logo

02

E   |     |  

 දිනය: 2026-07-08   පිළිතුර ලබා දී ඇත 

1189/2026: කිලිනොච්චි දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය: ලියාපදිංචි නොකිරීම

ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා,— තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

 (අ)    (i)   ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මකවන ක්‍රිකට් සංගම් සංඛ්‍යාව කොපමණද;

            (ii)   එමඟින් දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි ක්‍රිකට් සංගම් 25ක්  ක්‍රියාත්මක වන්නේද;

(iii) කිලිනොච්චි දිස්ත්‍රික්කයේ, ක්‍රිකට් සංගමයක් පිහිටුවීමට අදාළ අනුමැතිය මෙතෙක් ලබා නොදීමට හේතු ක‍වරේද;

(iv) එම දිස්ත්‍රික්කයේ ක්‍රිකට් සංගමය විසින් තම සංගමය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙහි ලියාපදිංචි කිරීම සඳහා අවස්ථා කිහිපයකදී අයදුම් කර තිබුණද, එය මෙතෙක් ලියාපදිංචි නොකිරීමට හේතු කවරේද;

(v) 2010 වර්ෂයෙන් පසුව කිලිනොච්චි දිස්ත්‍රික්ක ක්‍රිකට් සංගමයට අමාත්‍යංශය විසින් ලබාදී ඇති ආධාර සහ පහසුකම් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2026-07-08

අසන ලද්දේ

ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

තරුණ කටයුතු සහ ක්‍රීඩා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)           (i)      පළාත් ක්‍රිකට් සංගම් 04ක් සහ දිස්ත්‍රික් ක්‍රිකට් සංගම් 25ක් ක්‍රියාත්මක වේ.

              (ii)      දිස්ත්‍රික් 25ම ආවරණය වන පරිදි දිස්ත්‍රික් ක්‍රිකට් සංගම් 25ක් ක්‍රියාත්මක වේ. එයින් කිලිනොච්චිය, මන්නාරම සහ මුලතිව් යන දිස්ත්‍රික්ක සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වය ලැබී නොමැත.

             (iii)      කිලිනොච්චි දිස්ත්‍රික්කයේ, දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයක් පිහිටුවා ඇති අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාව ප්‍රකාරව සාමාජිකත්වය ලබාගත නොහැකි වීම මත එම දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය හට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වය මේ වන තෙක් ලබා ගත නොහැකි වී ඇත. එසේ වුවද, සාමාජිකත්වය රහිතව වුවද, කිලිනොච්චි දිස්ත්‍රික්කය සඳහා වන දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය ලෙස එම සංගමය ක්‍රියාත්මක වේ.

(iv) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාව ප්‍රකාරව දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයක් ලියාපදිංචි කිරීමට අවශ්‍ය කොන්දේසි සපුරා නොතිබීම.

(v) අමාත්‍යාංශයේ පවතින පොත්පත් හා ලිපිලේඛන අනුව 2010 වර්ෂයෙන් පසුව කිලිනොච්චි දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයට අමාත්‍යාංශයෙන් ආධාර සහ පහසුකම් ලබා දී ඇති බවට තොරතුරු අනාවරණ කරගත නොහැක.

(ආ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2026-07-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු සුනිල් කුමාර ගමගේ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks