පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1234/2025
ගරු අරවින්ද සෙනරත් මහතා,— විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) විදේශ රැකියා ලබා දෙන ආයතනවල නම් කවරේද;
(ii) නීත්‍යානුකූලව ගිවිසුම් ගතවූ ආයතන පමණක් විදේශ රැකියා ලබා දෙන්නේද;
(iii) නීත්‍යානුකූලව ගිවිසුම් ගත නොවූ ආයතන විදේශ රැකියා ලබා දෙන්නේ නම්, එම ආයතනවල නම් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) විදේශ රැකියා ලබා දීමේදී, නීත්‍යානුකූල නොවන ආකාරයට රැකියා ලබාදෙන ආයතන විසින් මුදල් වංචා සිදු කරන්නේද;
(ii) එසේ නම්, එම ආයතන විසින් වංචා කර ඇති මුදල කොපමණද;
(iii) මුදල් අය කර එහෙත් රැකියා ලබාදී නොමැති ආයතනවලට එරෙහිව ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-09-09
අසන ලද්දේ
ගරු අරවින්ද සෙනරත් මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 2025.08.26 දින වනවිට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී ඇති වලංගු විදේශ රැකියා නියෝජිත ආයතන සංඛ්‍යාව 981ක් වන අතර, එම ආයතනවල නම් සහ ලියාපදිංචි අංක ඇතුළත් ලේඛනය ඇමුණුම 01 මඟින් දක්වා ඇත. එය දීර්ඝ ඇමුණුමක්.
2025.08.26 දින වන විට බලපත්‍රය අලුත් කර ගැනීමේ කටයුතු සිදුවෙමින් පවතින විදේශ රැකියා නියෝජිත ආයතන සංඛ්‍යාව 48ක් වන අතර, එම ආයතනවල නම් සහ ලියාපදිංචි අංක ඇතුළත් දීර්ඝ ලේඛනය ඇමුණුම 02 ලෙස තිබෙනවා.
ඇමුණුම 01 සහ 02 සභාගත* කරමි.
(ii) නැත. ඇතැම් අවස්ථාවලදී නීත්‍යනුකූල බලයක් නොමැති විදේශ රැකියා ආයතන මඟින් පුද්ගලයින් බඳවා ගනු ලබන අවස්ථා කාර්යාංශයට වාර්තා වී ඇති අතර, එම අවස්ථාවලදී කාර්යාංශ පනත යටතේ නීත්‍යනුකූලව කටයුතු කරනු ලැබේ.
1. 1994 අංක 04 හා 2009 අංක 56 දරන පනත්වලින් සංශෝධිත 1985 අංක 21 දරන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනතේ ප්‍රතිපාදනයන්ට අනුව විදේශ රැකියා සඳහා වලංගු බලපත්‍රයක් නිකුත් කළ ආයතනවලට පුද්ගලයින් විදේශ රැකියා සඳහා බඳවා ගැනීමට හැකියාව ඇත.
2. රජයන් අතර ඇති කර ගනු ලබන ගිවිසුම් මඟින් (G-to-G) විදේශ රැකියා සඳහා පුද්ගලයින් බඳවා ගැනීම රාජ්‍ය අංශය මඟින් සිදු කරනු ලබයි.
3. තනි පුද්ගලයින් විසින් ඔවුන් විසින්ම සොයා ගනු ලබන විදේශ රැකියා සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනතේ ප්‍රතිපාදනයන්ට අනුව විදේශගත වේ.
(iii) විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනතේ ප්‍රතිපාදනයන්ට අනුව විදේශ රැකියා සඳහා වලංගු බලපත්‍රයක් නොමැති ආයතන විසින් විදේශ රැකියා සඳහා පුද්ගලයින් බඳවා ගැනීමට නීත්‍යනුකූල බලයක් නොමැති අතර, එවැනි ආයතන සම්බන්ධයෙන් කාර්යාංශ පනතේ විධිවිධාන අනුව නීති මඟින් කටයුතු කරනු ලබන අතර, එවැනි විදේශ රැකියා ලබා දුන් පුද්ගලයින් සම්බන්ධයෙන් මේ වන විට නීති මඟින් කටයුතු කරන ලද නාම ලේඛනයක් ඇමුණුම 03 වශයෙන් ඉදිරිපත් කරමි. ඇමුණුම 03 සභාගත* කරමි.
(ආ) (i) ඔව්. එවැනි අවස්ථා වාර්තා වී ඇත.
නීත්‍යනුකූල නොවන ආකාරයට විදේශ රැකියා ලබා දෙන ආයතන සහ පුද්ගලයින් විසින් විදේශ රැකියා ලබා දෙන බවට පුද්ගලයින්ගෙන් මුදල් වංචා සිදු කරනු ලබයි. එවැනි අවස්ථාවන්හිදී විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් කාර්යාංශ පනත යටතේ නීති මඟින් කටයුතු කරනු ලබයි.
(ii) නීත්‍යනුකූල නොවන ආකාරයට විදේශ රැකියා ලබා දෙන ආයතන සහ පුද්ගලයින් විසින් විදේශ රැකියා ලබා දෙන බවට පුද්ගලයින්ගෙන් මුදල් වාංචා සිදු කරනු ලබයි. ඒ අනුව, එවැනි පැමිණිල්ලක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ලැබුණු පසු විශේෂ විමර්ශන ඒකකය මඟින් නීති මඟින් කටයුතු කරනු ලබයි.
එසේ, 2025 ජනවාරි මස 01 දින සිට ජූලි මස 31 දක්වා කාර්යාංශයට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 662ක් වන අතර, වංචා කර ඇති මුදල මිලියන 488.32ක් වේ.
(iii) විදේශ රැකියා ලබා දීම සිදු කළ යුත්තේ විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනතේ ප්‍රතිපාදනයන්ට අනුව විදේශ රැකියා සඳහා බලපත්‍රයක් නිකුත් කර ඇති ආයතන මඟින් පමණක් වන අතර, එවැනි ආයතන විසින් ද පුද්ගලයින් විසින් ද රැකියා ලබා දෙන බවට පොරොන්දු වී එම පොරොන්දු කඩ කර ඇති අවස්ථාවලදී ඉහත කාර්යාංශ පනත යටතේ නීති මඟින් කටයුතු කරනු ලබයි.
එසේම කාර්යාංශය මඟින් බලපත්‍රයක් නොලබා පුද්ගලයින් විදේශගත කිරීම සඳහා මුදල් අය කර ගන්නා ආයතන සම්බන්ධයෙන් කාර්යාංශ පනත ප්‍රකාරව නීත්‍යනුකූලව කටයුතු කරනු ලබයි.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-09-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අරුන් හේමචන්ද්‍ර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks