01

E   |     |  

 දිනය: 2025-09-10   පිළිතුර ලබා දී ඇත 

1253/2025: LRC ඉඩම්වලින් බෙදා දුන් විකල්ප ඉඩම්: නුවරඑළිය දිස්ත්‍රික්කය

1253/2025

ගරු මංජුල සුරවීර ආරච්චි මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇති, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් කොපමණද;

             (ii)      එම ඉඩම් අතරින් මේ වනවිට බෙදාදී ඇති විකල්ප ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් කොපමණද;

‍(iii) එම විකල්ප ඉඩම් ලබාදී ඇති එක් එක් පුද්ගලයාගේ නම, ලබා දුන් ඉඩම් ප්‍රමාණය, ඉඩම් ලබා දීමේ පදනම සහ ඉඩම් ලබා දුන් කාල වකවානු වෙන් වෙන් වශයෙන් කවරේද;

(iv) එම විකල්ප ඉඩම් ලබා දුන් පුද්ගලයන්ගේ නාම ලේඛනයේ දේශපාලඥයන්ගේ නම් සඳහන්වී තිබේද;

(v) එසේ නම්, එම දේශපාලඥයන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-09-10

අසන ලද්දේ

ගරු මංජුල සුරවීර ආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      හෙක්ටෙයාර 29,965.41කි.

              (ii)        හෙක්ටෙයාර 97.21කි.

             (iii)      ඇමුණුම මඟින් ලේඛන ඉදිරිපත් කර ඇත. එය දීර්ඝ ඇමුණුමක්. පහසුව සඳහා මම එය සභාගත* කරනවා.

             (iv)         අමුණා ඇති ලේඛන අනුව දේශපාලනඥයන් වෙත කොමිෂන් සභාව විසින් නීතිමය බැඳීම් යටතේ ඉඩම් බැහැර කිරීමක් සිදු කර නොමැත.

    (v) අදාළ නොවේ.

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2025-10-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අරවින්ද සෙනරත් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks