පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1252/2025
ගරු සුනිල් රත්නසිරි මහතා,— ඩිජිටල් ආර්ථික අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ මේ වනවිට සේවය කරනු ලබන සේවකයන් සංඛ්‍යාව කොපමණද;
(ii) මේ වනවිට එම සමාගමේ සේවක පුරප්පාඩු තිබේද;
(iii) 2024 වර්ෂයේදී සමාගම උපයා ඇති ලාභය කොපමණද;
(iv) එම සමාගමේ සේවාවන් ලබා ගෙන ගෙවීම පැහැර හැර ඇති මුළු වටිනාකම කොපමණද;
(v) එම වටිනාකම අය කර ගැනීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-09-23
අසන ලද්දේ
ගරු සුනිල් රත්නසිරි මහතා, පා.ම.
අමාත්‍යාංශය
ඩිජිටල් ආර්ථික
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) සේවකයින් සංඛ්‍යාව
|
ස්ථිර |
5,848 |
|
කොන්ත්‍රාත්තු |
50 |
|
මුළු |
5,898 |
(ii) අද වන විට හඳුනාගෙන ඇති මුළු බාහිර පුරප්පාඩු
සංඛ්‍යාව (වෙනස්කම්වලට යටත් වේ)
|
තාක්ෂණික |
25 |
|
තාක්ෂණික නිලධාරින් |
26 |
|
IT NW නිලධාරින්/මෘදුකාංග සංවර්ධකයින් |
14 |
|
ඉංජිනේරුවන් |
6 |
|
අළෙවිකරණ නිලධාරි |
17 |
|
AI විසඳුම් ගෘහ නිර්මාණ ශිල්පී |
1 |
|
AI/ML ඉංජිනේරු |
1 |
|
දත්ත විද්‍යාඥ |
1 |
|
මෘදුකාංග ඉංජිනේරු - AI - |
1 |
|
දත්ත සහ AI ආරක්ෂක ඉංජිනේරු |
1 |
|
Cloud සහාය විශේෂඥ |
3 |
|
එකතුව |
96 |
(iii) SLT සමූහය 3,120යි. SLT සමාගම 2,113යි. ඒ, 2024 වාර්ෂික වාර්තාව අනුවයි.
(iv) පහත ඇමුණුමේ දැක්වෙි.
(v) පැහැර හරින ලද ගනුදෙනුකරුවන් සඳහා හිඟ මුදල් අයකර ගැනීමට ගත් ක්‍රියාමාර්ග කීපයකි. පළමුවන ක්‍රමවේදය තමයි, ණය අයකර ගැනීම් බාහිර නියෝජිතයෙකුට භාර දීම. ඒ අනුව, ණය අයකර ගැනීමේ සමාගමේ ඇමතුම් මධ්‍යස්ථාන නිලධාරින් හරහා ගනුදෙනුකරුවන් ඇමතීම, සම්බන්ධ කර ගත නොහැකි ගනුදෙනුකරුවන්ට ලිපි යැවීම, අයකර ගැනීමේ නිලධාරි ණයකරුගේ නිවෙස වෙත යැවීම සිදු වනවා.
දෙවන ක්‍රමවේදය විධියට සමථ මණ්ඩල ක්‍රියාමාර්ගය ගන්නවා. සමථ මණ්ඩල පනත හරහා ඒකට ක්‍රියාමාර්ග පනවා තිබෙනවා. මෙට්‍රෝ කලාපයේ - කොළඹ ප්‍රදේශයේ- නම් රුපියල් 50,000ට වැඩි ගිණුම් සඳහා සහ අනෙකුත් කලාපවල රුපියල් 100,000ට වැඩි ගිණුම් සඳහා හිඟ මුදල් සමථ මණ්ඩල වෙත යොමු කරන්න පුළුවන්. ඒ වාගේම රුපියල් 1,000,000ට වැඩි හිඟ මුදල් තිබෙනවා නම්, ඒක සමථ මණ්ඩලය නැතුව ඊට එහා නීතිමය කර්තව්‍යයකට යනවා. සමථ මණ්ඩලය හරහා හිඟ මුදල් පියවීමට ගනුදෙනුකරු එකඟ නොවුණොත් ඒ සඳහා නීතිමය මාර්ගයට යන්න කටයුතු කරන්න පුළුවන්.
ඒ වාගේම තුන්වන ක්‍රමවේදය විධියට SLT මඟින් එන්තරවාසි - LOD - යැවීම සිදු වනවා. අවසාන මතක් කිරීමේ ලිපිය විධියට LOD යවන එක තමයි කරන්නේ. ඒ සඳහා දින දර්ශන - calendar - මාසයක් ඇතුළත ගෙවීම කරන්න කියා තමයි මේ LOD එක යවන්නේ. ඒකේදී අවම හිඟ මුදල් රුපියල් 10,000ක වාගේ මට්ටමකවත් තිබෙන්න ඕනෑ.
හතරවන ක්‍රමවේදය අනුව කරන්නේ LOD හරහා යවන කට්ටියට විද්‍යුත් තැපෑල මාර්ගයෙන් සහ ලිපි, ඇමතුම් දීලා ඔවුන්ට ඒ සඳහා සිහි කැඳවීමයි. ඒත් මුදල් පියවීමක් නොකෙරුණොත් ඊට පසුව නීතිමය මාර්ගයට යනවා. Letter of Demand - LOD එකක් - යවලා දින 14ක් ඇතුළත ගෙවීම් කළේ නැත්නම් නීති මාර්ගයට ගිහිල්ලා කටයුතු කරනවා. ඒකේදී මෙට්‍රෝ කලාපයේ නම්, ඒ කියන්නේ කොළඹ නම්, රුපියල් 50,000ට වැඩි හිඟ මුදල් අය කර ගන්නත්, අනෙකුත් කලාපවල රුපියල් 100,000ට වැඩි හිඟ මුදලක් අය කර ගන්නත් තමයි නීතිමය මාර්ගයට යන්නේ. ඊට පසුව මෙහෙම නීතිමය මාර්ගයෙන් ඒ ගෙවීම් කළ යුතු පුද්ගලයාට ගෙවන්න කියලා කියා තිබියදී ඒකත් පැහැර හැරියොත්, ඊටත් එහාට රිට් නඩු මාර්ගයට ගිහිල්ලා ඒ මුදල අය කර ගන්න ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව රිට් ක්‍රියාමාර්ගයට යන්නේ රුපියල් 50,000ට වැඩි මුදලක් පියවා ගන්න තිබෙනවා නම් තමයි.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-09-23
විසින් පිළිතුරු දෙන ලදී
ගරු එරංග වීරරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks