01

E   |     |  

 දිනය: 2025-10-08   පිළිතුර ලබා දී ඇත 

1258/2025: බන්ධනාගාර රැඳවියන්: රඳවා තබා ගැනීමේ කාලය

1258/2025

ගරු ධර්මප්‍රිය දිසානායක මහතා,— අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)        (i)       ශ්‍රී ලංකාවේ බන්ධනාගාර තුළ මේ වනවිට රඳවා සිටින රැඳවියන් සංඛ්‍යාව කොපමණද;

             (ii)       එම රැඳවියන් අතරින් වර්ෂ 20ක රැඳවුම් කාලයකින් පසු නිදහස ලැබීමට නියමිත රැඳවියන් සංඛ්‍යාව කොපමණද;

  (iii) වර්ෂ 20ක කාලය සම්පූර්ණ වීමෙන් පසු එම රැඳවියන් නිදහස් කරන්නේද;

(iv) නොඑසේ නම්, ඊට හේතු කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) ඉහත රැඳවියන් හැර දඩ ගෙවීමට නොහැකිව දීර්ඝ කාලීනව බන්ධනාගාර ගත කර සිටින රැඳවියන් සංඛ්‍යාව කොපමණද;

(ii) ඔවුන් සම්බන්ධයෙන් සාධාරණ හා විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කරන්නේද;

(iii) එසේ නම්, එම ක්‍රමවේදය කවරේද;

(iv) නොඑසේ නම්, ඊට හේතු කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2025-10-08

අසන ලද්දේ

ගරු ධර්මප්‍රිය දිසානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      2025.09.23 දින වනවිට  රැඳවියන්  - සිරකරුවන් - 10,509කුත්, සැකකරුවන් 24,256කුත් රඳවා සිටිනවා. ඒ අනුව සමස්තය 34,765ක් වෙනවා.

(ii)       ·      වසර 20ක් බන්ධනාගාරයේ සිටීම පදනම්ව මුදා හැරීමේ ක්‍රමවේදයක් අනුගමනය නොකරයි.

  • අධිකරණ මඟින් මරණ දඬුවම, ජීවිතාන්ත සිර දඬුවම් සහ යම් නිශ්චිත කාලයක් සඳහා සිර දඬුවම් නියම කරනු ලබයි.
  • එමඟින් බන්ධනාගාරගත කරනු ලබන රැඳවියන් සහ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලබන සැකකරුවන් බන්ධනාගාරය විසින් රඳවා සිටී.
  • මරණ දඬුවම නියම වූ සහ ජීවිතාන්ත සිරකරුවන් හැර නිශ්චිත සිර දඬුවම් විඳිමින් සිටින සිරකරුවන් හට අධිකරණය මඟින් ලබා දුන් දඬුවම් බන්ධනාගාර රීති (302) ප්‍රකාරව දඬුවම් ගණනය කර නිදහස් කිරීමට නියමිත දිනයේදී මුදා හරිනු ලැබේ. ඒ අනුව දණ්ඩනයෙන් යම් අවස්ථාවල තුනෙන් එකක්, යම් අවස්ථාවල හතරෙන් එකක් දක්වා remission තත්ත්වයකට පත් වෙනවා. එය මරණ දඬුවම සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවමට අදාළ වෙන්නේ නැහැ.

(iii) නැත.

(iv) වසර 20ක් බන්ධනාගාරයේ සිටීම පදනම්ව බන්ධනාගාරයේ මුදා හැරීමේ ක්‍රමවේදයක් අනුගමනය නොකරන අතර, අධිකරණය මඟින් ලබා දෙන දඬුවම බන්ධනාගාර ව්‍යවස්ථාපිත රීති (302) ප්‍රකාරව ගණනය කර අදාළ නිදහස් දිනයේදී මුදා හැරීම් සඳහා පමණක් බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත නෛතික බලය ඇත.

(ආ) (i) 2,122යි.

 

(ii)        ඔව්.

            (iii)      ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තිය ප්‍රකාරව ජනාධිපතිතුමාට සිරකරුවන් සඳහා ජනාධිපති සමාව ප්‍රදානය කිරීමට ප්‍රතිපාදන සලසා ඇත. ඒ අනුව යම් විශේෂිත දිනවලදී     සිරකරුවන්ට ජනාධිපති සමාව ලබා දීමේදී දඩ ගෙවා ගත නොහැකිව බන්ධනාගාරගතව සිටින තෝරා ගත් සිරකරුවන්ගේ දඬුවමේ ශේෂය අහෝසි කිරීමට කටයුතු කරනු ලබයි.

(iv) අදාළ නොවේ.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2026-01-13

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks