පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1116/2025
ගරු රොෂාන් අක්මීමන මහතා,— සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) රේඛීය අමාත්‍යාංශය විසින් පාලනය කරනු ලබන ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඇති රජයේ රෝහල් කවරේද;
(ii) ත්‍රිකුණාමලය මූලික රෝහල සංවර්ධනය කිරීම සඳහා සකස් කර ඇති සැලසුම් කවරේද;
(iii) කාර්‌යක්ෂම සේවයක් සැපයීමට බාධාවක් වී ඇති බවට හඳුනාගෙන ඇති කන්තලේ රෝහලේ පවතින ගැටලු කවරේද;
(iv) එම ගැටලු විසඳීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්‌ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-11-22
අසන ලද්දේ
ගරු රොෂාන් අක්මීමන මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) රේඛීය අමාත්‍යාංශය විසින් පාලනය කරන රෝහල් දෙකක් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ තිබෙනවා. ඒ, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහල සහ කන්තලේ මූලික රෝහල.
(ii) ගරු කථානායකතුමනි, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහල කියන්නේ, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට සහ නැඟෙනහිර පළාතට තිබෙන ඉතාම වැදගත් රෝහලක් බව ඔබතුමාත් දන්නවා. අපි JICA ව්‍යාපෘතිය යටතේ තට්ටු 8ක හෘදය රෝග ඒකකයක් ඉදිකිරීම සඳහා ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහල තෝරාගෙන තිබෙනවා. එය රුපියල් මිලියන 2,300ක් වැය වන ව්‍යාපෘතියක්. දැනට මෙහි ප්‍රසම්පාදන කටයුතු තිබෙන්නේ අවසන් අදියරේ. ඒ අනුව ඉදිකිරීම් කටයුතු මැයි මාසයේදී ආරම්භ කරන්න අපට පුළුවන්කම ලැබෙනවා. ඇත්තටම මේක මීට කලින් හදලා අවසන් කරලා මේ වනවිට වැඩ කටයුතු පටන් ගන්න තිබුණු හෘදය රෝග ඒකකයක්. නමුත්, ඔබතුමා දන්නවා, JICA ව්‍යාපෘතිවලට සිදු වුණු දේ. ඒ අනුව නතර වුණු ව්‍යාපෘතියක් හැටියට තමයි මේක තිබෙන්නේ. ඒ කටයුතු අපි නැවත ආරම්භ කරනවා.
මීට අමතරව, JICA ව්‍යාපෘතියක් යටතේම අපට ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහල සඳහා මලාපවහන පද්ධතිය අලුත් කරන්න පුළුවන්කම ලැබුණා. එහි ඉදිකිරීම් කටයුතු මේ වසරේදී අපි අවසන් කරනවා. අපි පසුගිය සැප්තැම්බර් මාසයේදී අලුත් incinerator එකක් ලබා දුන්නා. විශේෂයෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලට විතරක් නොවෙයි, අවට රෝහල්වල සායනික අපද්‍රව්‍ය දහනය සඳහාත් මේක වැදගත් වනවා.
ඒ වාගේම දැනට තිබෙන තට්ටු 3ක වාට්ටු ගොඩනැඟිල්ලක ඉතුරු තට්ටු 2ක සම්පූර්ණ කරමින් පවතිනවා. එයට තවත් විශාල අඩුපාඩුවක් තිබුණා. Mortuary coolers 8ක් ලබා දෙනවා. දැනට ඒ tender එක award කරලා තිබෙන්නේ. ඒ වාගේම A&E building එකක් අපි ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලට ලබා දෙනවා. එහි ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කරලා තිබෙන්නේ. ඒක තට්ටු 3ක ගොඩනැඟිල්ලක්. ඒ තට්ටු 3 ගොඩනැඟිල්ල සඳහා රුපියල් මිලියන 1,000ක් වැය කරනවා. අපි බලාපොරොත්තු වෙනවා, 2026 වසරේ අග හෝ උපරිම වශයෙන් ගත්තොත් 2027 ජනවාරි වනකොට A&E - Accident and Emergency - building එකේ කටයුතු අවසන් කරන්නට. මේ ව්‍යාපෘතිවලට අමතරව මේ වනවිටත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ අලුත්වැඩියා කටයුතු සඳහා විශාල මුදල් ප්‍රමාණයක් ලබා දීලා තිබෙනවා. ඒ කටයුතු බොහෝ ප්‍රමාණයක් පසුගිය අවුරුද්දේ අවසන් වුණා.
(iii) දැනට අනුමත කාර්ය මණ්ඩලය විටින් විට සපයා ගෙන යනවා, අපි බඳවා ගන්නා ආකාරය අනුව. ඒ වාගේම එහි මතු වී තිබෙන සෞඛ්‍ය කාර්ය සහායකයින්ගේ ප්‍රශ්නයට තවත් සති කිහිපයක් යනකොට උත්තරයක් ලැබේවි. ඒ වාගේම වෛද්‍යවරු බඳවා ගන්නා ආකාරයට සහ හෙදියන් බඳවා ගන්නා ආකාරයට ඉතුරු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ලබා දෙමින් ඉන්නවා.
(iv) · මම කලින් කිව්වා වාගේ, අමාත්‍යාංශයේ දැනට පවතින ප්‍රතිපාදන මඟින් ඉදිකිරීම් කටයුතු සහ උපකරණ ලබා දීම කරගෙන යනවා.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2026-01-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks