E   |     |  

 දිනය: 2026-05-05   පිළිතුර ලබා දී ඇත 

1176/2026: වර්තමාන කථානායකවරයාගේ නිල නිවස සහ පෞද්ගලික කාර්ය මණ්ඩලය: විස්තර

1176/2025

ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා,— අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට,— (1)

(අ)        (i)       වර්තමාන කථානායකවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සේවක සංඛ්‍යාව, ඔවුන්ගේ නිල නාමයන් සහ අධ්‍යාපන සුදුසුකම් වෙන් වෙන් වශයෙන් කවරේද;

     (ii) කථානායකවරයාගේ නිල නිවස ලෙස ‘කථානායක නිල නිවස’ භාවිත කරන්නේද;

(iii) එකී නිල නිවස සඳහා කථානායකවරයා විසින් පත් කරගෙන තිබෙන සේවක සංඛ්‍යාව, ඔවුන්ගේ නම්, තනතුරු සහ අධ්‍යාපන සුදුසුුකම් කවරේද;

යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) කථානායකවරයාගේ සහ කාර්ය මණ්ඩලයේ භාවිතය සඳහා ලබාදී ඇති වාහන සංඛ්‍යාව කොපමණද;

(ii) එම වාහනවල අංක, වර්ගය සහ මාසික ඉන්ධන ‍කෝටාවන් වාහන අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

(iii) එම වාහන සඳහා ඉන්ධන සපයා ගනු ලබන්නේ කෙ‍සේද;

යන්නත් එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) (i) කොළඹ 04, ලෝරිස් පටුමගෙහි පිහිටි රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයට අයත් මහල් නිවාස සංකීර්ණයෙහි කථානායකවරයා විසින් නිවසක් භාවිත කර තිබේද;

(ii) මේ වනවිටත් එම නිවස භාවිත කරන්නේද;

(iii) එම නිවසේ කුලිය, විදුලි බිල්පත් සහ ජල බිල්පත් සඳහා ගෙවීම් සිදු කරනු ලබන්නේ කවුරුන් විසින්ද;

යන්න තවදුරටත් එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද? 

අසන ලද දිනය

2026-05-05

අසන ලද්දේ

ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍ය කාර්යාලය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      වර්තමාන කථානායකවරයාගේ ‍පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සේවක සංඛ්‍යාව 12ක් වන අතර, අනුමත සේවක සංඛ්‍යාව 20කි. අදාළ තොරතුරු ඇමුණුම 01හි දක්වා ඇත.

                                                                               ඇමුණුම 01

තනතුර/ සංඛ්‍යාව

දැනට තනතුර දරන පුද්ගල නාමය

අධ්‍යාපන සුදුසුකම්

පෞද්ගලික ලේකම් (01)

චමිර ප්‍රියශංක ගාල්ලගේ මහතා

  • දේශපාලන හා ජාත්‍යන්තර අධ්‍යයන පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය

• ජාත්‍යන්තර සබඳතා පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව (බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානය)

• ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ශ්‍රාස්ත්‍රපති උපාධිය, කොළඹ විශ්වවිද්‍යාලය

  • • රාජ්‍ය කළමනාකරණය පිළිබඳ විද්‍යාපති උපාධිය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය (දැනට හදාරමින් සිටියි)
  • • ආචාර්ය උපාධිය, කොළඹ විශ්වවිද්‍යාලය (දැනට හදාරමින් සිටියි)

සම්බන්ධීකරණ ලේකම් (02)

ඒ.එච්.එම්.ජේ.එම්. අතපත්තු මහතා

  • ශාස්ත්‍රවේදී (ගෞරව) උපාධිය, කැළණිය විශ්වවිද්‍යාලය
  • • පුරාවිද්‍යා විද්‍යාපති උපාධිය, කැළණිය විශ්වවිද්‍යාලය

 

ඩබ්ලිව්.එම්.ඩී.බී. උඩුගොඩ මහතා

  • විද්‍යාවේදී(මැනුම් විද්‍යා) උපාධිය,   ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය

මහජන සම්බන්ධතා නිලධාරි (01)

ඒ.ඒ. රාජේන්ද්‍රම් මිය

  • ව්‍යාපාර පරිපාලනවේදී උපාධිය (මැඩ්‍රාස් විශ්වවිද්‍යාලය)

 

ජී.ඩී.‍‍කෞෂල්‍යා මෙනෙවිය

  • වාණිජවේදී උපාධිය,                     ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය (දැනට හදාරමින් සිටියි)

   කළමනාකරණ සහකාර (03)

යූ.අයි. අබේසූරිය මහතා

  • තොරතුරු තාක්ෂණ ඩිප්ලෝමාව (ICBT)
  • • පරිගණක හා මෘදුකාංග ඉංජිනේරුකරණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමාව, කාඩිෆ් මෙට්‍රොපොලිටන් විශ්වවිද්‍යාලය
  • • මෘදුකාංග ඉංජිනේරුකරණය පිළිබඳ විද්‍යාවේදී උපාධිය, කාඩිෆ් මෙට්‍රොපොලිටන් විශ්වවිද්‍යාලය (දැනට හදාරමින් සිටියි)

 

ඩබ්ලිව්.ඩී.එම්.කේ. නන්දසේන මෙනෙවිය

  • ප්‍රතිබිම්භ කලා ‍ශ්‍රාස්තවේදී (ගෞරව) උපාධිය, කැළණිය විශ්වවිද්‍යාලය
  • • ඉතිහාසය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය, කොළඹ විශ්වවිද්‍යාලය (දැනට හදාරමින් සිටියි)

රියැදුරු (05)

ඩී.එම්.පී. සුරංග මහතා

අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත් හා වලංගු රියැදුරු බලපත්‍රයක් සහිතය.

 

ටී.පී.ආර්.එස්.එන්. කුමාරසිංහ මහතා

අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත් හා වලංගු රියැදුරු බලපත්‍රයක් සහිතය.

 

ඩබ්ලිව්.ඩී.පී. පියමන්ත මහතා

අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත් හා වලංගු රියැදුරු බලපත්‍රයක් සහිතය.

 

වයි.ජී.ඩී. සුසන්ත මහතා

අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත් හා වලංගු රියැදුරු බලපත්‍රයක් සහිතය.

 

එච්.එල්.අයි. උදයංග මහතා

අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත් හා වලංගු රියැදුරු බලපත්‍රයක් සහිතය.

(ii) වර්තමාන කථානායක ගරු වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා කථානායක ධුරයට පත්වීමෙන් පසු, එනම් 2024.12.17 දින සිට මේ දක්වා කථානායකවරයාගේ නිල නිවස ලෙස “කථානායක නිල නිවස” ඔහුගේ  පෞද්ගලික පරිහරණය සඳහා භාවිත කරනු නොලබයි.

(iii) එකී නිල නිල නිවස සඳහා පත් කර තිබෙන සේවක සංඛ්‍යාව අටක් වන අතර, අනුමත සේවක සංඛ්‍යාව පහළොවකි. ඔවුන්ගේ නම් හා තනතුරු ඇමුණුම 02 මඟින් දක්වා ඇත.

ඇමුණුම 02

තනතුර/ සංඛ්‍යාව

දැනට තනතුර දරන පුද්ගල නාමය

අධ්‍යාපන සුදුසුකම්

උද්‍යාන අධීක්ෂ (01)

කේ. ලක්ෂ්මන් ප්‍රනාන්දු මහතා

අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත්

උද්‍යාන නඩත්තු සහායක (02)

එච්.එම්.එෆ්. අරුණ කමල්රාජ් මහතා

අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත්

 

ජේ. රම්‍යලාල් හෙට්ටිගොඩ මහතා

අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත්

 

එම්.එස්.ප්‍රියංජන කුරේ මහතා

අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත්

කාමර සේවක (03)

එන්.ඒ.ඩබ්ලිව්. ප්‍රදීප් බන්දුල මහතා

අ.පො.ස. උසස් පෙළ සමත්

 

එස්.කේ. සිරිසේන මහතා

අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත්

සනීපාරක්ෂක කම්කරු (01)

බී.එස්. මංගලසිරි පෙරේරා මහතා

අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත්

උද්‍යාන නඩත්තු සහායක (දෛනික ගෙවීම්) (01)

එස්. සමින්ද සොයිසා මහතා

අ.පො.ස. සාමාන්‍ය පෙළ දක්වා

(ආ) (i) වාහන සංඛ්‍යාව 07කි. (2026.03.31 දිනට)

 

(ii)                    ගරු කථානායකතුමා භාවිත කරන්නේ වාහන 02යි. ඒ, Mitsubishi car එකක් සහ BMW car එකක්. Mitsubishi එක පෙට්‍රල්. BMW එක ඩීසල්. මෙතෙක් කල් හිටපු සියලුම කථානායකවරුන්ට අසීමිත විධියට ඉන්ධන allowance එකක් තිබුණා. නමුත් මෙතුමා ඒක සීමා කරලා තිබෙනවා. අමාත්‍යවරයෙකුට අදාළ වන fuel allowance එකක් තමයි එතුමා ලබා ගන්නේ; ලීටර් 900ක්. ඒ සියලු විස්තර ඇමුණුම 03 මඟින් දක්වා තිබෙනවා.

ඇමුණුම 03

(iii) ඉහත වාහන සඳහා පාර්ලිමේන්තුව මඟින් ඉන්ධන දීමනාව පමණක් ගෙවීමට කටයුතු කර ඇත.

(ඇ) (i) ඔව්.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අංක HD/H/GQ/LO/8-1(ii) හා 2025.03.26 දිනැති ලිපිය මඟින් 2025.01.08වැනි දින සිට ගරු කථානායකවරයා ලෙස ධුරය දරන කාල සීමාව සඳහා පමණක් පදිංචිය සඳහා කොළඹ 04, ලෝරිස් පටුමග, අංක 8-1 දරන රජයේ නිල නිවාසය ගරු කථානායකවරයා වෙත වෙන් කර ඇත.

  (ii) ඔව්.

(iii) නිවසේ කුලිය වශයෙන් නිවාසලාභියා වන ගරු කථානායකවරයා‍ගේ මාසික දීමනාවෙන් සියයට 12.5ක් මාසිකව අය කර එය රජයේ ආදායමට බැර කරනු ලබන අතර, එම නිවසෙහි විදුලි බිල්පත් සහ ජල බිල්පත්ද නිවාසලාභියා විසින් ගෙවනු ලබයි.

(ඈ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2026-05-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ආචාර්ය හරිනි අමරසූරිය, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks