පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
.
අසන ලද දිනය
2026-04-07
අසන ලද්දේ
ගරු එස්. එම්. මරික්කාර් මහතා, පා.ම.
අමාත්‍යාංශය
වරාය සහ සිවිල් ගුවන් සේවා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) බදුකරු ලෙස ක්‍රියාත්මක වෙන්නේ, SASOF IV (AI) AVIATION IRELAND DAC සමාගම.
සේවා සම්පාදක හැටියට කටයුතු කරන්නේ, Carlyle Aviation Management Limited.
(ii) 2024 පෙබරවාරි මාසය වනවිට ශ්‍රීලන්කන් ගුවන් සේවා සමාගමට අයිතිවෙන A330 ගුවන් යානා 05ක් ඉවත්වීමට නියමිතව තිබුණා. 2022 අග භාගයේදී ආරම්භ කළා, ගුවන් යානා ප්‍රතිස්ථාපනය කිරීමේ වැඩ පිළිවෙළක්. A330 ගුවන් යානා ලබා ගැනීමේ වැඩ පිළිවෙළ තමයි එතැනදී ක්‍රියාත්මක වුණේ. ඒ අනුව වසර 4ක් හෝ ඊට වැඩි කාලයක් සඳහා A330 ගුවන් යානා 05ක් බදු පදනම මත ලබා ගැනීම සඳහා 2023 වසරේදී කටයුතු ආරම්භ කළා, අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ අනුමැතිය සහිතව. අදාළ ලන්සුකරු තෝරාගෙන කොන්ත්‍රාත් ප්‍රදානය කිරීමට සහ අදාළ ගුවන් යානා බදු ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ අනුමැතිය ලබාගෙන තිබෙනවා. ඒ අනුව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය යටතේ තමයි මේ කල්බදු ගිවිසුම ඇතිකරලා තිබෙන්නේ.
(iii) 2011 නොවැම්බර් මාසයේදී.
(iv) ගුවන් යානය ලබාගෙන තිබෙන්නේ කුලී පදනම මත නොවෙයි.
(v) ගුවන් යානය අරගෙන තිබෙන්නේ, බදු වාරික ගෙවීමේ පදනම මත.
(vi) මාසික බදු වාරිකය ඇමෙරිකානු ඩොලර් 275,000යි.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2026-04-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අනුර කරුණාතිලක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks