පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා,— ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) යාපනය දිස්ත්‍රික්කයේ වේලනෛ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වේලනෛතුරෛ සිට පුන්ගුඩුතිව්, මඩත්තුවේළි දක්වා ඉදිකර ඇති පාලමේ දිග කොපමණද;
(ii) එම පාලම අවසන්වරට ප්‍රතිසංස්කරණය කරන ලද වර්ෂය සහ අරමුදල් සපයා ගන්නා ලද ප්‍රභවය කවරේද;
(iii) එය ප්‍රතිසංස්කරණය සඳහා වැය කරන ලද මුදල කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) එම පාලම මතින් ගමන් කිරීම ඉතාමත් අවදානම් බවත් අනතුරු සිදුවන බවත් දන්නේද;
(ii) එසේ නම්, එම අනතුරු සිදුවීමට බලපාන හේතු කවරේද;
(iii) එම පාලම සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කරනු ලබන දිනය කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-07-22
අසන ලද්දේ
ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) මෙහි සඳහන් කර ඇති ව්‍යුහය පාලමක් නොව මුහුද හරහා ඉදිකළ ගොඩබිම් මාර්ගයක් - causeway එකක් - වන අතර, එහි මුළු දිග කිලෝමීටර 4කි.
(ii) • 2024 වර්ෂයේදී මෙම මාර්ගයේ නඩත්තු සහ මතුපිට ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන ලදී.
• මෙම නඩත්තු කටයුතු සඳහා අරමුදල් සපයනු ලැබුවේ මාර්ග නඩත්තු කටයුතු වෙනුවෙන් වෙන් කරනු ලබන ශ්‍රී ලංකා රජයේ - GoSL - ප්‍රතිපාදන මඟිනි.
(iii) නඩත්තු කටයුතු සඳහා රුපියල් මිලියන 60ක් පමණ වැය කර ඇත.
(ආ) (i) ඔව්.
(ii) මාර්ගයේ පළල පටුවීම, ආරක්ෂිත බාධක නොමැති වීම සහ මාර්ගයේ මතුපිට අසමාන වීම.
(iii) ප්‍රතිපාදන ලැබීම අනුව 2027 වර්ෂයේදී මෙම මාර්ගය සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කිරීමට යෝජනා කර ඇත. පවතින වෙළෙඳ පොළ මිල ගණන් අනුව මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ඇස්තමේන්තුගත පිරිවැය ආසන්න වශයෙන් රුපියල් බිලියන 4ක් පමණ වැය වේ.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-07-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු බිමල් රත්නායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks