E   |     |  

 දිනය: 2026-08-20   පිළිතුර ලබා දී ඇත 

1218/2026: Dilapidated Condition of Buildings at Muslim Ladies College, Bambalapitiya

ගරු එස්. එම්. මරික්කාර් මහතා,— අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට,— (1)

(අ)        (i)       බම්බලපිටිය මුස්ලිම් කාන්තා විද්‍යාලයේ මේ වනවිට ඇති ගොඩනැගිලි සංඛ්‍යාව කොපමණද;

            (ii)       එම ගොඩනැගිලි අතරින් ගොඩනැගිලි කිහිපයක් වර්ෂ 75කට වඩා පැරණි බව දන්නේද;

(iii) එම ගොඩනැගිලි අතරින් මේ වනවිට භාවිතයට අපහසු සහ අබලන් ගොඩනැගිලි සංඛ්‍යාව කොපමණද;

(iv) එම ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වැඩපිළිවෙළක් සකස් කර තිබේද;

(v) එසේ නම්, එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනු ලබන කාල වකවානු කවරේද;

යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2026-08-20

අසන ලද්දේ

ගරු එස්. එම්. මරික්කාර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks