පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1264/2025
ගරු චාමර සම්පත් දසනායක මහතා,— වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) ශ්‍රී ලංකාවේ ස්ථාපිත කර ඇති ආර්ථික මධ්‍යස්ථානවල ව්‍යාපාර කටයුතු සිදු කරනු ලබන ලියාපදිංචි ව්‍යාපාරිකයන් සංඛ්‍යාව එක් එක් ආර්ථික මධ්‍යස්ථානය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) ඉහත සඳහන් ආර්ථික මධ්‍යස්ථාන සීමිත සමාගම් ලෙස සංස්ථාගත කිරීම සඳහා කටයුතු කරන්නේද;
(iii) එසේ නම්, එම ආර්ථික මධ්‍යස්ථානවල වර්තමානයේ ව්‍යාපාර කටයුතුවල යෙදී සිටින්නන්ට තම ව්‍යාපාර බාධාවකින් තොරව සිදු කරගෙන යෑමටත්, කිසිදු අගතියක් සිදු නොවන බවටත් තහවුරු කළ හැකිද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-02-19
අසන ලද්දේ
ගරු චාමර සම්පත් දසනායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i)
|
අනු අංකය |
ආර්ථික මධ්‍යස්ථානයේ නම |
මුළු වෙළෙඳ පරිශ්‍ර සංඛ්‍යාව |
ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාර කටයුතු කරන ලියාපදිංචි ව්‍යාපාරිකයින් සංඛ්‍යාව |
|
1 |
මීගොඩ |
92 |
92 |
|
2 |
පිළියන්දල |
59 |
59 |
|
3 |
වැලිසර |
139 |
139 |
|
4 |
තඹුත්තේගම |
56 |
56 |
|
5 |
නුවරඑළිය |
138 |
138 |
|
6 |
කැප්පෙටිපොළ |
70 |
70 |
|
7 |
අම්පාර |
23 |
23 |
|
8 |
යාපනය |
20 |
08 |
|
9 |
කිලිනොච්චිය |
40 |
09 |
|
10 |
මඩකලපුව |
50 |
07 |
|
11 |
වවුනියාව |
50 |
37 |
|
12 |
කුරුඳුවත්ත |
14 |
09 |
|
13 |
කන්දහන්දිය |
25 |
13 |
|
14 |
වේයන්ගොඩ |
76 |
62 |
|
15 |
රත්මලාන |
118 |
87 |
|
16 |
නාරාහේන්පිට |
208 |
135 |
|
17 |
ඇඹිලිපිටිය |
46 |
39 |
|
18 |
දඹුල්ල |
156 |
161 |
|
එකතුව |
1,380 |
1,144 |
|
(ii) ඔව්.
(iii) ඔව්.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-02-19
විසින් පිළිතුරු දෙන ලදී
ගරු වසන්ත සමරසිංහ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks