පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1243/2025
ගරු සුසන්ත කුමාර නවරත්න මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) 2024-2025 වර්ෂය තුළදී ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ගොඩ කිරීම සඳහා අනුමතිය ලබාදී ඇති අනුරාධපුර දිස්ත්‍රික්කයේ මුළු කුඹුරු ඉඩම් ප්‍රමාණය, එම එක් එක් කුඹුරු ඉඩම හිමිකරුගේ නම, අනුමතිය ලබා දුන් කුඹුරු ඉඩමේ විශාලත්වය සහ අනුමතිය ලබා දීමට හේතුව වෙන් වෙන් වශයෙන් කවරේද;
(ii) ඊට අදාළව, ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්ගේ අත්සනින් යුතුව නිකුත් කරන ලද ලිපිවල පිටපත් ඉදිරිපත් කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-11-06
අසන ලද්දේ
ගරු සුසන්ත කුමාර නවරත්න මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 2024 වර්ෂය සඳහා අනුරාධපුර දිස්ත්‍රික්කයට අදාළව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් කුඹුරු ඉඩම් ගොඩ කිරීම සඳහා අනුමැතිය ලබා දී නොමැති අතර, 2025 වර්ෂයට අදාළව 2011 අංක 46 දරන ගොවිජන සංවර්ධන (සංශෝධන) පනතින් සංශෝධිත 2000 අංක 46 දරන ගොවිජන සංවර්ධන පනත ප්‍රකාරව කුඹුරු ඉඩම් ප්‍රමාණයක් වී වගා කිරීමක් හැර වෙනත් කාර්යයක් සඳහා භාවිත කිරීමට අවසර ලබා දී ඇති ඉඩම් සම්බන්ධ තොරතුරු පහත වගුවේ පරිදි වේ.
|
|
ඉඩම හිමිකරුගේ නම හා ගොනු අංකය |
අනුමැතිය ලබා දී ඇති බිම් ප්‍රමාණය (පර්චස්) |
ලබා දී ඇති අනුමැතිය |
|
01. |
එන්.ඩබ්ලිව්.ආර්. පුෂ්ප කුමාර මයා 7/11/ AN/105 |
2.8 |
ව්‍යාපාරික ස්ථානයක් ඉදිකර ගැනීම සඳහා |
|
02. |
එස්. අතුල ජානක කුමාරසිරි මයා 7/11/ AN/104 |
10.20 |
ව්‍යාපාරික ස්ථානයක් ඉදිකර ගැනීම සඳහා |
|
03. |
එම්.එස්. පාතිමා බසිරා මිය 7/11/ AN/106 |
5.80 |
ව්‍යාපාරික ස්ථානයක් ඉදිකර ගැනීම සඳහා |
|
04. |
එම්.එස්.එම්. නසුර්දීන් මයා 7/11/ AN/107 |
6.0 |
ව්‍යාපාරික ස්ථානයක් ඉදිකර ගැනීම සඳහා |
|
05. |
එම්.එස්. ෆාතිමා තස්ලිමා මිය 7/11/AN/108 |
8.20 |
ව්‍යාපාරික ස්ථානයක් ඉදිකර ගැනීම සඳහා |
|
මුළු බිම් ප්‍රමාණය |
33.0 |
|
|
(ii) ඔව්. එම ලේඛන ඇමුණුම මඟින් දක්වා ඇත. ඇමුණුම සභාගත* කරමි.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-02-05
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නාමල් කරුණාරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks