඉඩම් වගා කටයුතුවල නිරතවූ ගොවීන් 21 දෙනෙකුට, අම්පාර දිසාපතිවරයාගේ නියෝග අනුව ඉරක්කාමම් ප්‍රාදේශීය ලේකම්වරයා විසින් එම ඉඩම්වල කෘෂිකාර්මික කටයුතු නොකරන ලෙස දන්වා වරින් වර බාධා කර ඇති බව දන්නේද;

(iii) එම ගොවීන්ට අයත් ඉඩම් හඳුනාගෙන නැවත භාරදීම සඳහා ප්‍රාදේශීය ලේකම්වරයා සහ ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නිලධාරින් ඇතුළු කණ්ඩායමක් අම්පාර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව විසින් පත්කර එම ප්‍රදේශයට යවා ඇති අතර, එම ඉඩම් භාරදීම වැළැක්වීම සඳහා පිරිසක් බාධා කර ඇති බව දන්නේද;

(iv) එම ඉඩම් අදාළ ගොවීන්ට නැවත ලබා දීමට පියවර ගනු ලබන්නේද;  

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2026-07-22

අසන ලද්දේ

ගරු එම්.එස්. උදුමාලෙබ්බේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks