01

E   |     |  

 දිනය: 2025-09-09   පිළිතුර ලබා දී ඇත 

1112/2025: නැ‍‍ඟෙනහිර පළාතේ රජයේ පාසල්: ගුරු පුරප්පාඩු

1112/2025

ගරු රොෂාන් අක්මීමන මහතා,— අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට,—

(අ)         (i)       නැගෙනහිර පළාතේ රජයේ පාසල්වල උග්‍ර ගුරු හිඟයක් පවතින බව  පිළිගන්නේද;

             (ii)      එසේ නම්, එම පළාතේ පවතින ගුරු පුරප්පාඩු සංඛ්‍යාව එක් එක් දිස්ත්‍රික්කය සහ විෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2025-09-09

අසන ලද්දේ

ගරු රොෂාන් අක්මීමන මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)        නැ‍ඟෙනහිර පළාතෙහි ජාතික පාසල්හි යම් යම් විෂයන් සඳහා උග්‍ර ගුරු හිඟයක් පවතින බව නිරීක්ෂණය නොවන අතර ඇතැම් විෂයන්හි (ගණිතය, භූගෝල විද්‍යාව, පුරවැසි අධ්‍යයනය, උ/පෙළ ඉංග්‍රීසි) ගුරු හිඟයක් පවතී. නමුත් නැඟෙනහිර පළාතෙහි පළාත් පාසල්හි සැලකිය යුතු ගුරු පුරප්පාඩු         සංඛ්‍යාවක් පවතින බව නැ‍ඟෙනහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ විසින් ලබා දී ඇති තොරතුරු අනුව නිරීක්ෂණය වේ.

              (ii)        නැඟෙනහිර පළාතේ ජාතික පාසල්වල පවතින ගුරු පුරප්පාඩු එක් එක් දිස්ත්‍රික්කය සහ විෂය අනුව වෙන් වෙන් වශයෙන් ඇමුණුම 01** මඟින් ද, පළාත් පාසල්වල පවතින ගුරු පුරප්පාඩු එක් එක් දිස්ත්‍රික්කය සහ විෂය අනුව වෙන් වෙන් වශයෙන් ඇමුණුම ‍02** මඟින් ද ඉදිරිපත් කර ඇත.

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2025-09-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ආචාර්ය හරිනි අමරසූරිය, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks