පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1104/2025
ගරු සුරංග රත්නායක මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වර්ෂ 2023, 2024 සහ 2025 වර්ෂයේ පළමු කාර්තුව තුළ ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන ලද බඩඉරිඟු ප්‍රමාණය සහ ආනයනය කරන ලද බඩඉරිඟු ප්‍රමාණය එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් මෙට්‍රික් ටොන්වලින් කොපමණද;
(ii) ශ්‍රී ලංකාවේ බඩඉරිඟු නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම සඳහා මේ වනවිට සකස් කර ඇති වැඩපිළිවෙළ කවරේද;
(iii) ශ්‍රී ලංකාවේ බඩඉරිඟු අස්වැන්න නෙළන කාලවලදී ගොවියාට සාධාරණ මිලක් ලබා දීමට හැකියාවක් තිබේද;
(iv) බඩඉරිඟු මිල උච්ඡාවචනය වීම පාලනය කිරීම සඳහා සකස් කර ඇති වැඩපිළිවෙළ කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-09-23
අසන ලද්දේ
ගරු සුරංග රත්නායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු කථානායකතුමනි, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙනවා.
(අ) (i)
|
වර්ෂය |
වගා වපසරිය (හෙක්.) |
නිෂ්පාදනය (මෙ.ටො.) |
ආනයනය කළ ප්‍රමාණය (මෙ.ටො) |
||
|
|
|
|
බීජ සඳහා |
බීජ නොවන |
එකතුව |
|
2023 |
75,982 |
221,249 |
1,181 |
196,061 |
197,242 |
|
2024 |
72,701 |
223,496 |
1,681 |
251,843 |
253,524 |
|
*2025 |
90,766 |
341,595 |
58 |
67,876 |
67,934 |
*2025 මුල් කාර්තුව - 2024/25 මහ අවසන් භෝග පුරෝකථන වාර්තාව
නව රජය විධියට අපි බඩඉරිඟු නිෂ්පාදනයට අදාළ ප්‍රවර්ධන වැඩසටහනක් ආරම්භ කළා. ඒ අනුව වගා වපසරිය එනවා, හෙක්ටෙයාර 90,766ක්. නිෂ්පාදනය මෙට්‍රික්ටොන් 341,595ක්. ආනයනය කරනවා, මෙට්‍රික්ටොන් 67,934ක්. ඒ අනුව, ආනයනය කරන ප්‍රමාණය අඩු කර ගැනීමට මේ වනවිට කටයුතු කරමින් තිබෙනවා.
(ii) · බඩඉරිඟු කර්මාන්තයේ ඉදිරි සැලැස්ම ලෙස 2026 සිට 2030 දක්වා සැලසුම් සකස් කර ඇති අතර, දැනට පවතින මුළු නිෂ්පාදනය හෙක්ටෙයාරයට මෙට්‍රික්ටොන් 6.1ක් දක්වා ඉහළ නංවමින් නිෂ්පාදන පිරිවැය අවම කිරීමටත් සැලසුම් සකස් කර ඇත.
· රටේ අවශ්‍යතාවෙන් දේශීයව සපයා ගන්නා ප්‍රමාණය වැඩි කර ගනිමින් ආනයනය කරන ප්‍රමාණයද ක්‍රමානුකූලව අඩු කිරීම ඔස්සේ දේශීය බඩඉරිඟු ගොවීන් දිරිගැන්වීමට බලාපොරොත්තු වේ.
· රටේ සමස්ත නිෂ්පාදනයට ඉහළම දායකත්වයක් ලබා දෙන අනුරාධපුර, මොනරාගල, බදුල්ල, අම්පාර යන දිස්ත්‍රික්ක මූලික කර ගනිමින් අස්වනු ඉහළ නැංවීමට බඩඉරිඟු වගා තාක්ෂණික පැකේජය වැඩි වශයෙන් ප්‍රචලිත කිරීම.
· ඉහළ අස්වනු විභවයක් සහිත දෙමුහුන් ප්‍රභේද හඳුන්වාදීමට සැලසුම් සකස් කර ඇත.
· බඩඉරිඟු කර්මාන්තය හා සම්බන්ධ ගොවීන් ඇතුළු අගයදාමයට සම්බන්ධ සියලු පාර්ශ්ව සම්බන්ධ කර ගනිමින් බඩඉරිඟු කාර්ය සාධන බලකායක් පිහිටුවා ඇත.
· බඩඉරිඟු වගා කරන ගොවීන් සම්බන්ධ කර ගනිමින් ශක්තිමත් සමුපකාර සමිති ජාලයක් පිහිටුවා එය පුළුල් කිරීමේ කටයුතු මේ වන විට සිදු වෙමින් පවතී. අනුරාධපුර දිස්ත්‍රික්කය පුරා සමුපකාර සමිති නිර්මාණය කර ඇත.
· මෙම වසරේදී කෘෂි සමුපකාර සමිතිවලට වියළීමේ යන්ත්‍ර - dryers - ලබාදීමට බලාපොරොත්තු වේ. ඒ මඟින් බඩඉරිඟුවල තෙතමනය සියයට 14ක් වන තෙක් වියළා නිෂ්පාදනවල දිලීර - aflatoxins - ඇතිවීම අවම කිරීමට සැලසුම් සකස් කර ඇත.
· පෙර අස්වනු අවස්ථාවේ ඇති වන දිලීර හානි / ආසාදන - aflatoxins - අවම කර, ඒවා ඇතිවීම වැළැක්වීමට අවශ්‍ය පසුඅස්වනු තාක්ෂණය බඩඉරිඟු නිෂ්පාදන හා අළෙවි සමුපකාර සමිති හරහා ලබා දීම සිදු වේ.
· සමුපකාර සමිති හරහා නිෂ්පාදිත බඩඉරිඟුවල දිලීර - aflatoxins - ඇතිවීම වළක්වාලන ලෙස ගබඩා කර අවශ්‍යතාව අනුව ත්‍රිපෝෂ සමාගම වෙත ලබා දීමට කටයුතු කරන මෙන් ආහාර ප්‍රවර්ධන මණ්ඩලයෙන් හෝ වී අලෙවි මණ්ඩලයෙන් ඉල්ලීමක් කිරීමට බඩඉරිඟු කාර්ය සාධන බලකාය හරහා සිදු කර ඇත.
(iii)
|
කන්නය |
වාරි ක්‍රමය |
ප්‍රදේශය |
නිෂ්පාදනය පිරිවැය (කිලෝග්‍රෑමයට රුපියල්) |
සාමාන්‍ය අස්වැන්න (හෙක්ටෙයාරයට මෙට්‍රික් ටොන්) |
|
2023/24 මහ |
වර්ෂාපෝෂිත |
අනුරාධපුර |
89.97 |
3.78 |
|
|
|
අම්පාර |
111.67 |
2.9 |
|
|
|
මොනරාගල |
93.03 |
2.94 |
|
2024 යල |
ජල සම්පාදිත |
බදුල්ල |
111.70 |
4.48 |
|
|
|
මහවැලි H |
102.79 |
4.35 |
· ඉහත නිෂ්පාදන පිරිවැය පවුලේ ශ්‍රමය සඳහා ද මිල ඇතුළත්ව ගණනය කර ඇති අතර, 2023/24 මහ කන්නයේ පැවති වර්ෂා තත්ත්වය නිසා සාමාන්‍ය අස්වැන්නේ අඩුවීමක් පෙන්නුම් කර ඇත.
මෙවර 2024/25 මහ කන්නය සඳහා හෙක්ටෙයාරයකට මෙට්‍රික් ටොන් 4.5ක සාමාන්‍ය අස්වැන්නක් ලබා ගන්නා ගොවියෙක් සඳහා රුපියල් 106ක නිෂ්පාදන පිරිවැයක් ලෙස ඇස්තමේන්තු කර නිෂ්පාදන පිරිවැයට සියයට 30ක ලාභයක් සහිතව රුපියල් 135ක ගොවිපොළ මිලක් ප්‍රමිතියෙන් යුතු බඩඉරිඟු කිලෝ එකක් සඳහා නියම කිරීමට බඩඉරිඟු කාර්ය සාධන බලකා සාකච්ඡාවේදී සියලු ගොවි සමිති නියෝජනයෙන් හා අගයදාම නියෝජිතයන්ගේ එකඟත්වයෙන් තීරණය විය.
(iv) පහත සඳහන් කටයුතු බඩඉරිඟු කාර්ය සාධන බලකාය සම්බන්ධීකරණය යටතේ සිදු කිරීමට අවශ්‍ය මූලික සාකච්ඡා සිදු කර ඇත.
· සෑම වර්ෂයකම මැයි මස වන විට ඉදිරි වර්ෂය සඳහා අවශ්‍ය බඩඉරිඟු ප්‍රසම්පාදනය සඳහා අවශ්‍ය නිර්ණායක නිර්දේශ කිරීම.
· බඩඉරිඟු ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන සමාගම වෙත සෞඛ්‍යාරක්ෂිත - ප්‍රධාන වශයෙන් aflatoxin රහිත - අස්වනු නිෂ්පාදනය කර සැපයීම.
· බඩඉරිඟු නිෂ්පාදන හා අළෙවි සමුපකාර සමිති සම්බන්ධීකරණය කිරීම.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-09-23
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නාමල් කරුණාරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks