පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1072/2025
ගරු අජන්ත ගම්මැද්දෙගේ මහතා,— වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) මාතර දිස්ත්‍රික්කයේ රජයේ ඉඩම් අතරින් පෞද්ගලික වතු සමාගම්වලට ලබාදී දී ඇති ඉඩම් ප්‍රමාණය කොපමණද;
(ii) එම ඉඩම් ලබාදී ඇති එක් එක් වතු සමාගමේ නම, ලබාදී ඇති ඉඩම් ප්‍රමාණය සහ එම ඉඩම්වල වගා කර ඇති භෝග වෙන් වෙන් වශයෙන් කවරේද;
(iii) ඉහත වතු සමාගම්වලට ලබාදී ඇති ඉඩම් අතරින් වගා කටයුතු සිදුකර ඇති ඉඩම් ප්‍රමාණය කොපමණද;
(iv) ඉහත වතු සමාගම් අතරින්, ලබාදී ඇති ඉඩම්වල වගා කටයුතු සිදුකර නොමැති වතු සමාගම් කවරේද;
(v) එම ඉඩම් නැවත රජයට පවරා ගැනීමට සැලසුම් කර තිබේද;
(vi) ඉහත වතු සමාගම්වලින් රජයට අයවිය යුතු ආදායම් නියමිත පරිදි අයවී තිබේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-08-07
අසන ලද්දේ
ගරු අජන්ත ගම්මැද්දෙගේ මහතා, පා.ම.
අමාත්‍යාංශය
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) හෙක්ටෙයාර 8,410.28යි.
(ii) තොරතුරු පහත වගුවේ දැක්වේ.
|
වැවිලි සමාගම |
දිස්ත්‍රික්කය |
වතුයාය |
මුළු බිම් ප්‍රමාණය (හෙක්.) |
වගා කළ මුළු බිම් ප්‍රමාණය (හෙක්.) |
තේ (හෙක්.) |
රබර් (හෙක්.) |
පොල් (හෙක්.) |
ඔයිල් පාම් (හෙක්.) |
වෙනත් (හෙක්.) |
වන වගා (හෙක්.) |
|
නමුණුකුල |
මාතර |
අකුරැස්ස |
807.54 |
620.67 |
51.00 |
254.24 |
45.94 |
188.70 |
46.30 |
34.49 |
|
|
|
හුලන්දාව |
676.24 |
336.07 |
51.27 |
48.99 |
- |
235.81 |
0.00 |
- |
|
|
|
තැන්නහේන |
593.01 |
409.88 |
20.28 |
43.44 |
- |
290.41 |
2.25 |
53.50 |
|
|
|
|
2,076.79 |
1,366.62 |
122.55 |
346.67 |
45.94 |
714.92 |
48.55 |
87.99 |
|
තලවකැලේ |
|
දෙනියාය |
691 |
319.36 |
213.16 |
13.55 |
5.00 |
- |
50.95 |
36.70 |
|
|
|
ඉන්දොළ |
300.64 |
227.94 |
82.39 |
77.64 |
20.47 |
- |
18.19 |
29.25 |
|
|
|
කිරිවාණගඟ |
516.88 |
442.79 |
329.65 |
- |
9.77 |
- |
54.87 |
48.50 |
|
|
|
|
1,508.52 |
990.09 |
625.20 |
91.19 |
35.24 |
0 |
124.01 |
114.45 |
|
මතුරට |
|
අන්දපාන |
348.95 |
281.23 |
24.75 |
80.34 |
51.85 |
118.54 |
0.00 |
5.75 |
|
|
|
අනින්කන්ද |
624.00 |
298.73 |
107.37 |
6.00 |
3.00 |
5.00 |
30.50 |
146.86 |
|
|
|
බෙවර්ලි |
425.54 |
247.29 |
94.75 |
- |
- |
- |
21.00 |
131.54 |
|
|
|
දිද්දෙනිපොත |
685.60 |
480.01 |
173.61 |
162.87 |
2.51 |
0 |
120.49 |
20.53 |
|
|
|
එන්සල්වත්ත |
2,230.38 |
528.88 |
343.85 |
38.78 |
- |
- |
6.00 |
140.25 |
|
|
|
විල්පිට |
510.50 |
295.95 |
17.44 |
77.15 |
67.75 |
- |
133.61 |
- |
|
|
|
|
4,824.97 |
2,132.09 |
761.77 |
365.14 |
125.11 |
123.54 |
311.60 |
444.93 |
(iii) හෙක්ටෙයාර 4,488.80
(iv) ඔබතුමා විමසීම් කරන්නේ වගා නොකළ, වගා කළ හැකි ඉඩම් යැයි සලකා අපි පිළිතුරක් සූදානම් කරලා තිබෙනවා. ඒකත් දීර්ඝ වගුවක්. ඔබතුමා අහනවා නම් ඒකත් කියවන්න පුළුවන්. නැත්නම්, ඇමුණුම මඟින් තොරතුරු ඉදිරිපත් කරනවා. ඇමුණුම සභාගත* කරමි.
(v) රජය හා වැවිලි සමාගම් අතර විවිධ කොන්දේසි ඇතුළත් බදු ගිවිසුම් තමයි ගහලා තිබෙන්නේ. ගිවිසුම් වර්ග කිහිපයක් තිබෙනවා. ඒවා නිරීක්ෂණය කරලා අපි ඉදිරි සමාලෝචනයක් කරලා ඔබතුමා අහන ප්‍රශ්නයට ඉදිරියේදී තීන්දු ගන්න සූදානම් කරලා තිබෙනවා.
(vi) ඔව්. එම වැවිලි සමාගම් විසින් නියමිත කාල පරිච්ඡේදයට අදාළ බදු කුලිය සම්පූර්ණයෙන් ගෙවා ඇති අතර, 2025 වර්ෂයේ පළමු හා දෙවන කාර්තුවේ බදු කුලිය ද පහත පරිදි ගෙවා ඇත.
1. මතුරට වැවිලි සමාගම - රුපියල් 13,456,555.00
2. නමුණුකුල වැවිලි සමාගම - රුපියල් 56,635,182.00
3. තලවාකැලේ වැවිලි සමාගම - රුපියල් 34,914,861.00
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-08-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු කේ.වී. සමන්ත විද්‍යාරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks