E   |     |  

 දිනය: 2026-04-09   පිළිතුර ලබා දී ඇත 

1187/2026: කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පෙර පාසල් ගුරුවරු: වැටුප්

.

අසන ලද දිනය

2026-04-09

අසන ලද්දේ

ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)           (i)      කිලිනොච්චි දිස්ත්‍රික්කය තුළ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් පෙර පාසල් පවත්වාගෙන යනු නොලබන අතර, ඒවා උතුරු පළාත් සභාව යටතේ ඇති පූර්ව ළමාවිය සංවර්ධන අධිකාරිය මඟින් පවත්වාගෙන යයි.

                        සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙත කාන්තා සිවිල් ආරක්ෂක භට තනතුරට පෙර පාසල් ගුරුවරියන් ලෙස බඳවාගෙන වැටුප් හා දීමනා ගෙවමින් එම පෙර පාසල් සඳහා අනුයුක්ත කර ඇත.

(ii) සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් එම දිස්ත්‍රික්කය තුළ පෙර පාසල් පවත්වාගෙන යනු නොලබයි.

(iii) පෙර පාසල් ගුරුවරියන් සංඛ්‍යාව  - 228කි.

ගෙවනු ලබන මුළු මාසික වැටුප් හා දීමනා (නිලය අනුව)

කාන්තා සිවිල් ආරක්ෂක භටයකුගේ මාසික වැටුප් හා දීමනා - රු. 62,313.00

ගෙවනු ලබන මුළු මාසික වැටුප් හා දීමනාව 228x62,313.00 - 14,207,364.00

(ආ) (i) සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් පාලනය නොකරන බැවින් එම දෙපාර්තමේන්තුව විසින් මුදල් අය කරනු නොලබයි.

(ii) අදාළ නොවේ.

(iii) අදාළ නොවේ.

(iv) සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් නිල ඇඳුම් ලබාදීම සිදු නොකරයි.

(ඇ) (i) ඔව්.

(ii) යුද්ධය නිමාවත් සමඟ එම ප්‍රදේශවල සිදු කළ සංවර්ධන වැඩ පිළිවෙළ යටතේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඉහළ නැංවීම සඳහා උතුරු පළාත් සභාව යටතේ ආරම්භ කර ඇති පෙර පාසල් සඳහා එම ප්‍රදේශවලින් සුදුසුකම් ලත් දමිළ තරුණියන් ගුරුවරියන් ලෙස බඳවාගෙන ඔවුන්ගේ පාලන කටයුතු කිරීමට එවකට පැවති රජය විසින් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙත ඇතුළත් කර ඇත. ඒ අනුව එම ගුරුවරියන්ගේ පාලන කටයුතු පමණක් (වැටුප් හා දීමනා ගෙවීම ඇතුළුව) සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් සිදු කරන අතර, උතුරු පළාත් සභාව යටතේ පවතින කිසිදු පෙර පාසලක් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් පාලනය නොකරයි.

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රතිව්‍යුහගත ක්‍රියාවලිය යටතේ දැනට දිවයින පුරා පෙර පාසල් ගුරුවරියන් ලෙස යොදවා සිටින සියලුම ගුරුවරියන් නවැත ඔවුන් රාජකාරී කරනු ලබන පළාත් සභා සඳහා අනුයුක්ත කිරීමට නිර්දේශ ලබාදීමට නියමිතය.

(ඈ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2026-04-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ආනන්ද විජේපාල මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks