පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා,— තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) කිලිනොච්චි නගරය මධ්‍යයේ පිහිටි මහජන ක්‍රීඩාංගනය 2010 වර්ෂයේදී ඉදිකිරීම් ආරම්භ කර ඇති අතර, අද වනතුරු එම ක්‍රීඩාංගනය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ භාවිතය සඳහා පවරාදී නොමැති බව දන්නේද;
(ii) එම ක්‍රීඩාංගනය කවර මට්ටමේ ක්‍රීඩාංගනයක් ලෙස ඉදිකිරීමට සැලසුම් කර තිබේද;
(iii) මේ දක්වා මෙම ක්‍රීඩාංගනයේ ඉදිකිරීම් සඳහා වෙන් කරන ලද ප්‍රතිපාදන ප්‍රමාණය කොපමණද;
(iv) පසුගිය වර්ෂ 10 තුළ එම ප්‍රතිපාදනවලින් වැය කර ඇති ප්‍රමාණය කොපමණද;
(v) එම ක්‍රීඩාංගනයේ ඉදිකිරීම් සඳහා මෙතෙක් ගිවිසුම් ගතවී ඇති කොන්ත්‍රාත්කරුවන්ගේ සංඛ්‍යාව කොපමණද;
(vi) වර්තමානයේ ඉදිකිරීම් සිදුකරන කොන්ත්‍රාත්කරුවන් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ඉහත ක්‍රීඩාංගනයේ ඉදිකිරීම් කටයුතු ප්‍රමාද වීම හේතුවෙන් එම දිස්ත්‍රික්කයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඇතිවී තිබෙන බලපෑම කවරේද;
(ii) කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-07-23
අසන ලද්දේ
ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
තරුණ කටයුතු සහ ක්‍රීඩා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks