පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1186/2025
ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා,— අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට,— (1)
(අ) (i) කිලිනොච්චි දිස්ත්‍රික්කයේ, කරච්චි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, කිලි/ කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලය යනුවෙන් ජාතික පාසලක් තිබෙන බවත්;
(ii) කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ඇති ජාතික පාසල් දෙකෙන් එකක් වන ඉහත පාසලේ අධ්‍යාපන මට්ටම මේ වනවිට පසුබෑමට ලක්වී ඇති බවත්;
(iii) පාසලේ අධ්‍යයන, අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ පුරප්පාඩු සහ ගෘහ භාණ්ඩ ඇතුළු සම්පත් හිඟයක් පවතින බවත්;
(iv) එම පුරප්පාඩු නොපුරවා සිසුන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ නැංවිය නොහැකි බවත්;
එතුමිය පිළිගන්නෙහිද?
(ආ) (i) ඉහත පාසලේ මේ වනවිට සේවය කරනු ලබන විදුහල්පති, නියෝජ්‍ය විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ අනධ්‍යයන සේවකයන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) එම පාසලේ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ පවතින පුරප්පාඩු මේ දක්වා නොපිරවීමට හේතු කවරේද;
(iii) ඉහත පාසලේ පවතින සියලු පුරප්පාඩු සම්පූර්ණයෙන්ම පුරවනු ලබන දිනය කවරේද;
(iv) ඉහත පාසලේ ගොඩනැගිලි සහ ගෘහ භාණ්ඩ අවශ්‍යතාවය සම්පූර්ණ කරනු ලබන දින වකවානු කවරේද;
යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-03-18
අසන ලද්දේ
ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ, කරච්චි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, කිලි/කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලය යනුවෙන් ජාතික පාසලක් තිබේ.
(ii) ඉහත පාසලේ අ.පො.ස. (සා/පෙළ) විභාග ප්‍රතිඵල විශ්‍ලේෂණ සැලකීමේදී පසුගිය වසර 4 තුළ සමත් ප්‍රතිශත සහ කලාපය තුළ පාසල ලබා ගත් ස්ථානය පහත පරිදි වේ.
|
වර්ෂය |
පාසලෙහි සමත් % |
කලාපයෙහි සමත් % |
දිස්ත්‍රික්කයෙහි සමත් % |
දිවයිනේ සමත් % |
කලාපය තුළ පාසල ලබා ගෙන ඇති ස්ථානය |
|
2021 |
71.43 |
74.30 |
74.62 |
74.52 |
27 |
|
2022 |
81.70 |
72.60 |
72.92 |
74.38 |
14 |
|
2023 |
83.59 |
70.41 |
70.75 |
75.72 |
07 |
|
2024 |
80.32 |
69.31 |
70.71 |
73.45 |
10 |
ඒ අනුව 2021ට සාපේක්ෂව 2024 වර්ෂය වනවිට අ.පො.ස. (සා/පෙළ) විභාග ප්‍රතිඵල අනුව කලාපය තුළ පාසල ඉහළ ස්ථානයකට පැමිණ ඇත.
පසුගිය වසර 4 තුළ අ.පො.ස. (උ/පෙළ) විභාග ප්‍රතිඵල විශ්ලේෂණය සහ කලාපය තුළ පාසල ලබා ගත් ස්ථානය පහත වගුව මඟින් දක්වා ඇත.
|
වර්ෂය |
පාසලෙහි විශ්වවිද්‍යාලයට සුදුසුකම් ලත් % |
කලාප මට්ටමේ විශ්වවිද්‍යාලයට සුදුසුකම් ලත් % |
දිස්ත්‍රික් මට්ටමේ විශ්වවිද්‍යාලයට සුදුසුකම් ලත් % |
දිවයිනේ විශ්වවිද්‍යාලයට සුදුසුකම් ලත් % |
කලාපය තුළ පාසල ලබා ගෙන ඇති ස්ථානය |
|
2021 |
50.01 |
60.98 |
60.23 |
63.53 |
19 |
|
2022 |
50.00 |
63.68 |
63.18 |
64.21 |
21 |
|
2023 |
51.65 |
59.32 |
59.70 |
66.07 |
15 |
|
2024 |
53.62 |
60.57 |
59.88 |
67.32 |
17 |
ඒ අනුව 2021 සිට 2024 දක්වා අදාළ වර්ෂ හතර තුළ කලාප, දිස්ත්‍රික් හා දිවයිනේ සමත් ප්‍රතිශතවලට වඩා පාසලේ සමත් ප්‍රතිශතය අඩු මට්ටමක ඇති බව නිරීක්ෂණය වන නමුත් එම කාල පරාසය තුළ කලාප හා දිස්ත්‍රික් මට්ටම්වල සමත් ප්‍රතිඵල යම් පසුබෑමකට ලක් වුවද, පාසල විසින් තම ප්‍රතිඵල ඉහළ නංවා ගැනීමට සමත්ව ඇත.
2023 සිට 2026 වර්ෂය දක්වා පාසලෙහි පාසල් ගුණාත්මක අධ්‍යාපනය පිළිබඳ තහවුරුව සඳහා බාහිර ඇගයීමේදී පාසලට හිමි වී ඇති පාසල් අධ්‍යාපන ගුණාත්මක දර්ශක - SEQI - අගයන් පහත දැක්වේ.
|
වර්ෂය |
SEQI අගය (බාහිර ඇගයීම්) |
|
2023 |
67 |
|
2024 |
- |
|
2025 |
- |
|
2026 |
67 |
ඒ අනුව SEQI අගය ලකුණු 60%-69% අතර පවත්වා ගනිමින් මෙම පාසල "හොඳයි" යන මට්ටමේ පවත්වා ගෙන ඇත.
ඒ අනුව සමස්තයක් ලෙස කිලි/කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලය කලාපයේ අනෙකුත් පාසල්වලට සාපේක්ෂව අධ්‍යාපන තත්ත්වය හොඳ මට්ටමක පවත්වා ගෙන යන බව නිරීක්ෂණය වේ.
(iii) පාසලේ ගුරු පුරප්පාඩු, අනධ්‍යන කාර්ය මණ්ඩලයේ පුරප්පාඩු සහ ගෘහ භාණ්ඩ ඇතුළු සම්පත් හිඟයක් පවතී.
(iv) ඉදිරියේදී ඉහත පුරප්පාඩු පිරවීම මඟින් මෙම පාසලේ අධ්‍යාපන තත්ත්වය තවදුරටත් ඉහළ නැංවීමට හැකියාවක් පවතී.
(ආ) (i) ඉහත පාසලේ මේ වනවිට සේවය කරනු ලබන විදුහල්පති, නියෝජ්‍ය විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ අනධ්‍යයන සේවකයන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් පහත පරිදි වේ.
විදුහල්පති තනතුර - 01
නියෝජ්‍ය විදුහල්පති තනතුරු - 01
ගුරුවරු - 101
අනධ්‍යයන සේවකයින් සංඛ්‍යාව
ඒකාබද්ධ සේවා නොවන
|
තනතුර |
දැනට සිටින අනධ්‍යයන සේවක සංඛ්‍යාව |
|
ක්‍රීඩා පුහුණුකරු |
01 |
|
කාර්ය සහායක |
02 |
|
පාසල් ආරක්ෂක |
03 |
|
සේවා සහායක (සනීපාරක්ෂක) |
02 |
ඒකාබද්ධ සේවා
|
තනතුර |
දැනට සිටින අනධ්‍යයන සේවක සංඛ්‍යාව |
|
සංවර්ධන නිලධාරි |
09 |
|
කළමනාකරණ සේවා නිලධාරි |
- |
(ii) ඒකාබද්ධ සේවා නොවන/ඒකාබද්ධ සේවා
කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් මෙම විද්‍යාලය සඳහා ඒකාබද්ධ නොවන සේවයට අයත් අනධ්‍යයන කාර්ය මණ්ඩල තනතුරු මේ දක්වා අනුමත කර නොමැති අතර, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් ලබා දුන් නිර්ණායක මත පදනම්ව කාර්ය මණ්ඩල අනුමත කර ගැනීම සඳහා මගේ අංක ED/18/17/67/05 හා 2025.11.02 දිනැති ලිපි මඟින් කළමනාකරණ අධ්‍යක්ෂ ජනරාල් වෙත ඉල්ලීමක් යොමු කර ඇත.
(iii) විදුහල්පති පුරප්පාඩු
ශ්‍රී ලංකා විදුහල්පති සේවයට නවක නිලධාරින් බඳවා ගැනීමේ සීමිත තරග විභාගය සඳහා ගැසට් නිවේදනයක් මඟින් අයදුම් පත් කැඳවීමෙන් අනතුරුව අදාළ ලිඛිත විභාගය 2026.06.07 වන දින පැවැත්වීමට නියමිතය. එමඟින්, ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ දැනට පවතින පුරප්පාඩු සම්පූර්ණ කිරීමට බලාපොරොත්තු වේ.
ගුරු පුරප්පාඩු
අධ්‍යාපන අමාත්‍යාංශ චක්‍රලේඛ 6/2021ට අනුව කිලි/කිලිනොච්චිය මධ්‍ය මහා විද්‍යාලයට අනුමත ගුරුවරුන් සංඛ්‍යාව 90ක් වන අතර දැනට ගුරුවරුන් 96ක් සේවයේ නිරත වුවද ඇතැම් විෂයයන් සඳහා ගුරු පුරප්පාඩු පවතින බවත් ඇතැම් විෂයයන් සඳහා ගුරු අතිරික්තයක් පවතින බවත් නිරීක්ෂණය වේ.
දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරින් හා අනෙකුත් උපාධිධාරින් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීම සඳහා අංක 2474/18 හා 2026.02.02 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය හා අංක 2476/18 හා 2026.02.18 දිනැති අති විශේෂ ගැසට් නිවේදනයෙන් සංශෝධනය කරන ලද අංක 2474/19 හා 2026.02.02 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය මඟින් මේ වනවිට අයදුම් පත් කැඳවා ඇත. ඒ අනුව, එකී ගැසට් නිවේදනය ප්‍රකාරව ගුරු සේවයේ පුරප්පාඩු සඳහා මෙම වර්ෂය තුළ උපාධිධාරින් ගුරු සේවයට බඳවා ගැනීමට නියමිතව ඇත.
එමෙන්ම, 2022-2024 කණ්ඩායමේ ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරින් එම ඩිප්ලෝමාව සම්පූර්ණ කිරීම මත ජාතික හා පළාත් පාසල්හි ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-I (අ) ශ්‍රේණියේ පවතින ගුරු පුරප්පාඩු සඳහා 2027 වර්ෂයේ මුල් කාර්තුව තුළ ගුරු සේවයට බඳවා ගැනීමට නියමිතව ඇත.
ඒ අනුව, උක්ත බඳවා ගැනීම් මඟින් හා ඉදිරියේදී සිදු කිරීමට අපේක්ෂිත ගුරු තුලනය මඟින් මෙම පාසලේ ගුරු සේවයේ පවතින පුරප්පාඩු 2027 වර්ෂයේ මුල් කාර්තුව වන විට සම්පූර්ණ කිරීමට හැකි බව වාර්තා කරමි.
අනධ්‍යයන කාර්ය මණ්ඩල පුරප්පාඩු
කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව වෙත මගේ අංක ED/12/01/14 හා 2024.08.12, ED/05/67/17/18 හා 2025.01.02, ED/12/01/14 හා 2025.03.06 සහ ED/05/67/17/18 හා 2025.08.27 යන ලිපි මේ වනවිටත් යොමු කර ඇති අතර ඒ සඳහා පිළිතුරු ලැබුණු පසු අනධ්‍යයන සේවක පුරප්පාඩු සම්පූර් කිරීමට පියවර ගත හැක.
මෙම පාසලේ මේ වනවිටත් අදාළ අනුමත කර ගැනීමට යෝජිත තනතුරු සංඛ්‍යාව ඉක්මවා සංවර්ධන නිලධාරි සංඛ්‍යාවක් සේවය කරනු ලබයි. කළමනාකරණ සේවා අධ්‍යක්ෂ ජනරාල් වෙතින් තනතුරු අනුමැතිය ලැබීමෙන් පසු කාර්ය මණ්ඩලය තුලනය කිරීමට නියමිතය.
(iv) • අර්ධ වශයෙන් ඉදිකර ඇති තෙමහල් ගොඩනැගිල්ලේ ඉතිරි වැඩ 2027 වර්ෂය තුළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අර ඒ සඳහා රු.මි. 60ක් වෙන් කිරීමට කටයුතු කරනු ඇත.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-05-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) මධුර සෙනෙවිරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks