පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
.
අසන ලද දිනය
2026-05-06
අසන ලද්දේ
ගරු සුසන්ත කුමාර නවරත්න මහතා, පා.ම.
අමාත්‍යාංශය
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) නැත.
(ii) සියලුම විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන ඒකාබද්ධ කොට භාණ්ඩාගාර ලේකම්ට පූර්ණ කොටස් අයිතිය හිමි රාජ්‍ය සමාගමක් 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ 2025.10.09 දින National Agri-Marketing Services Limited නමින් සමාගමක් ස්ථාපිත කර ඇත.
(iii) එම රාජ්‍ය සමාගමෙහි අධ්‍යක්ෂ මණ්ඩලය සාමාජිකයන් 09 දෙනෙකුගෙන් සමන්විත වේ. එනම්,
මෙම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් පත් කිරීම සිදු කරනු ලබන්නේ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යතුමාගේ නිර්දේශ මත මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා වේ.
මෙම අධ්‍යක්ෂ මණ්ඩලයේ නිල කාලය ඔවුන් පත් වූ දින සිට වසර 05ක උපරිම කාලයක් වේ.
සමාගමේ සාංගමික ව්‍යවස්ථාවලියේ 12 වගන්තිය අනුව සෑම විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයක් සඳහාම පාලන කමිටුවක් - Governance Committee එකක් - ස්ථාපිත කළ යුතුය. එම කමිටුවේ සංයුතිය පහත පරිදි වේ.
මෙම කමිටුව විසින් විශේෂිත ආර්ථික මධ්‍යස්ථානවල මෙහෙයුම්, පරිපාලන සහ සංවර්ධන කටයුතු සිදු කරන අතර, එම කමිටුව විසින් කමිටු රැස්වීම්වල ගන්නා තීරණ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමෙන් පසු ක්‍රියාත්මක කරනු ලැබේ.
(iv) මෙම සමාගම ස්ථාපිත කිරීම තුළින් පහත සඳහන් වාසි ලබා ගැනීමට අපේක්ෂා කරනු ලබයි.
ගොවීන්, වෙළෙන්දන් සහ පාරිභෝගිකයන්ගේ සුබසාධනය වැඩි දියුණු කිරීම සඳහා කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා ස්ථාවර වෙළෙඳ පොළ පද්ධතියක් ස්ථාපනය කිරීම.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-05-15
විසින් පිළිතුරු දෙන ලදී
ගරු වසන්ත සමරසිංහ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks