02

E   |     |  

 දිනය: 2026-03-06   පිළිතුර ලබා දී ඇත 

1177/2026: 2025දී ආරම්භ කරන ලද හෝ වසා දැමූ කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තශාලා: විස්තර

.

අසන ලද දිනය

2026-03-06

අසන ලද්දේ

ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ සහ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය යටතේ පාලනය වන කර්මාන්තපුරවල 2025 වර්ෂයේදී ආරම්භ කර ඇති කර්මාන්ත පිළිබඳ තොරතුරු පහත ඉදිරිපත් කර ඇත.

 

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය

සුළු පරිමාණ කර්මාන්ත සංඛ්‍යාව

17

3

මධ්‍ය පරිමාණ කර්මාන්ත සංඛ්‍යාව

5

11

 

 

 

 

 

(ii) කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින කර්මාන්තපුරවල ස්ථාපිත කර්මාන්තශාලාවල නිෂ්පාදනයන්

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය යටතේ පවතින කර්මාන්තපුරවල ස්ථාපිත කර්මාන්තශාලාවල නිෂ්පාදනයන්

කර්මාන්තපුරය

කර්මාන්තයේ නම

නිෂ්පාදනය

ඒකල

තිලකා ට්‍රේඩර්ස් සහ ඉංජිනියරින් කන්ස්ට්‍රක්ෂන් (ප්‍රයිවට්) ලිමිටඩ්

ප්‍රතිදාන නිෂ්පාදන - foundry products

පන්නල

සිලෝන් හවුර්මාට් (ප්‍රයිවට්) ලිමිටඩ්

ආහාර ආශ්‍රිත නිෂ්පාදන - food-based products

අච්චුවේලි

සහරා ඉන්ඩස්ට්‍රීස් (ප්‍රයිවට්) ලිමිටඩ්

යකඩ ඇණ - wire nails

 

යූපීඑල් ලංකා (ප්‍රයිවට්) ලිමිටඩ්

ජෛව පොහොර - organic fertilizer

ඇල්පිටිය - කොටස B

ඉමෙන්ස් ග්ලෝබල් (ප්‍රයිවට්) ලිමිටඩ්

ආහාර ආශ්‍රිත නිෂ්පාදන

 

ජොයිෆක්සෙල් (ප්‍රයිවට්) ලිමිටඩ්

ආහාර ආශ්‍රිත නිෂ්පාදන (පොල් ආශ්‍රිත පානය) - food-based products (coconut energy drinks)

 

කෙන්ටො වෙට් ෆාමසියුටිකල් (ප්‍රයිවට්) ලිමිටඩ්

සත්ව ආහාර හා ඖෂධ - animal food and medicine

 

ෆැඩ්නා ටී (ප්‍රයිවට්) ලිමිටඩ්

ග්‍රීන් ටී ආශ්‍රිත නිෂ්පාදන - green tea-based products

 

බිග්නො ට්‍රේඩින්ස් (ප්‍රයිවට්) ලිමිටඩ්

ආහාර ආශ්‍රිත නිෂ්පාදන

 

(iii)

 

 

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කර්මාන්තපුරවල ස්ථාපිත කර්මාන්ත

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක වන කර්මාන්තපුරවල ස්ථාපිත කර්මාන්ත

අපනයනය මූලික කරගත් කර්මාන්තශාලා සංඛ්‍යාව

2

4

දේශීය වෙළෙඳ පොළ ඉලක්ක කරගත් කර්මාන්තශාලා

19

10

අපනයනය හා දේශීය වෙළෙඳ පොළ ඉලක්ක කරගත් කර්මාන්තශාලා සංඛ්‍යාව

01

-

(ආ) (i)

 

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කර්මාන්තපුරවල ස්ථාපිත කර්මාන්ත

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක වන කර්මාන්තපුරවල ස්ථාපිත කර්මාන්ත

වසා දමා ඇති සුළු පරිමාණ කර්මාන්තශාලා සංඛ්‍යාව

01

01

වසා දමා ඇති මධ්‍ය පරිමාණ කර්මාන්තශාලා සංඛ්‍යාව

01

01

 

(ii) කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින කර්මාන්තපුරවල ස්ථාපිත 2025 වර්ෂයේදී වසා දමා ඇති කර්මාන්තශාලාවල නිෂ්පාදනයන්

කර්මාන්තපුරය

කර්මාන්තයේ නම

නිෂ්පාදනය

පුත්තලම

ලංකා ඒඒසී (ප්‍රයිවට්) ලිමිටඩ්

Fly ash bricks කියන ගඩොල් නිෂ්පාදනයක්

ත්‍රිකුණාමලය

ලක්මී එක්ස්පෝට් ලංකා කම්පනි (ප්‍රයිව‍ට්) ලිමිටඩ්

ආහාර අතිරේක නිෂ්පාදනය (Cereal legume mixture)

 

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය යටතේ පවතින කර්මාන්තපුරවල ස්ථාපිත 2025 වර්ෂයේදී වසා දමා ඇති කර්මාන්තශාලාවල නිෂ්පාදනයන්

කර්මාන්තපුරය

කර්මාන්තයේ නම

නිෂ්පාදනය

පල්ලේකැලේ

ඒඑස් ෂාමා (ප්‍රයිවට්) ලිමිටඩ්

රසායනික මූලික ඩොලමයිට් පවුඩර් - Chemical-based dolamite powder

පුස්සැල්ල

සුහද හාඩ්වෙයාර්

සිමෙන්ති ආශ්‍රිත නිෂ්පාදන

(iii)

 

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කර්මාන්තපුරවල ස්ථාපිත 2025 වර්ෂයේදී වසා දමා ඇති කර්මාන්ත

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක වන කර්මාන්තපුරවල 2025 වර්ෂයේදී වසා දමා ඇති කර්මාන්ත

අපනයනය මූලික කර ගත් කර්මාන්තශාලා සංඛ්‍යාව

01

0

දේශීය වෙළෙඳ පොළ ඉලක්ක කර ගත් කර්මාන්තශාලා සංඛ්‍යාව

01

02

(iv) කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති කර්මාන්ත ශාලා

කර්මාන්තපුරය

කර්මාන්තයේ නම

වසා දැමීමට හේතුව

පුත්තලම

ලංකා ඒඒසී (ප්‍රයිවට්) ලිමිටඩ්

ඉදිකිරීම් කර්මාන්තයේ පසුබෑම හේතුවෙන් fly ash ගඩොල් සඳහා ඉල්ලුම අඩු වීම

ත්‍රිකුණාමලය

ලක්මී එක්ස්පෝට් ලංකා කම්පනි (ප්‍රයිවට්) ලිමිටඩ්

නිෂ්පාදන අමුද්‍රව්‍ය නොමැති වීම

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය යටතේ ඇති කර්මාන්තශාලා

කර්මාන්තපුරය

කර්මාන්තයේ නම

නිෂ්පාදනය

පල්ලේකැලේ

ඒඑස් ෂාමා (ප්‍රයිවට්) ලිමිටඩ්

ව්‍යාපාර කරගෙන යාමට නොහැකි අයුරින් මූල්‍යමය අර්බුදයකට මුහුණ දීමට සිදු වීම

පුස්සැල්ල

සුහද හාඩ්වෙයාර්

 

 

(v) අපි මෙහිදී කාරණා ගණනාවක් සාකච්ඡා කරලා තිබෙනවා.

  • මූලික වශයෙන්ම අපේ අමාත්‍යාංශය යටතේ කර්මාන්තපුර 33ක් දැනට ස්ථාපිත කරගෙන කටයුතු කරමින් යනවා. යටිතල පහසුකම් සංවර්ධනය කරපු අක්කර 20ක භූමි ප්‍රමාණයකින් යුත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූරියවැව කර්මාන්තපුරයේ යටිතල පහසුකම් සංවර්ධන කටයුතු අවසන් අදියරේ දැනට තිබෙන්නේ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ සඳමල්ගම - රඹෑව කර්මාන්තපුරයේ අක්කර 16ක් හා ගම්පහ දිස්ත්‍රික්කයේ අළුතෑපොල කර්මාන්තපුරයේ ඉඩම් සුදුසු ආයෝජකයින්ට ලබා දෙන්න පුළුවන් මට්ටමට දැන් අපි කටයුතු සකස් කරලා තිබෙනවා.
  • ඒ වාගේම පරන්තන්වල අම්ල හා ක්ෂාර ඇතුළු රසායනික නිෂ්පාදන සඳහා වෙන් වූ කර්මාන්තපුරයේ වැඩකටයුතු අපි ආරම්භ කරලා එහි ඉදිකිරීම් කටයුතු කරගෙන යනවා.
  • මඩකලපුව දිස්ත්‍රික්කයේ වාලච්චේනයේ අපි අලුතින්ම සම් හා සම් ආශ්‍රිත කර්මාන්තපුරයක් ආරම්භ කරනවා. ඒකට අදාළ කරන පාරිසරික ඇගැයීම් වාර්තා අපි සකස් කරලා අවසානයි. ඒ සඳහා අවසන් අනුමැතිය බලාපොරොත්තුවෙන් සිටිනවා. ඒ වාගේම යටිතල පහසුකම් සඳහා වන මූල්‍ය පහසුකම් වෙන් කරලා තිබෙන්නේ. ඒ ගෙවීම් කරන්න නියමිතයි.
  • මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල කර්මාන්තපුරය ස්ථාපිත කිරීමේ සියලු කටයුතු අපි ආරම්භ කරලා, මූලික කාර්යයන් සම්පූර්ණ කිරීම දැන් අවසන් අදියරේ තිබෙන්නේ. ගම්පහ දිස්ත්‍රික්කයේ කටුනායක හා කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය කර්මාන්තපුරවල  කටයුතු මේ දවස්වල අවසන් කෙරෙමින් තිබෙනවා.
  • ඒ වාගේම යටිතල පහසුකම් සංවර්ධනය කිරීමෙන් තොරවද සුදුසු ආයෝජකයින් වෙත ඉඩම් ලබා දීමට පුළුවන් කර්මාන්තපුර ගණනාවක් දැන් අපට තිබෙනවා. ඒවා පහතින් දැක්වෙනවා.

1. අනුරාධපුර දිස්ත්‍රික්කයේ නොච්චියාගම කර්මාන්තපුරය අක්කර 50යි.

2. මොනරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය කර්මාන්තපුරය අක්කර 9.25යි.

3. පුත්තලම දිස්ත්‍රික්කයේ බංගදෙනිය කර්මාන්තපුරය අක්කර 7.5යි.

4. මාතර දිස්ත්‍රික්කයේ තිහගොඩ කර්මාන්තපුරය අක්කර 6.5යි.

ඒවා දැනට යටිතල පහසුකම් සංවර්ධනය නොකර වුණත් අපිට ආයෝජකයින්ට දෙන්න පුළුවන්කම තිබෙනවා.

  • විශේෂයෙන්ම කර්මාන්තපුරවල රජයේ ඉඩම්, රජයේ තක්සේරුව මත අවුරුදු 35කට තක්සේරු කරලා, දීර්ඝ කාලීන බදු පදනමින් අපි ලබා දෙනවා.
  • එක් ඉඩමක් සඳහා එක් වරක් පමණක් ලබා දෙනු ලබන අවුරුදු 5ක බදු සහන කාලයක් අපි ලබා දෙනවා.
  • කර්මාන්ත සඳහා අවශ්‍ය විදුලිය, ජල පහසුකම් සහ මාර්ග පද්ධති පුළුල් කිරීම වැනි යටිතල පහසුකම් අපි ලබා දෙනවා.
  • ගරු මන්ත්‍රීතුමනි, කර්මාන්තපුර "කර්මාන්ත ප්‍රදේශ" ලෙස ගැසට් කිරීමට තිබෙන බාධා ඉවත් කරලා, ඒ අයට අවශ්‍ය සියලු යටිතල පහසුකම් සකස් කර දීලා, ඒවා නීත්‍යනුකූල කරන කටයුතුත් අපිම කර දීලා කර්මාන්තපුර හදා දෙන්න තමයි සැලසුම් කරලා තිබෙන්නේ. ඒ සඳහා අදාළ වන අනෙකුත් රාජ්‍ය ආයතන වන විදුලිබල මණ්ඩලය, National Water Supply and Drainage Board එක සහ UDA එක සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව අපි දැන් ඒ කටයුතු කරමින් යනවා.

ගරු කථානායකතුමනි, එතුමා ආයතනික ප්‍රතිසංස්කරණ ගැනත් අහනවා. අපි කර්මාන්තවලට අවශ්‍ය කරන එකම කටයුතු කරන ආයතන ටික හඳුනාගෙන තිබෙනවා. අය වැයේදී ජනාධිපතිතුමාත් ‍මේ ගැන කිව්වා. කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය - SEDD, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය - NEDA, IDB කියන ඒ ආයතන තුන ඒකාබද්ධ කරලා වඩා පහසුවෙන් වැඩකටයුතු කරන්න පුළුවන් ආකාරයට එකම කාර්යයන් කරන ආයතන ඒකාබද්ධ කරලා ශ්‍රී ලංකා කාර්මික පරිවර්තන හා නවෝත්පාදන අධිකාරිය - ITIA - කියලා අධිකාරියක් සකස් කරන්න අපි දැන් කටයුතු කරමින් යනවා. අපි ජනවාරි මාසයේ මේ සඳහා කැබිනට් අනුමැතිය ලබා ගත්තා. දැන් අවසාන කටයුතු ටික කරන්න තමයි අපට තිබෙන්නේ. ඒ වෙනුවෙන් Act එක සකස් කරමින් තිබෙනවා. එතකොට ‍‍‍මේ තිබෙන අසංවිධානාත්මකභාවය තුරන් කරලා ජාතික වේදිකාවක්  - national platform එකක් - හදන්න පුළුවන් වෙයි කියා අපි විශ්වාස කරනවා, සියලු කර්මාන්තකරුවන්ට අවශ්‍ය පහසුකම් ලබා දෙන්න.

අපි ප්‍රතිපත්තිමය තීරණ ගණනාවක් අරගෙන තිබෙනවා. ගොඩක් කාරණා තිබෙනවා. නමුත්, මූලික වශයෙන් මේ කාරණා ටික මම ඉදිරිපත් කරනවා. ප්‍රතිපත්ති සහ උපායමාර්ගික රාමුව, නියාමන සහ ව්‍යාපාරික පරිසර ප්‍රතිසංස්කරණ, ව්‍යවසාය පරිසර පද්ධති සංවර්ධනය මෙන්ම විශේෂයෙන්ම අලුතින් ව්‍යාපාර - startups - ආරම්භ කරන අයට ඉලක්කගත SME සහයෝගිතා වැඩසටහන් හැටියට අපි වැඩසටහන් කිහිපයක් කරගෙන යනවා. ඒ පිළිබඳව තිබෙන සවිස්තරාත්මක පිළිතුර මම සභාගත* කරනවා.

(ඇ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2026-03-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks